IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්

(විනීතා එම් ගමගේ / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) පෙරවරුවේ මුල්ගල් තැබිණි.

රිජ්වේ ආර්යා ළමා රෝහල ඇඳන් 969 කින් යුත් තෘතියික සත්කාර සේවා සපයන රෝහලක් වන අතර එහි සියලුම වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර කෙෂත්‍ර වලින් යුක්තය. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 380,000 දෙනාගෙන් 3000 ක් පමණ සංජානීය හෘද රෝග සහිතව උපදී.

එයින් 2500 ක් පමණ දෙනාට ප්‍රතිකාර අවශ්‍ය වේ. එහෙත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙවැනි සැත්කම් කළ හැක්කේ 1600 ක් පමණි. එයින් 900 ක් හෘද සැත්කම් වේ. 700 ක් කැතීටකරණ සැත්කම් වේ. 

නව ප්‍රතිකාර සේවා සංකීර්ණය ආරම්භ වීමත් සමඟ හෘද සැත්කම් 2000 ක් ද කැතිටකරණ සැත්කම් 900 ක් ද සිදුකළ හැකි වනු ඇත. නව ගොඩනැගිලි සංකීර්ණය ආරම්භ කිරිීමෙන් පසු සියලු සේවා එම ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යාමේ අරමුණක් ද ඇතැයි පැවැසේ. 

ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මහත් උවමනාවක් තිබිණි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකත්වයේ සමඟ එක්ව පුංචි හදවත් ව්‍යාපෘතිය ඇරඹුනේ මේ වෙනුවෙනි.  එයින් එකතු වූ ජනතා පරිත්‍යාග රුපියල් මිලියන 180 කි. රුපියල් මිලියන 2400 ක් වැයවෙතැයි ගණන් බලා ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පරිත්‍යාග මුදල් හැර ඉතිරිය රජයෙන් වියදම් කරන සුදානමින් ඊට මුල් ගල් තැබිණි. 

මේ අනුව රජය අනුමත ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වන මේ ගොඩනැගිල්ලේ බිම් මහළ හැරුණු  විට තවත් මහල් 10 කි. මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය මෙහි සැලසුම් නිර්මාණය වියදම් ගණනය ආදිය සිදුකරන අතර ඉදිකිරීම් සිදුවන්නේ නාවික හමුදාවෙනි. 

නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න, නියෝජ්‍ය ඇමති ෆයසිල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස, ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ වික්‍රමසිංහ, ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

 



අදහස් (1)

ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්

wedage Monday, 02 October 2017 07:16 AM

මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය මෙඩිකල් ෆැකල්ටියේ බිල්ඩිම අතරමග නවතා ඇත. පරික්ෂාකාරී වීම අගනේය.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 94 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 333 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 217 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 198 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 432 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 529 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site