(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් මෙයින් ශ්‍රී ලංකාවට අඩු බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට මෙම අඩු පීඩන කලාපය ත‍්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 800ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති අතර එය ඉදිරි පැය 6ත් 12ත් අතර කාලයේදී පීඩන අවපාතයක් බවට පත්වී බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයෙන් උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
මෙහි බලපෑමෙන් දිවයිනේ ඊසානදිග සහ නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් දුරින් වන මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර 80, 100 තරම් වේගවත් තද සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බවත්, හම්බන්තොට සිට ත‍්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප‍්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට