ඉන්දිකා රාමනායක
රුපියල් ලක්ෂයකට අධික වටිනා මත්කුඩු තොගයක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයකු අද (1) දහවල් අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
මෙම සැකකරු ග‍්‍රෑම් 1 හොරොයින් පැකට් 10 පාර්සල් කර ඒවා ශරීරයේ සඟවාගෙන අධිකරණය තුළට ඇතුළු වීමට උත්සහ කිරීමේදී අධිකරණයේ රාජකාරියේ නිරත කෙසෙල්වත්ත පොලිසියේ කණ්ඩායමක් සැකකරු පරීක්ෂා කර මේවා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරු මේවා රැගෙන ගොස් ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගරයේ සිටින ඔහුගේ මිතුරන් පිරිසක් වෙත ලබාදීමට බව ප‍්‍රශ්න කිරීමේදී හෙළිකර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එතැනට පිටින් රැගෙන ආවේ? ඇතුළෙන් අඩුවට ගන්න බැරිද? අනික කළු කොට කාරයෝ වුණත් අසාධාරණ ලෙස බිස්නස් කරන්නේ නැහැ...
"එල්ලුම් ගහට" හොඳටම බයවෙලා වගෙයි..!
"එල්ලුම් ගහට" හොඳටම බයවෙලා වගෙයි ..!
යුනිට් එකෙත් නැහැනේ..
මේකෙන් පේනවා රටේ නිතියක් නැති බව අධිකරණයට කුඩු ගෙන්න පුලුවන්නම් අනෙක් ස්ථාන ගැන කවර කතාද?