IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිරුනිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)

දෙමටගොඩ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6කට කොළඹ මහාධිකරණය අද(24) බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ අතර එය වසර 12කට අත්හිටවීය.

මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා එම නියෝගය කළ අතර එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000බැගින් දඩ ද නියම කෙරුණු අතර පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියම කෙරිණි.

සැකකරුවන් අතර සිටි එක් අයකු පාසල් සිසුවකු බැවින් ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට තීරණය කළේය.

කෙසේ නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිනිය වරද පිළිගෙන නොමැති අතර ඇයට අදාළ නඩු විභාග ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (14)

හිරුනිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම්

Upali Friday, 24 November 2017 08:30 AM

පසුගිය රජය එක්ක සසඳලා බලන කොට යහපාලනය ටිකක් හරි තියෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

:       2013       457

කනිෂ්කFriday, 24 November 2017 09:46 AM

මෛත්‍රිපාල මැතිතුමාට පින්සිදුවන්නට එජාපයට, රජයට දායක වීමේ වරම් ලැබී ඇත. එය මෙවන් මැරකම් කිරීමට හෝ මහා දවාලේ ජනතා මුදල් බිලියන 59ක් මංකොල්ල කෑමට දුන් ලයිසමක් ද නොවේ... ඔබලා නොකීවද, එකලත් මෙකල මෙන් නීතිය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වී ඇත. උදා :එකල ප්‍රභූ පුතුන් කල වැරදි වලට දඬුවම් දී ඇත. එහෙත් මෙකල නැත. ඒ ෆයිල් යට යයි.... මෙය යහපත් පාලනය නොවේ. ඇත්තටම ඔබ ගැන ඇත්තේ දුකකි.

:       87       503

parakkramaFriday, 24 November 2017 11:59 AM

මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුනේ එ.ජා.පෙ. ප්‍රමුඛ මහින්ද විරෝධී ඡන්දවලින් මිස ශ්‍රී ලංකා නි.ප. ඡන්දවලින් නොවෙයි නේද කනිෂ්ක? පොඩ්ඩක් අමතක නම්, තේරෙන්නේ නැති නම් මධ්‍යස්ථ වැඩිහිටියෙකුගෙන් අසා බලන්න. කොයිතරම් නම් උපායන්, මැතිවරණ දූෂණ පෙරටුව තරඟ වැදුණු මහින්ද මැතිතුමන්ට ලැබුනේ ශ්‍රී ලං.නි. පක්ෂයේ සහ මෛත්‍රී , රනිල් විරෝධී ඡන්ද නේද? නිර්පාක්ෂිකව ජනාධිපති වූ මෛත්‍රී මැතිතුමන්ගේ කාලේ ශ්‍රී ලං.නි.ප. යේ සභාපතිකම ඉල්ලපු හැටි මතකද? ඉන්පසු ශ්‍රී ලං.නි.ප. යේ ජනතාව ප්‍රතික්ෂේප උදවියටත් මන්ත්‍රීකම් සහ ඇමතිකම් ලැබුණු බව ඔබ දන්නේ නැති නම් කාගෙන්හරි අසා දැනගන්න. ඔබ තවමත් පාසල් යන සිසුවෙකුගේ මට්ටමින් කතා කරන බව පෙනෙන නිසා ඒ ඒ පක්ෂ ලැබූ මන්ත්‍රී ධුර සංඛ්‍යාවත් ගැන විමසා බලා මෛත්‍රී ජනාධිපතිතුමන්ට පින් සිදුවන්නට මොකක්ද සිදුවුනේ කියා තෝරා බේරාගෙන අදහස් පල කලොත් හොඳයි නේද?

:       116       311

BamunuarachchiSaturday, 25 November 2017 08:15 AM

"මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුනේ එ.ජා.පෙ. ප්‍රමුඛ මහින්ද විරෝධී ඡන්දවලින් මිස ශ්‍රී ලංකා නි.ප. ඡන්දවලින් නොවෙයි නේද කනිෂ්ක?" ඔව් ඡන්ද 250000 යි... මහින්දට විරුද්ධ වුනේ... දැන් 500000ක් පමණ මහින්දගේ පැත්තට දෙන්න ලැහැස්තියි.

:       0       25

සිඟිති Saturday, 25 November 2017 03:27 PM

ඔය දෙන්නම කනිෂ්කට පිළිතුර ලිවීමේදී ඔහුගේ ලිපියේ සඳහන් විෂය කරුණු මග හැරී තිබෙනවා. මෛත්‍රී මහතා නොසිටින්නට එ ජා පය නම් තාමත් විපක්ෂයේ. අපි නොමිලේ වයි ෆයි වලට රැ වටෙන්නෙත් නැහැ. පාසල් ශිෂ්‍යයකු වුනත් නොවුනත් ඔහුගේ අදහස නම් තර්කානුකුලයි

:       0       0

Bamunuarachchi Friday, 24 November 2017 08:53 AM

පාසල් සිසුවෙකුත් ගිහිල්ලා කියලයි මට නම් ආරංචි වුණේ...

