IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අත්තනගලු ඔය මහ ගංවතුරකට ළං වෙයි

 

(ඩයනා උදයංගනී)           

අත්තනගලූ ඔයේ ජල මට්ටම මහ ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ‍්‍රිතව දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගලූ ඔයේ ජල මට්ටම දුනමලේ ජල මාපකය අනුව අද (25) සවස 4.00 වන විට මීටර 5.41ක් වන අතර එය මීටර 5.5 ක් දක්වා ඉහළ ගියහොත් මහ ගං වතුර මට්ටමක් වන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.

එබැවින් මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප‍්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලකින් සිටිය යුතු බව ද ඇය කීවාය.

මීට අමතරව කැලණි ගඟේ සහ මා ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අද (25) යළිත් ගං වතුර අවදානම් නිවේදන නිකුත් තිබේ.


 


කැලණි ගඟේ සහ අත්තනගලූ, මා ඔයවල ජල මට්ටම යළිත් ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් යළිත් ගං වතුර අවදානම් නිවේදන නිකුත්කර තිබේ.

වැසි තත්ත්වය ඊයේ (24) රාත‍්‍රීයේ දී යළිත් වැඩිවීම හේතුවෙන් මෙම ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඉදිරි කාලයේ දී වැසි අඩු වුවහොත් එම අවදානම පහව යනු ඇතැයි  වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.

කැලණි ගඟේ ජල මට්ටම, නාගලගම්වීදිය, හංවැල්ල, ග්ලේන්කොස්, හොලොම්බුව යන මිනුම් ස්ථාන වලින් ඉහළ ගොස් ඇති අතර මා ඔයේ ජල මට්ටම බඩල්ගම සහ ගිරිඋල්ල මිනුම් ස්ථානයන්ගෙන්ද, අත්තනගලූ ඔයේ දුනමලේ මිනුම් ස්ථානයෙන් ද ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ඇය කීවාය.

එබැවින් එම ගංඟා අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද ඇය කීවාය.

මහවැලි, කළු, නිල්වලා සහ ගිං යන ගංඟාවල ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද මාලා අලවතුගොඩ මහත්මිය ප‍්‍රකාශ කළාය.

ඇය මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ සියලූ ජලාශ, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ලූණුගම්වෙහෙර ජලාශය හැර අන් සියලූ ජලාශ, මාතලේ දිස්ත‍්‍රික්කයේ සියලූ ජලාශ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දැදුරු ඔය, මාගල්ල ජලාශ, පුත්තලම දිස්ත‍්‍රික්කයේ තබ්බෝව ජලාශය ආදිය ද මේ අතර වේ.

නමුත් මඩකලපුව, අනුරාධපුර ආදී දිස්ත‍්‍රික්කයන්හි ජලාශවල ජල පෝෂක ප‍්‍රදේශයන්ට තවමත් ප‍්‍රමාණවත් වැසි ලැබී නොමැති බැවින් එම දිස්ත‍්‍රික්කයන්හි බොහෝ ජලාශවල ජල මට්ටම තවමත් අඩු මට්ටමක පවතින බව ද ඇය කීවාය. 



අදහස් (0)

අත්තනගලු ඔය මහ ගංවතුරකට ළං වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site