ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මිය අතර අද(14) සාකච්ඡාවක් පැවැත්විණි.
මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් මියන්මාරයේ සංචාරයක් සඳහා සහභාගී කරවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික සම්බන්ධතා පදනම්කර ගනිමින්, අනාගත සබඳතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේදයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අවුන් සාන් සුකී මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර, තමන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් මහනුවර නගරය දැක බලා ගැනීමටත් ඇල්මෙන් පසුවන බව සුකී මහත්මිය ප්‍රකාශ කළාය.



COMMENTS
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම කෙසේ වෙතත් සාර්ථකව මහ බැංකුවේ සිදුවීම්, රටේ ජනතාව අගහිඟකම් වලින් මිරිකෙද්දී, පාලකයන්ට සුපිරි වාහන ගෙන්නන හැටි, විරුද්ධ පාක්ෂිකයන් විවිධ හේතු පෙන්වමින් සිරගෙට යවන හැටි, රටේ මහා ජාතිය පසෙකලා සුළු ජාතීන්ට සලකන හැටි වගේ දේවල් නම් හොඳට කියයි....
ඔව් ඉතින් අපේ රටට සල්ලි වැඩිවෙලානේ.... කිසිම වැඩකට නැති වුණත් ඔය කාට කාට හරි ආරාධනය කරන්න. ඔය ගොල්ලො අාවහම වැඩිම වුණොත් සත්කාර කරන්න රුපියල් කොටි 10-15 විතර වියදම් වේවි!!! සල්ලි අපේ රටේ ගස්වලත් වැවෙනවානේ... කොටින්ම කියනවා නම් රුපියල් කොටි 2-3 වටිනා හෙරොයිනුත් අපේ රටේ කුණුගොඩවලත් තිබෙනවානේ....