IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


හිරුණිකාගේ නිවසට හොරු පනිති

(ඉන්දිකා රාමනායක)

 පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ  හෝකන්දර අරංගල නිවසට බිඳ  එහි  අල්මාරියක  තිබු රුපියල් ලක්ෂ 5 ට අධික  වටිනා තිබු  රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

   මෙම නිවසට පැය 24 ක්  පුරාවට  පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබියදී  ඉකුත් (23) දින රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රිනි  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා  ඊයේ  (24) අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය වු දින  රාත්‍රියේ නිවසේ ඉදිරි තාප්පය දිගේ    පැමිණි සොරෙක්    නිවසේ උඩුමහලට පිටුපස පැත්තෙන් ජනේලයතින් ඇතුලු වී ඇති බවත්   ඔහු උඩමහලේ කාමරය කට ඇතුලු වී ඇති බවට  තොරතුරු හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරු එහි  කාමරයක  තිබු අල්මාරියේ දොර නියනකින්  විවෘත කර  එහි තිබු ස්වර්ණාභරන සහිත පෙට්ටි හා  අත්ඔරලෝසුව සොරාගෙන ගොස් ඇත.
 නිවසින් සොරාගත් ස්වර්ණාභරණ පෙට්ටිවල  තිබු රන්බඩු රැගෙන එම හිස් පෙට්ටි හා භාවිතා කළ නියන යාබද    හිස් ඉඩමක දමා ගොස් තිබුයදී පොලිසියට සොයගෙන ඇත.
මෙම සිද්ධිය වන අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා  නිවසේ සිට ඇති අතර  24 වැනි දින පෙරවරුවේ  අවදි වී බැලීමේ දී මෙම සොරකම දැක සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.

 සිද්ධියේ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත.  අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (8)

හිරුණිකාගේ නිවසට හොරු පනිති

iran Tuesday, 25 September 2018 04:35 PM

ඇත්තටම හොරු ද ...?

:       26       164

Ruchira Wednesday, 26 September 2018 03:51 AM

හොරා හොඳ පුරුදුකාරයෙක් වගේ.................

:       0       30

KANDEPOLA Wednesday, 26 September 2018 03:59 AM

පොලිස් ආරක්ෂාව තිබියදී පවා මෙවැනි සොරකමක් කරන්න තරම් එඩිතර හොරුත් මේ රටේ ඉන්නවා. හොරකම රටේ ඉහළ සිට පහළටම තියෙන එකේ දැන් මුළු රටේම ඉන්නේ ඒ සඳහා විශේෂඥයෝ.

:       25       557

siripala Wednesday, 26 September 2018 05:43 AM

හොරා හොයාගෙන ඔපිස් එකට ගෙනල්ලා කන පලමු !

:       0       35

දාවිත් Wednesday, 26 September 2018 07:32 AM

මම නං හොරකං කරපු මහත්මයාට සුභ පතනවා. තවත් මේ වගේ ගෙවල් කොල්ලකන්න වාසනාව ධෛර්‍ය ශක්තිය ලැබෙන්න කියලා..

:       8       81

sumith Wednesday, 26 September 2018 08:24 AM

හොරා පොලිසියේමද දන්නේ නැහැ. මොකද මම දැක්කා අද පත්තරේ දාලා තියෙනවා. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණන රාලහාමි කෙනෙක් ගැන...

:       0       19

Sarasi Wednesday, 26 September 2018 09:45 AM

ඉස්සරහට හොරු පනින්නේ ගෙවල්වල තිබෙන කෑම ජාති හොරකම් කරන්න. දෙලොවටම ඵලක් නැති දේශපාලකයින් නඩත්තු කරලා මිනිස්සුන්ට එදා වේලකන්න නැහැ.

:       0       11

chapa Friday, 28 September 2018 10:32 AM

හොරුන්ගෙත් හොරු .....කම්බ හොරු

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 107 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1403 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 269 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1520 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1119 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1424 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site