(නිමන්ති රණසිංහ)
කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු වර්ග කිරීම, අංකනය කිරීම සහ වර්ණ කේත හඳුන්වා දීමේ නව වැඩපිළිවෙළක් අධිකරණ සේවා කොමිෂන් සභවේ අවසරය මත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (24) දින සිට අතර කි‍්‍රයාත්මක කර තිබේ.
එක් එක් අධිකරණයේ නඩු වාර්තාවල එම වාර්තා කේතය සහිත ස්ටිකරයක් ඇලවනු ලබන අතර එක් එක් අධිකරණවලට අදාළ නඩු භාණ්ඩ සහ එම අධිකරණයට අදාළ ලේඛණ සඳහා ද එම වර්ණ කේතය භාවිතා කරනු ලැබෙන බවද සඳහන් වෙයි.
එක් එක් පොලිස් ස්ථාන සඳහා වෙනම සංඛේතයක් සහ පොලිසියේ වෙනත් කාර්යාංශ සහ රජයේ අනෙකුත් දෙපාර්තමේන්තුව සඳහා සංකේත සහ කේත අංක ද මෙම වැඩපිළිවෙළ යටතේ කි‍්‍රයාවට නංවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කලත් වැඩක් නැහැ නඩු ඉක්මණට අහලා ඉවර කරන්නේ නැත්නම්.
ඔය වර්ගීකරණය පරිගණක ගත කරලා නඩු ප්‍රමාද වෙන්නේ මොන උසාවියේද, නඩුවලට අවම කාලයක් ගන්නේ මොන උසාවියද, නඩු සාර්ථකව හෝ අසාර්ථකව මෙහෙයවන්නේ මොන පොලිසියද ආදී වශයෙන් සංඛ්‍යා ලේඛන සකස් කරලා ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් වටිනවා. එතකොට ජනතාවටත් පුළුවන් ඔය ආයතන ගැන තක්සේරුවක් කරන්න. අපි අහල තියෙනවා නඩුවලින් 4% ක් පමණයි ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ කියල.