IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


හෙරොයින් ළඟ තබා ගත් කතට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

හෙරොයින් ග්‍රෑම් 3.85 ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (14) නියම කළේය.

හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවන්ට මීට පෙර වරදකරු වී ඇති බවට අධිකරණයට වාර්තා වී ඇති මෙම විත්තිකාරියට එරෙහි මෙම නඩුවේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

කොළඹ 14 ග‍්‍රැන්ඩ්පාස් ස්ටේට්පුර ප‍්‍රදේශයේ පදිංචි ජෝර්ජ් ඥාණප‍්‍රගාසම් අයිරාංගනී හෙවත් බට්ටි නමැති 60 හැවරිදි වියේ පසුවු කාන්තාවකට මීට වසර 3 කට පෙර සිදුකළ වරදක් සම්බන්ධයෙන් මෙලෙස ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.

2015 නොවැම්බර් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනයක ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3.85 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකාරියට එරෙහිව නඟා ඇති චෝදනාවන්ගෙන් හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවට ඇය වරදකාරිය බව තීරණය කළ විනිසුරුවරයා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් එම චෝදනාවෙන් ඇය නිවැරදිකාරිය බව තීරණය කළේය.

 



අදහස් (2)

හෙරොයින් ළඟ තබා ගත් කතට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්

chathuri Friday, 14 September 2018 11:31 AM

එතකොට සිද්දික් කියන තැනැත්තා නිදහස් වුනේ කොහොමද? ඒ නම කුඩු වෙනුවෙන් ප්‍රසිද්ධ නමක් සිද්දික් ගේ. ෆයිල් හන්ගලද? වැඩිදුර පරීක්ෂණ අරඹන්න... නීතිය සැමටම එකයි.

:       1       1

OMGSaturday, 15 September 2018 06:56 AM

මේ සිද්ධික්ගේ බඩු නෙමෙයිලු. විරුද්ධ පක්ෂයේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි
2024 මැයි මස 08 20 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.


අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 104 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 299 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1896 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 379 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1839 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site