(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට ගෙන එන්නට යන විශ්වාස භංගය පුස් වෙඩිල්ලක් බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
ඒකාබද්ධය එවන පුස් වෙඩිල්ල මෝටාර් උණ්ඩයක් බවට පත්කර නැවත ඒකාබද්ධ කල්ලිය දෙසටම යොමු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මගබලාගෙන සිටින බවද ජයවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු මන්ත්‍රී වරයෙකුගෙන් මෙම විශ්වාස භංගයට කිසිඳු සහයක් නොලැබෙන බව කි මන්ත්‍රීවරයා ඕනෑම අභියෝගයක් භාර ගෙන කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන්නට පක්ෂය ශක්තිමත් බවද පැවැසීය
ඒකාබද්ධ කල්ලියේ දුෂණ වංචා වලට සම්බන්ධ පිරිස් කවුදැයි ඉතා හොඳින් හඳුනාගෙන සිටින අතර එම පුද්ගලයන්ට එරෙහිව විධිමත් අයුරින් විශ්වාස භංග ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කාවින්ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය පුස් වෙඩිල්ලක්‘
Shan Sunday, 18 March 2018 08:37 AM
විශ්වාස භංග ගෙනවානම් තව කොච්චර හොරු ඉන්නවද පාර්ලිමේන්තුවේ. මේවා බල තණ්හාවට කරන වැඩ. මේවයින් අපේ රට තවත් පහලට යන එක විතරයි වෙන්නේ.
V.varnakulasuriya Sunday, 18 March 2018 09:06 AM
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පුස් වෙඩි හඬ කවදත් අපි අසන්නෙමු. ජනතාවටද එම හඬ ඇසීම නැතුවම බැරි නිසා පුස් වෙඩිකාරයන්ව මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තු යවති. ශ්‍රීලංකාවට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටත් ප්‍රමාණවත් නොවේ.
සෙනෙවි Sunday, 18 March 2018 12:42 PM
නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවා කියල කතාවක් තියෙනවා නේ...
රාජුන් Sunday, 18 March 2018 11:54 PM
නරක වෙලාව නෙවෙයි සෙනෙවි, මෝල් ගහ පත්තු වුනොත් ඒක රටේ හොද වෙලාව.