IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අගමැතිට එරෙහි විශ්වාස භංගයක් - වසන්ත සේනානායක

රංජන් කස්තුරි
 
එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින ‘වල පයයි - ගොඩ පයයි‘ ඇමැතිවරුන් ඉවත් කළ යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.
 
ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් එජාප මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්වාස භංගයට සහාය වනු ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (31)

අගමැතිට එරෙහි විශ්වාස භංගයක් - වසන්ත සේනානායක

ජගත් ලියනගේ Tuesday, 27 February 2018 05:24 PM

දුම්මල ගහල වත් එලවන්න බැහැ කියන එකේ හොඳම උදාහරණයකි .

:       39       316

සමන් - ඕමානයWednesday, 28 February 2018 08:50 AM

දුම්මල ගහලා එළවන්නේ මොකටද? ඇයි අර "දෙවන පෙළ නායකත්වයක්" හදනවා කිව්වේ? එතකොට දැන් ඉන්න වැඩ බැරි නායකයාටයි, "වල පයයි - ගොඩ පයයි" සෙට් එකටයි, ඒක පිට දාලා තව දුරටත් තමන්ගේ තනතුරුවල වැජඹෙන්න පුළුවන්නේ! අනේ අනිච්චං අපේ පක්ෂේට ගිය කලක් !

:       59       111

sugath sanjeewa Tuesday, 27 February 2018 06:40 PM

බොහොම හොද වැඩක්, රෝයල් ගැන්සිය අයින්කරලා ,මහජනතාවගේ කැමැත්ත මත පත්වුනු , පොලවෙ පය ගසා ජීවත් වෙන , පොඩි මනුස්සයන්ගෙ දුක දන්න අයව පත් කරගන්න.රට දියුනු කරන්න,free wifi වලට වඩා අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනව.

:       64       414

de silva Tuesday, 27 February 2018 07:25 PM

ඔබතුමාලා රනිල්ට විරුධව විශ්වාස භංගයක් ගෙනාවට පොහොට්ටුව නම් චන්දෙ දෙන්නේ රනිල්ට පක්ෂව මොකද පොහොට්ටු නායකයා බලන්නේ නිතරම රනිල්ව ආරක්ෂා කරන්න

:       456       181

Nandalal DE SILVA - FranceWednesday, 28 February 2018 09:24 AM

ඒ ඉතින් රනිල් රැකුණොත් එයාලත් රැකෙන බව විශ්වාස නිසානේ !!!

:       47       79

Ivan Tuesday, 27 February 2018 09:24 PM

ලෝකය පිලිගනන නායකයෙක් එක්සත් ජාතික ප්‍රක්ෂයට ඉන්නවනේ. මෙයාලට ලොකු ඇමති කමක් දුන්න නම් සුවච කීකරුගෝලයෙක් වේවි. ජනතාව මේවා ගණන් ගත යුතුයි.

:       546       611

sahanWednesday, 28 February 2018 02:59 PM

සහතික ඇත්ත.. ඔය සේනානායක පරපුරේ හිටියේ මිනිස්සු දෙන්නයි. ඒ ඩී.එස්. හා ඩඩ්ලි දෙන්නා. අනික් ඔක්කොම හිටියේ මානයෙන්, එක්කෝ බල තණ්හාවෙන්... පේන්නේ නැද්ද?

:       1       2

Rohana Tuesday, 27 February 2018 10:35 PM

ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් 2020 එජාපය සෝදාපාලුවට යෑම වලක්විය නොහැකිය.

:       80       183

දිශාපාමොක් Tuesday, 27 February 2018 10:55 PM

ඉස්සර තාත්තයි, පුතයි බුරුවෙක් අරන් ගමනක් ගියා. මගදී මිනිසුන් කට්ටියක් මෙහෙම කිව්වාලු. අර වයසක මිනිහා බුරුවා පිට උඩ නග්ගවාගෙන ගියානම් හොඳයි නේද? එවිට පියා බුරුවාගේ පිට උඩ යන අතර තව කට්ටියක් පුතා පිට උඩ ගියානම් හොඳයි කීවාලු. එවිට පුතා බුරුවාගේ පිට උඩ ගියාලු. මේක දැකපු මිනිස්සු තාත්තයි පුතයි බුරුවා ඔසවාගෙන ගියානම් හොඳයි කීවාලු. තාත්තයි, පුතයි බුරුවාව කකුල් බැඳ පොල්ලක දමා එල්ලන් ගිහින් බුරුවා මලාලු. සියල්ලන්ම සතුටුකරන්න බැරිය. තමාට වැඩකළ හැකි දෙයක් සිතිය යුතුය. එවැනි තනතුරු බාරගත යුතුය.

