(රංජිත් රාජපක්‍ෂ )
 
දිඹුල බෝගහවත්ත ප‍්‍රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවකුගේ මළසිරුර අද (12) බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි සොයාගත් බව දිඹුල පොලිසිය පවසයි.

ඊයේ (11) පස්වරුවේ සිට මෙම දරුවා අතුරුදන්ව සිටි බව කියැවේ.එම දරුවා ඇළට වැටුණු ආකාරය පිළිබදව දිඹුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරම්භ කර තිබේ.