
(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා එම පරීක්ෂණයට අවශ්‍ය ඇගිලි සළකුණු ඇතුලු ඩී.එන්.ඒ සාම්පල් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අංගොඩ ලොක්කා මියගිය බවට වාර්තා පළවුන ද ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් තහවුරු කරගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙන බවත් , ඩී.එන්.ඒ සාම්පල් තහවුරු වීමෙන් පසුව ඔහු මියගිය බවට නිල වශයෙන් තහවුරු කරගත හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම ඩී.එන්.ඒ වාර්තා ලංකාවට කඩිනමින් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටක් පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද (10) පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ආර් ප්‍රදීප් සිං නැමැති ව්‍යාජ නමකින් ඉන්දියාවේ ජීවත්ව සිටින අංගොඩ ලොක්කා නැමැත්තා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 03 දින කොලොම්තූර් රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් , ඔහුගේ මළ සිරුර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රෝහලින් මුදාගෙන ගොස් අදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලු තිදෙනකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංගොඩ ලොක්කාගේ ඇගිලි සළකුණු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදෙයි
janahitha Tuesday, 11 August 2020 03:42 AM
මැරෙනකන් ඕක හංගාගෙන හිටියේ දැන්ද ඕක දෙන්නේ.?