:       98       208

ranjith Wednesday, 28 February 2018 12:25 AM

අද එජාපයේ ඉන්න නායකයෝ හිටපු වෙදගත් නායකයන්ටත් අගොඋරවයක් එජාපය හොද නායකයෝ හිටපු පක්ෂයක් අද නායකයා නිසා විනසලේ කෙළවරටම ගිහින්

:       307       214

maaraya Wednesday, 28 February 2018 01:17 AM

මේකත් රඟපෑමක්.

:       3       140

Saman Wednesday, 28 February 2018 01:36 AM

මෙයාටත් විදේශ ඇමතිකම දුන්නනම් ඔක්කොම විප්ලව ඉවරයි.. සීයගෙත් නම කැත කරනව.

:       231       514

Mangalika Wednesday, 28 February 2018 02:04 AM

මෙතුමා පහුගිය රජයේ ඉන්න කාලයේ පවුල් පාලනයේ වෙනසක් කරන්න කතා නොකළේ ජීවිතයට ආදරේ කල නිසා වෙන්න ඇති.

:       204       307

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 28 February 2018 02:43 AM

ඇමති මණ්ඩලය අඩු කර වියදම් කපා හරින්න ජනතාව ඇමති කම් නැත්නම් විශ්වාෂ භංගය හොර දේශපාලුවා ලෙස්ලි හර්බට් විජේසිංහ

:       72       219

ATHULA BANDARA RATHMALANA Wednesday, 28 February 2018 03:29 AM

වසන්ත මහතාගේ තීරණය හරි. පක්ෂයේ වෙනසක් විය යුතුම තමා, වෙනසක් උනොත් හොද ශක්තිමත් පක්ෂයක් හදා ගන්න පුළුවන්, ඔබ තුමා ,සජිත් ප්‍රේමදාස මහතා ,නවීන් දිසානායක මහතා , හරින් ෆෙර්නාන්දු මහතා, හර්ෂ ද සිල්වා මහතා , රුවන් විජේවර්දන මහතා , බුද්දික පතිරණ මහතා , හොද නායකයෝ, සජිත් ප්‍රේමදාස මහතා නිස්සබ්දව කොච්චර වැඩ කරනවද,

:       333       668

pjWednesday, 28 February 2018 10:07 AM

නිශ්ශබ්දව ගහපු ගැහිලි දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි. ඉස්සර නුවරඑළියේ රජයේ ඉඩම්වල කානේෂන් ගැහිල්ල පරම්පරා ගණනකටම ඇති.

:       51       104

wasantha Wednesday, 28 February 2018 04:21 AM

එක්සත් ජාතික පක්ෂයේ අපි ඔබ සමගයි වසන්ත මැති තුමනි. රැඩිකල් වෙනසක් අවශ්යි.

:       508       368

Soma dubayi Wednesday, 28 February 2018 06:05 AM

වසන්ත සේනානායක මැතිතුමා මේ වෙලාවේ නායකත්වයට සහය දෙන්න තීරණය කිරීම වටිනවා.

:       164       25

lalindra Wednesday, 28 February 2018 08:49 AM

ජයවේවා, එ්ත් මහින්ද එ්කාබද්ධයේ ඡන්ද රනිල්ට විරුද්ධව දෙන්න දෙන්නේ නෑ. මහින්දගේ ගැලවුම්කරු රනිල්,.. රනිල්ගේ ගැලවුම්කරු මහින්ද...

:       30       44

Swarna malkanthi Wednesday, 28 February 2018 10:05 AM

මොකක්ද මේ ඉල්ලන රැඩිකල් වෙනස? එතුමා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂය මෙහෙයවනවා. ආසියාවේ හොඳම මොළය...

:       162       357

dhamseth Wednesday, 28 February 2018 10:22 AM

මේ අවුරුදු 2 ජනතාවට සේවය කරන්න. කඩිනම් සේවාවක් ජනතාවට දැනෙන... නායකත්ව වෙනසක් 2020දී කරන්න. දැන් වැඩ කෙරෙන්නේ නැත්තේ රනිල් නිසාමද?