:       2       107

pali* Friday, 24 November 2017 08:59 AM

මේ ගැහැනියට දාමරික ක්‍රියා පිළිබඳව ඉතිහාසයක් ඇති අතර, මීට ඉහත කිංසි පාරේ තුන්මහල් වෙළඳ ස්ථානයකට මැරවරයින් සමග පැමිණ කරන ලඳ නීති විරෝධි රංචු ගැසීමක් හා අලාභ හානි කිරීමක් සම්බන්ධයෙන්ද පුවත් පළවිය. මෙම කණ්ඩායම මෙහෙයවා අපරාධ කටයුත්තක යෙදීම සම්බන්ධයෙන් එහි මහමොළකාරිනිය වන මැයට වැඩි දඬුවමක් ලැබිය යුතුය.

:       16       562

Nalin Friday, 24 November 2017 09:00 AM

පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයාට දඬුවම් නොලැබුණු එකම මදැයි...

:       0       169

rama Friday, 24 November 2017 09:55 AM

මොකක්ද වසර දොළහකට අත්හිටවනවා කියන්නේ? දඬුවම් දෙන්නේ නැත්ද?

:       0       56

darshana Friday, 24 November 2017 09:56 AM

කව්රු මොනවා කිව්වත්, පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා අද යහතින් ඉන්නවා. පොලිසියේ පැමිණිලක් දාලා නඩුවක් විභාග වෙනවා. මන්ත්‍රීවරියක් චෝදනාවකට අධිකරණයට යනවා. මාධ්‍යයේ මේ ගැන වාර්තා වෙනවා. කලින් මෙහෙම වුණාද? පැහැරගත්ත කෙනෙක් ඉතුරු වුණාද? ඔන්න ඕකයි වෙනස...

:       540       67

naradha Friday, 24 November 2017 10:45 AM

පාසල් සිසුවා මේ මැරකමට යන්න ඇත්තේ, පොඩි කාලේ ඉඳලම ලංකාවේ දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න වෙන්න ඇති. ආධාරකරුවන්ට දඬුවම් ලැබුණට, හිරුනිකා ඕකෙන් කොහොම හරි ගැලවෙයි. දන්නවනේ අපේ රටේ නීතිය ක්‍රියා කරන හැටි.

:       0       120

PRADEEP Saturday, 25 November 2017 05:50 AM

හිරුනිකාට දඬුවම් දෙන්න හිතන්නවත් එපා ... ඒ දරුවා අහිංසකයි. නොදැන කරන පොඩි පොඩි සෙල්ලම් වලට කවුද දඬුවම් දෙන්නේ? අනික හිතිච්ච ගමන් කවුරුහරි උස්සල වෙඩි තියලා හෝ අතපය කපල දාන්න බැරිනම් ඔය මන්ත්‍රීකමින් ඇති වැඩේ මොකක්ද? අත්හිටවූ සිරදඬුවම කියන්නේ ගෙදර ඉඳල මාසෙකට දවසක් උසාවියට ගිහින් අත්සන්කරලා එන එකවගේ දෙයක් තමයි මට නම් හිතෙන්නේ.. අනික ඒ දරුවෝ 6 දෙනාට හිරගෙවල්වල ඉන්න පුලුවන්ද? එතකොට ඉදිරියට එන ඡන්දෙට කවුද හිරුනිකා දුවව බලාගන්නේ? කොහොමද ඡන්දෙ දාන්නේ? විහිලුකරන වෙලාවක් නොවේ හොඳේ.. බුදු සරණයි!!!

:       0       8

Bamunuarachchi Monday, 27 November 2017 12:54 AM

"මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුනේ එ.ජා.පෙ. ප්‍රමුඛ මහින්ද විරෝධී ඡන්දවලින් මිස ශ්‍රී ලංකා නි.ප. ඡන්දවලින් නොවෙයි නේද කනිෂ්ක?" එතකොට 2005 සිට 2015 දක්වා පැවැති සෑම චන්දයකින්ම එ.ජා.පෙ. පැරදුනේ කොහොමද? අනේ එ්කත් කියන්නකෝ. ඇයි සිරිසේන ජනාධිපතිකමට තිබ්බේ? රනිල්ටම ඉල්ලන්න තිබුණානේ. නිදියන්න ගියාම ඇඳට වෙලා ඕවා ටිකක් කල්පනා කරන්න. එතකොට අර නරක හීන පෙනෙන එකත් නවතිනවා. මහ රෑ නැගිටින්න ඕනෙත් නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 27 November 2017 12:57 AM

හිරුණිකා නැවත පාර්ලිමේන්තු එන්නේ නැත. මෙන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 181 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 423 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 250 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 218 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 464 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 566 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site