(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දියත් කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අනුව මෙගාවොට් 60 ධාරිතාවකින් යුත් දැවිතෙල් බලාගාරයක කටයුතු නතර කර දැමූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවැසීය.
මේ නිසා කොළඹ වරායේ බත්තලක පවත්වාගෙන යන එම දැවි තෙල් බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමක්
සිදුනොවන බව ද කුමාරවඩු මහතා කීය.
වරායේ බත්තලක පවත්වාගෙන යන එම බලාගාරයට 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාදී නැති අතර ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රයක් රහිතව එම බලාගාරය
ක්‍රියාත්මක කළ බව ද ඔහු කීය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලපත්‍රයක් නොමැතිව බලාගාරයක් පවත්වාගෙන යාම නීතිවිරෝධි හෙයින් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අනුව එම නීතිවිරෝධී කටයුත්ත නතර කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර ඇමැති මණ්ඩලය ලංවීම මිශ්‍ර ජනන සැලැස්ම අනුමත කර ඇති බවට වාර්තා පළවූ නමුත් ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවද එය අනුමත කළ යුතු වන හෙයින් එම සභාවෙන් එය ඉටුවන තුරු වෘත්තීය
සමිති ක්‍රියාමාර්ගය දිගටම සිදුකරන බව ද සෞම්‍ය කුමාරවඩු මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සකස් කළ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම අනුමත කරන ලෙස බලකරමින් ලංවිම ඉංජිනේරු සංගමය පෙරේදා (8) පස්වරුවේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදී සිටී. ගල්අඟුරු බලාගාර ඉදි නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ ඇති හෙයින් ගල්අඟුරු බලාගාර ද සහිත ලංවිම දිගුකාලීන ජනන සැලැස්ම අනුමත කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් තිබේ.
මේ අතර ගල්අඟුරු බලාගාර ඉදි නොකිරීමට රජය තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා සාකච්ඡාවක දී තම සංගමයට පැවසූ බව ද ලංවිම ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
76
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අකුරට වැඩ ඉංජිනේරුවෝ බලාගාරයක වැඩ නවත්වති
kamal Thursday, 10 May 2018 05:47 AM
අකුරට වැඩ කරන දවස් වලට පඩි නඩි සහ අනිකුත් දීමනා තීරු බදු රහිත වාහන, ගමන් ගාස්තු, අතිකාල දීමනා, නිවාස දීමනා සියල්ල ඉවත් කල යුතුයි .