:       3       106

රවින්ද්‍ර Wednesday, 28 February 2018 10:52 AM

මොහු අන්තිම වෙලාවේ එජාපයට පැන්නා. එජාප නායකත්වයේ වෙනසයි, අගමැති වෙනසයි කියන්නේ දෙකක්. අගමැතිට විශ්වාස භංග ගේන්න බෑ. ගේන්න ඕනෑ ආණ්ඩුවට. මෙයා ආණ්ඩුවේ නෑ. ඇමැතිකෙනෙක් ලෙස ඉඳගෙන ආණ්ඩුවට විශ්වාස භංග ගේන්න බෑ. එහෙමනම් නැහැ. ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා විපක්ෂයට යා යුතුයි. ප්‍රථමයෙන් එය කරලා පෙන්වන්න.. බොරුවට මහරාජාගේ සල්ලි අරන් බුරන්න එපා..

:       33       567

prakaash Wednesday, 28 February 2018 11:50 AM

රනිල්ව ඉවත් කල යුතුය. නමුත් ඔය කියන විශ්වාස භංගය ගෙනේවිද? ජනතාව නොරැවටෙනු.!

:       0       0

Rohana Wednesday, 28 February 2018 12:11 PM

විශ්වාසභංග ගෙනාවත් නැතත් ඊ ළඟ මහ මැතිවරණයෙන් පස්සේ රනිල් මැතිතුමා ගෙදර. ඊ ළඟට කරන්න තියෙන්නේ පක්ෂ නායකත්වය වෙනස්කර පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි.

:       43       1

Muhan Wednesday, 28 February 2018 12:22 PM

2014 අගදී එජාප එකට ඇවිල්ලා අවුරුදු 2018 දී පක්ෂයේ නායකයින් පන්නන්න මෙයා කවුද? මෙයාව පක්ෂයෙන් පන්නලා දැම්මා නම් හරි...

:       0       586

wasantha Wednesday, 28 February 2018 12:26 PM

බොරු චෝදනා කරනවා. රනිල් නොගියොත් අලියා අනාථයි.

:       0       12

nimal Wednesday, 28 February 2018 01:32 PM

අැයි පොහොට්ටුව නිශ්ශබ්ද? දාන්නකෝ විශ්වාස භංගයක්...

:       0       13

naalani Wednesday, 28 February 2018 01:38 PM

රනිල් යන්නේ පක්ෂය බින්දුවට ගිය දාටයි.

:       0       21

pubudu Wednesday, 28 February 2018 01:46 PM

අපි නම් සජිත් ආවොත් උදව් කරනවා. බුද්දික හොඳ තරුණ නායකයෙක්. නවින්, හර්ෂ; එරාන්, මරික්කාර් , හරින්, වසන්ත, දිගම්බරම් පක්ෂය වෙනුවෙන් ඉස්සරහට ගත යුතුයි.

:       0       14

TD Wednesday, 28 February 2018 02:48 PM

එක්සත් ජාතික පක්ෂය පසුගිය ප්‍රාදේශීය ඡන්දයෙන් දිනුවානම් අගමැති එළවීමට ඔබ ක්‍රියා කරන්නේද? පසුගිය 2015 ජනවාරි 8 වෙනිදාට පෙර ඔබ සිටියේ මහින්ද සමගිනි. ඔබේ නායකයා මහින්ද විය. ඔබ දේශපාලනය ගැන තේරුමක් නැති පුද්ගලයෙකි. නියම එජාප කාරයින් පක්ෂය සහ නායකයා ආරක්ෂා කරනවා මිස පක්ෂ මාරු කරන්නේ නැත. ඔබ අවස්ථාවාදී දේශපාලනය නොදත් කෙනෙකි. පොළොන්නරුවෙන් සහ නුවරඑළියෙන් තවත් ගෙම්බෙක් සිටී. ඔබ සහ අනෙක් නායකයා එලවීමේ කට්ටිය සුදානම් වන්නේ ඉල්ලන් කෑමටයි.

:       0       437

Chandra Saturday, 03 March 2018 02:00 PM

ඔබ දේශපාලනය ඉගෙන ගන්නේ පොලීසියෙන්ද? ඒ කට්ටිය දෙපැත්තෙන්ම ගාන ගන්න කට්ටියනේ. විශ්වාස කරන්න පුළුවන්ද? රටම විනාශයි.

:       0       472

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 619 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 574 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1593 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 210 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 284 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 215 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 41 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site