IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


අංගොඩ ලොක්කාගේ මරණය ගැන රෝ ඔත්තුසේවා විමර්ශනයක්

(*** නිමන්ති රණසිංහ)

ඉන්දියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ “රෝ ඔත්තු සේවය” විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය සමග එක්ව “රෝ ඔත්තු සේවය” මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ අංගොඩ ලොක්කා යන අය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීන් සමග එක්ව කටයුතු කර ඇතැයි යන්න සම්බන්ධයෙන් ඇතිවූ සැකය හේතුවෙන් බවද එම ආරංචි මාර්ග පවසයි.

එසේම, මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ මෘත ශරීරයේ පාදයේ සහ අතේ ඇඟිලි නිල්පැහැ ගැන්වී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ බවත්, එය විෂ ශරීරගත වීමෙන් සිදුවූවක් බවට තහවුරු වන බවත් ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවත්පතක් වන “ද හින්දු” පුවත්පත නවතම වාර්තාවක් මගින් සඳහන් කර ඇත. ඒ අනුව සිද්ධියට අදාළ පරීක්ෂණවලට අනුව මොහු වසදී මරා දමා ඇති බවට සැක කෙරෙන බව ද එම පුවත්පත ප්‍රකාශ කරයි.

මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයාගේ නිරීක්ෂණවලට අනුව මරණකරුගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල මරණයට පෙර සිදුවී ඇති බවට සාක්ෂි නොමැති බවත් ඔහුගේ හදවත සහ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයවල සාම්පල සංරක්ෂණය කර රසායනික පරීක්ෂණ සඳහා යවා ඇති බවත් ද හින්දු පුවත්පත සඳහන් කරයි.

මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” යන අය ආර්. ප්‍රදීප් සිංග් නමැති ව්‍යාජ නමින් පෙනී සිටිමින් ඉන්දියාවේ ජීවත් වීම සඳහා “ආධාර කාඩ්” නමැති කාඩ් පත්‍රය සකස් කර දීම සඳහා කූඨ ලේඛන සකස් කළ බවට සැකකාරියන් දෙදෙනකු සහ සැකකරුවකු කොයිම්බර්තූර් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් ජූලි මස 03 වැනිදාය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක වන 27 හැවිරිදි අමානි තාන්ජි, ඉන්දියාවේ මදුරෙයි පදිංචි 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ ඉන්දීය තිරුප්පූර් හි පදිංචි 32 හැවිරිදි එස්. ඩයනේශ්වරන් යන අය බව ද සඳහන් විය.

පසුව එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඉන්දීය ජාතිකයන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි බන්ධනාගාරයේත් ශ්‍රී ලාංකික කාන්තාව කොයිම්බර්තූර් පුසාහාල් බන්ධනාගාරයේත් මේ වන විට රක්ෂිත භාරයේ තබා ඇතැයි ද එම පුවත්පත සඳහන් කරයි.

ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඇයට හටගත් රෝගාබාධයක් හේතුවෙන් ඉන්දියාවේ රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති බවද ද හින්දු පුවත්පත සඳහන් කරයි. එසේම, මෙම අමානි තාන්ජි නමැත්තිය මරණකරු මියයාමෙන් පසු ගබ්සා පෙති භාවිත කිරීම නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් මෙලෙස රෝහල්ගත කරනු ලැබ තිබූ බවද එම පුවත්පත වාර්තා කර ඇත.

මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” යන අය ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේ ආර් එස් පුරම්හි පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිය නාසයේ පෙනුම වෙනස් කර ගැනීමේ සැත්කමක් සිදුකර ගෙන ඇති බව ද එම පුවත්පත වාර්තා කර ඇත.

තමන්ට චිත්‍රපටයක රගපෑමට අවශ්‍ය බැවින් නාසයේ පෙනුම වෙනස් කර ගත යුතුව ඇතැයි සඳහන් කරමින් මරණකරු එම සැත්කම සිදුකරගෙන ඇති බව ද එම පුවත්පත සඳහන් කරයි.

කළුතර උතුර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස්රථයකට වෙඩි තබා පාතාල නායක අරුණ උදයශාන්ත නොහොත් ‘සමයං’ ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිසීය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ‘අංගොඩ ලොක්කා’ සහ ඔහුගේ ගෝලයකු වන දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග නොහාත් ‘ලඩියා’ යන අය ඉන්දියාවට පලා ගොස් තිබිණි.

එහිදී ඉන්දියාවේ චෙන්නායි පොලිසිය විසින් 2017 මැයි මස 22 වැනිදා මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තබාගෙන සිටියදීය.

 



අදහස් (1)

අංගොඩ ලොක්කාගේ මරණය ගැන රෝ ඔත්තුසේවා විමර්ශනයක්

Bamunuarachchi Tuesday, 11 August 2020 01:51 PM

ජීවත්වෙලා ඉන්නකම් තොරතුරු සෙව්වේ නැහැ.. දැන් හොයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 89 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site