IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හෂිනි රත්නායකට රට යන්න අවසර

(ආරියදාස කොඩිතුවක්කු)

තගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබු රුපියල් ලක්‍ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍ර රත්නායක මහත්මියට විදේශගත වීමට අවසර ලබාදුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය බාරයේ තිබු ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට අද (5) නියම කළාය.

 

කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගී වීම සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි නීතීඥ නිශාන්ත සඳභරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය රුපියල් දස ලක්‍ෂයක් වටිනා බැඳුම්කරයක් මත ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ද නියම කළාය.

 

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීමට තීරණය කළාය. මෙම නඩුව ලබන ජුලි මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.



අදහස් (11)

හෂිනි රත්නායකට රට යන්න අවසර

පිටිගල මිලානෝ Monday, 05 March 2018 05:22 PM

වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත කිව්වනම් ඉතින් ඒවා ඉවසාගෙන ඉන්න එක තමයි තියෙන්නේ.

:       4       43

Asoka Monday, 05 March 2018 06:48 PM

ලක්ෂ 12 හමාරක් හොරකම් කරලා සුමාන 4ක් බන්ධනාගාරේ. මිලියන ගණන් හොරකම් කරපු අය එළියේ

:       6       90

Nandalal DE SILVA - France Monday, 05 March 2018 07:44 PM

රට යන්න අවසර ලබාදුන්නාට මෙයා අධිකරණයට පින් දෙන්න ඕන. මැයට එරෙහිව තිබෙන්නේ බරපතල චෝදනාවක්. නැතිබැරි හෝ අඩු අදායම් ලබන අසරණයන්ගේ හදිසි උවමනාවකට ගැනීම සඳහා රාජ්‍ය බැංකුවක උගස් කර තිබු හෝ නැත්නම් ආරක්ෂාවට තැන්පත්කර තිබු රුපියල් ලක්‍ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීම යනු සුළුපටු චෝදනාවක් නොවේ! "සංගීත සංදර්ශන" අවසානයේ ආපසු මව් රටට පැමිණ සිය නිර්ධෝෂිත්වය රටට සහ රන් ආභරණ හිමියන්ට පෙන්වා දීම ඇයගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා!

:       5       27

නුමා Monday, 05 March 2018 10:31 PM

හපොයි... යන තැනක ඇඩ්‍රස් එක හරියට ඉල්ලගන්න වෙයි. නල්ල මලේ ගැහැණියකට අහුවෙලා හිටියට, වික්ටර් මහත්මයා රටට වටිනවා. පිටසක්වලින් ඇවිත් සිංගප්පූරුවෙදි අර්ජුන් මහේන්ද්‍රන් අරන් ගියා වගේ, වික්ටර් මහත්මයාව අරන් යන්න දෙන්න බැහැ.

:       1       52

Chanak Los angeles Monday, 05 March 2018 11:54 PM

ලංකාවේ හොරුන්ට මාර තැනක්නේ තිබෙන්නේ...

:       1       124

Bimal Tuesday, 06 March 2018 08:25 AM

දැන් ගිහින් ඔය රටවල බලධාරීන්ට කිව්වොත් අපොයි ලංකාවේ මට හරි කරදර......... ජිවිත ආරක්ෂාව සඳහා මාව මෙහෙ නවත්ත ගන්න කියලා මොකද කරන්නේ. මට නම් හිතා ගන්න බැහැ දැන්අර අතුරුදහන් වූ රන් බඩු වලට කවුද වග කියන්නේ. ඒකත් ඡන්දි ගෙවන්න බදූ ගෙවන මිනිස්සුන්ගේ පොකට් එකටම වැටුනාවේ!

:       0       6

Sarasi Tuesday, 06 March 2018 08:30 AM

දැන් එතකොට සංගීත සංදර්ශනයේ ගීත ගයන්නේ මෙයාද? පුදුම හේතුවකටනේ නිදහස් කරලා තියෙන්නේ. සාමාන්‍ය බැංකු නිලධාරිනියක් මෙහෙම වැඩක් කළා නම් මෙලහකට තාම රිමාන්ඩ් එකේ . තව ලැජ්ජාවක් නැතිව මිනිස්සුන්ට මුණ දෙන්නත් ලෑස්තියි. පිටරට මිනිස්සු මේ ජරමර දන්නේ නැති මෝඩයෝ කියලා වෙන්න ඇති හිතන්නේ.

:       0       50

kalani Tuesday, 06 March 2018 08:40 AM

ඉඳ ඉඳ එක වෙහෙර වින්ද වින්ද ගීත මනහර ................................ අනේ හෂිනි නොදුටු මොක්පුර

:       2       34

himal Tuesday, 06 March 2018 09:44 AM

ලංකාවේ බැංකු වල රාජ්‍ය වේවා පුද්ගලික වේවා එහෙම රන් භාණ්ඩ එක් අයෙකුට පමණක් අතුරුදහන් කරන්න බෑ. සෑම දෙයක්ම අඩුම තරමින් දෙදෙනෙකුගේ පරීක්ෂාවට යටත් වෙනවා. අනික උකස් අංශය වගේම සේප්පු කාමරය පවා කැමරා වලින් නිරීක්ෂණය කරනවා. මෙතන ප්‍රශ්නය, මෙහෙම දෙයක් වුනා නම් ඇයි මේකට වග කිවයුතු අනෙක් පාර්ශව ගැන ක්‍රියා නොකරන්නේ?මේක බැංකුවක ආරක්ෂාව ගැන බරපතල ප්‍රශ්නයක්.

:       0       0

Thulasi Tuesday, 06 March 2018 10:09 AM

මෙයාලා වාගේ අයට ලැජ්ජාව, බයක් කියලා දෙයක් නැහැ .

:       0       0

අසෝක ජයතිලක මිලානෝ Tuesday, 06 March 2018 12:40 PM

මේ අය නවත්වා ගන්න ගෙවල්වල අයට බඩු පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 49 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 86 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 291 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 451 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 204 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 435 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site