( බිඟුන් මේනක ගමගේ)
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබුවේ යැයි කියන වදහිංසා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් කර ඇත.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ජුආන් ෆර්නැන්ඩස් මහතා මුණගැසී කරුණු දක්වා මෙම පැමිණිල්ල කළ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා 'ලංකාදීප' යට පැවසීය.
මෙම පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් පැමිණිලි කළ ද රාජ්‍ය පාර්ශ්වයෙන් පරීක්ෂණවලට ප්‍රමාණවත් සහායක් නොදෙන නිසා මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට පැමිණිලි කළ බව නීතිඥවරයා කීය.
ඒ අනුව එක්සත් ජාතින්ගේ සංවිධාන නියෝජිතයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්නේ යැයි පැවසූ බව ද නීතිඥ සේනක පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
හරියටම හරි මොවුන්ට දැඩි දඬුවම් දෙන්න ...
මෙතන වරදක් වෙලා නැහැ කියන්නේ නැහැ. නමුත් අපේ රටේ නීති රාමුවක් තියෙනවා. එමගින් මෙම ගැටළුවට විසඳුම් සෙවිය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් කමිටු තුනක් විෂය බාර ඇමතිතුමිය පත්කරලා තියෙන්නේ. අනිත් එක අප්ප බානවා වගේ හිතෙන හිතෙන කෙනාව අත්අඩංගුවට ගන්න බැහැ. අනිත් එක මේ සංවිධානය පහුගිය කාලේ කරපු දේවල් වලින් මනාවට පැහැදිලි වෙනවා එන්.ජී.ඕ. න්‍යාය පත්‍රයක් මත මුදල් හොයන නඩයක් කියලා. නැත්නම් මේ වැඩේ වෙලා බොහොම සුළු කාලයකින් UN එකට දිව්වේ මොකද? මොකද මුදල් ලැබිල තියෙනවා එහෙම කරන්න.