අග්‍රාමාත්‍යවරයකු සෘජුව තෝරා පත් කරගැනීමේ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතේ ඇතුළත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මේ අනුව නව අගමැතිවරයකු සෘජුව තෝරා පත්කරගැනීම, අග්‍රමාත්‍ය ධුරය සඳහා කලින් නමක් යෝජනා කිරීම සහ දැනට පවත්නා වෙස්ට්මින්ස්ටර් ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
අග්‍රමාත්‍යවරයකු පත් කිරීම ඇතුළුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතක් නව අංග සමඟ ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
එහෙත් මෙම නව අංග සම්බන්ධයෙන් සියලු පක්ෂ එකඟතාව පළ කරනු ඇත්දැයි අවිනිශ්චතාවක් උද්ගත වී තිබේ.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය නව අංග සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැති නමුත් අනෙක් පාර්ශවයේ ස්ථාවරය දැනගැනීම අරමුණින් බලා සිටින බව ද වාර්තා වේ.
අතුරු වාර්තාවක් වශයෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ප්‍රථම වරට සකස් කරන ලද අතර ඉකුත් මැයි මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත යාවත්කාලීන කර තිබේ.
මැතිවරණයක් මත පදනම් වෙමින් අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වැඩි අවධානය යොමු වී තිබෙන අතර ඒ සඳහා මැතිවරණයේදී අග්‍රාමාත්‍යධුරය සඳහා ඕනෑම පක්ෂයකට නමක් යෝජනා කිරීම හෝ ඕනෑම පක්ෂයකට වෙනත් පක්ෂයක හෝ කණ්ඩායමක පුද්ගලයකු අග්‍රාමාත්‍යධුරය සඳහා නමක් යෝජනා කිරීම හෝ අග්‍රාමාත්‍යධුරය සඳහා නමක් යෝජනා කිරීමෙන් වැළැකී සිටීමට හැකි අයුරින් දැක්වෙන වගන්ති යාවත්කාලීන කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අංශ නවයක් සම්බන්ධයෙන් වගන්තියෙන් වගන්තිය පිළිබඳ නැවත වරක් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදි රාජ්‍යයේ තත්ත්වය ද ඇතුළුව වත්මන් ව්‍යවස්ථාවේ ආරම්භක පරිච්ඡේද, ස්වෛරීත්වය සහ ආගම, ඉඩම් ද ඇතුළුව මූලධර්ම විමධ්‍ය ගත කිරීම, පළාත් ලැයිස්තුවේ විෂය සම්බන්ධයෙන් මධ්‍ය ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරය, අග නගරයේ භූමි ප්‍රදේශය, දෙවැනි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඡන්ද ක්‍රමය, විධායකය, ව්‍යවස්ථා සභාව සහ නීතිය හා සාමය යනු එම අංශය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් කෙටුම්පතක් වන බැවින් ඉදිරියේදී තවදුරටත් වෙනස්කම් සහ සංශෝධන සිදුවනු ඇතැයි ද වාර්තා වේ. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති වී තිබෙන අතර නිශ්චිත කාලයක් සඳහා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු පත් කරගත යුතු බවත් යෝජනා වී තිබේ. කෙසේ නමුත් පොදු එකඟතාවක් යනුවෙන් කෙටුම්පතේ සඳහන් කළේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වේ.
එමෙන්ම යාවත්කාලීන කරන ලද දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද පොදු එකඟතාවක් ඇති වී තිබේ. එම මන්ත්‍රී මණ්ඩලය පළාත් සභා නියෝජනය සඳහා වනු ඇතැයි පැවසේ. දෙවැනි මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 55 දෙනකුගෙන් සමන්විතය. මාරුකළ හැකි කේවල ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභාවෙන් පළාත් සභාවලින් 45 දෙනකුත් මාරු කළ හැකි කේවල ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවෙන් සාමාජිකයන් දස දෙනකුත් මෙම සභාව සඳහා තෝරා පත් කරගැනීමට යෝජනා වී තිබේ. එමෙන්ම එම පිරිස මහජන සේවයේදී හෝ සිය වෘත්තීය ජීවිතවලදී කීර්තිය සහ විශිෂ්ටත්වය අත්පත් කරගත් පුද්ගලයන් විය යුතු බව පැවසේ.
කෙටුම්පතෙන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය යෝජනා වී ඇති අතර අවසාන ප්‍රතිඵලයේ සමානුපාතික බව මෙන්ම සෘජුවම තෝරාපත් කරගන්නා ඡන්ද කොට්ඨාශවල සුරක්ෂිත කිරීම බව බලාපොරොත්තු වී තිබේ. ඉහළම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට නිශ්චිත ප්‍රසාද ආසන සංඛ්‍යාවක් දීම සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලෙද කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.
