IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධිකරණයට අපහාස කිරීම ගැන විමසන්න විග්නේෂ්වරන් උසාවි කැඳවයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැප්තැම්බර් මස හත් වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද (08) උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට නොතීසි නිකුත් කළේය.

 
මෙසේ කරුණු දක්වන මෙන් නොතීසි නිකුත් කරනු ලැබූ  සෙසු පළාත් අමාත්‍යවරුන් වන්නේ ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන අයයි.
 
අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනී වික‍්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කිරීම සිදු කර තිබේ.
 
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය මෝසම මඟින් සඳහන් කර සිටින්නේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
 
නමුත් එම නියෝග ක‍්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද  හිටපු අමාත්‍යවරයා සිය මෝසමෙන් අධිකරණයට පෙන්වා දේ.



අදහස් (3)

අධිකරණයට අපහාස කිරීම ගැන විමසන්න විග්නේෂ්වරන් උසාවි කැඳවයි

amila Wednesday, 08 August 2018 12:12 PM

පුළුවන් නම් අවුරුදු 20කට විතර හිරේ යවන්න.

:       0       222

nuwan Wednesday, 08 August 2018 09:57 PM

පුලුවන්නම් නීතිය සැමට සාධාරනයි කියලා පෙන්වන්න. අර හාමුදුරුවන්ව අවුරුදු 6 කට හිරේ දැම්මනම්. බලමු යහපාලන නීතිය සාධාරනද කියලා නැත්නම් ….

:       0       0

Bamunuarachchi Thursday, 09 August 2018 03:58 AM

මෙයත් කරලා තිබෙන්නේ උසාවියට අපහාසයක්නම් මෙයත් අවුරුදු 6 ට හිරේ යාවිද කියා බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31333 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13541 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site