(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව ආශ‍්‍රිතව පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් හෙට (30) සිට එහි බලපෑම ක‍්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම අඩුපීඩන කලාපය මේ වන විට දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප‍්‍රදේශයේ පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
එසේ වුවත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල හෙට (30) පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවන බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.
බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවන බව ද මෙරිල් මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.
බස්නාහිර සහ දකුණු පළාත්වල පැයට කිලෝමීටර 50 පමණ වේගවත් සුළං හමන බව ද ඔහු පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
එමෙන්ම ත‍්‍රිකුණාමලය සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව ඔහු කීවේය.
මේ හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම අවදානම් වන අතර නාවුක ප‍්‍රජාවද අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
අම්බලන්ගොඩ සිට මාතර දක්වා වන වෙරළාසන්න මුහුදු ප‍්‍රදේශවල මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් ඇති බැවින් රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බව මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර අද (29) පෙරවරු 8.30 න් පසු ගතවූ පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 220 ක වර්ෂාපතනයක් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වෙහෙරගල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට
Amila Tuesday, 29 October 2019 12:00 PM
ඒක නම් ලොකු දෙයක්