සම්පූර්ණ ආසන සංඛ්‍යාවක් 233ක් වන අතර එයින් සියයට 60ක් එනම් ආසන 140ක් කොට්ඨාශ හෙවත් ෆස්ට් පාස්ට් ද පෝස්ට් ක්‍රමවේදයටත් ඉතිරි සියයට 40 එනම් ආසන 93 අවසාන ප්‍රතිඵලයෙන් සමානුපාතික නියෝජනය පෙන්නුම් කිරීම සුරක්ෂිත කෙරෙන ආසන වේ. පුද්ගලයන් අවතැන්වීම නිසා ඇති වී තිබෙන විෂමතාවට වන්දියක් ලෙස උතුරු පළාතට විශේෂිත අමතර ආසන ප්‍රමාණයක් විශේෂිත කාල පරිච්ඡේදයක් සඳහා ලබාදීමට ද යෝජනා වී තිබේ.
කොට්ඨාශ ක්‍රමය හෙවත් ෆස්ට් පාස්ට් ද පෝස්ට් ආසන කේවළ සාමාජික කොට්ඨාශ ක්‍රමයටත් ද්විත්ව සාමාජික ආසන ක්‍රමයටත් තෝරා පත් කරගැනීමට යෝජනා වී තිබේ. සෑම ඡන්ද දායකයකුටම ඡන්ද දෙකක් තිබෙන එක් ඡන්ද පත්‍රිකාවක් ලැබේ. එක් ඡන්දයක් කේවළ සාමාජික කොට්ඨාශ ක්‍රමය යටතේ පවතින අපේක්ෂකයාට වන අතර අනෙක් ඡන්දය පක්ෂයටය.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 055
COMMENTS
වර්ග කිලෝමිටර් 65600 ක් මිලියන 20ක් ජිවත් වෙන මේ පුංචි දූපතට තවත් අගමැති ඡන්දයකුත්.. ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදී නම් ඡන්ද තියන්න. නීති ගේන්න කලින් ඡන්දය තියලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. සෙනට් එකක් නම් අවශ්‍ය වන්නෙම නෑ කියලයි මම හිතන්නේ. සෙනට් එකක් දාන්න කලින් පාර්ලිමේන්තුව හරියට හදාගන්න නීති ගේන්න. වෙස්මිනිස්ටර් ක්‍රමයෙන් ගත යුතු ආදර්ශ ඒවා. නිකමට බලන්න එංගලන්ත පර්ලිමෙන්තුවේ කතානායකගේ හැසිරිම.. එවැනි කතානායකලා බිහිකරන ස්ථාවර නියෝග ගේන්න...
ජනාධිපති, අගමැති, ඇමතිවරු, මහ ඇමතිවරු හැමදෙනාම පත්කිරීමටත් ඡන්දයක් ඇතිකරමු. අපි ඉන්නේ කාලකින් ඡන්දයක් නැතිව හරි අමාරුවෙන්...
ඕන කෙනෙක් පත් කරගත්තට කමක් නැහැ. හැබැයි හැම ඡන්දයක්ම (අගමැති, පාර්ලිමේන්තු, පළාත් සභා) එකම දවසක තියන්න. ඒ දවස අහවල් මාසේ, අහවල් දවසේ කියලා ව්‍යවස්ථාවේම සඳහන් කරන්න. නැත්නම් නැකැත් කරුවෝ රට පෙරළයි.
මාමා දස අතේ කල්පනාකරලා විධායක ජනාධිපතිකම හැදුවා. බෑනා දස අතේ කල්පනාකරලා විධායක අගමැති සලාදය හදන්න වගෙයි යන්නේ.
තියෙන එක හරියට කරගන්න බැරිව තවත් අමාරුවේ දාන්න වගේ හදන්නේ.... අපි මැරිලා මැරිලා හම්බ කරන සල්ලි වලින් ගන්න බදු වලින් රටට වැඩක් වෙන්න ඕනේ...
කණ වමෙන් අතගාලා, දකුණෙන් අතගාලා ආණ්ඩුව විසිරෙව්වත් මම හැමදාම ඉන්නවා කියාගෙන කනෙන් රින්ගන්න නේද හදන්නේ ...
තිබෙන අවුල මදිවාට තවතව අවුල් ඇති කර ගන්න යන බවකුයි පෙනෙන්නේ...
ජනතා දහදිය, කඳුළු නොදකින.., වැඩ නොකරන, තනතුරු ඉල්ලන මේ පිරිස ගැන නැවත සලකා බැලීමට ඡන්දයක් පැවැත් විය යුතුය.
ඉවත් කළ යුතු අය ඉවත් කළ යුතුය. ව්‍යවස්ථා නම් අපට වැඩක් නැහැ..
විශ්වාසය බිඳ ගන්න එක තරම් පුද්ගලයකුට වෙන අගතියක් නෑ. රනිල් මහත්තයා රටට අවශ්‍ය දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා හිතන්න අමාරුයි. රටට, ජනතාවට ආදරය කරන මිනිහෙක් කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕනේ...
අගමැති, මැති, ඇමති තෝරන ක්‍රම කොහොමට කළත් කමක් නැහැ, රටේ දැනට පවතින ජනවාර්ගික අරගලය සංසිඳෙන තුරු හෝ මේ විධායක ජනාධිපති ක්‍රමයත් පළාත් ආණ්ඩුකාරධුර ක්‍රමයත් ආරක්ෂා කර ගමු.