(නිමල කොඩිතුවක්කු)
අතුරුදන්වීමේ කාර්යාලය රණවිරුවන්ට විරුද්ධව සාක්කි මවන ෆැක්ටරියක් බවට පත්ව ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(19) කොළඹදී පැවසීය.
රණවිරුවන් සුරකින බවට ප‍්‍රතිඥා දෙන ජනපති අතුරුදන්වීමේ කාර්යාලය වසා දැමීමට වහාම පියවර ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී එළිය සංවිධානය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේද කීය.
‘‘එක්සත් ජාතීන්ගේ විවිධ කණ්ඩායම් තිහයි එක කියන ජිනීවා යෝජනාවලට අනුව දැන් වරින් වර අපේ රටට පැමිණෙමින් සිටිනවා. මානව හිමිකම් කඩකිරීම්, වධහිංසා, බලහත්කාරයෙන් රඳවා ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පසුගියදා පැමිණියා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශ නියෝජිතයන්ට කාශ්මීරයට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු වලට විදේශීය රටවල් ඇඟිලි නොගැසිය යුතුය කියන ස්ථාවරයේ ඉන්දීය රජය සිටිනවා. ඕනම කෙනකුට අපේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න අපේ නායකයෝ අවසර දීලා තියෙනවා. අපේ මුළු රටේ ජනතාවටම කරන නිග‍්‍රහයක් විදියට තමයි අපි එය සළකන්නේ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අතුරුදහන් වුන උන් ඔක්කොම ඉන්නේ යුරෝපෙයි කැනඩාවෙයි. අපි අපිටම දඬුවම් කර ගන්නවා.
අපොයි ,දැන් ඕවට කතා කරන්න ඉන්නෙත් වීරසේකර වගේ කිහිපදෙනයි.
රටේ අතුරුදහන් වූ අයට මිසක් නිකමුන්ට ඒ ගැන කැක්කුමක් කොහෙන්ද? එදා ඉදන්ම අද්මිරාල් රාජපක්ෂලට කඩේ යනව. මේ අතුරුදහන්වූ වැඩි පිරිසක් ද්‍රවිඩ මිනිස්සු නිසා උන්ට අපේ රටේදි ඕන දෙයක් කරන්න අපිට පුලුවන් කියලද මේ කියන්නෙ..
ඔය කතාවම හිටපු එතනෝල් වලට ප්‍රසිද්ධ ඇමතියෙක් කිව්ව.රාජපක්ෂලගෙන් ලකුණු දාගන්න පාර්ලිමේන්තුවේදි දීන ප්‍රකාශයක් කලා (ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේදී හමුවූ බව)
වැරදි කරලා නැත්නම් මොකටද බයවෙන්නේ?
වැරදි කරලා නැතිනම් මොකටද බය වෙන්නේ? හලෝ 2009 රාජපක්ෂලා මේ අද්මිරාල්වරුන්ගේ කැපවීමෙන් යුද්ධය ඉවරකළා. දැන් ඇඳ යටින් එළියට එනවා. ඇඳ යට ඉඳන් විකාර කරන්නේ නැතිව. යුද්දෙට බයේ ඇඳයට රිංගලා ජරා කලානම් ඒවත් හෝදලා දාන්න. දැන් හමුදාවේ වැරදි හොයනවා ඒකාලේ හමුදාවට පින් දෙනවා.
දැන් ඔක්කෝටම දෙමල්ලු ගැන ලොකු අනුකම්පාවක් ඇතිවෙලා. අර කෙන්ට් ඩොලර් ෆාම් වල සිංහල දරුවන්ට කළ දේ දකින්න... මේ ගොල්ලෝ ඒකාලේ ඉපදිලා නොහිටින්න ඇති නේද?