IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංවර්ධන නිලධාරීහු බදාදා වැඩවරති

රංජන් කස්තුරි

රටපුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියතුව සිටින සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරු අනිද්දා (12) එක්දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ මේ වනවිට ලක්ෂයක පමණ නිලධාරීන් පිරිසක් සේවය කරන අතර ඔවුන් අනිද්දා සේවයට වාර්තාකිරීමෙන් වැළකෙන අතර පෙරවරු 11.30ට බොරැල්ල ඩී.එස්.සේනානායක වටරවුමට රැස්වී එතැන් සිට විරෝධතා පා ගමනකින් ගොස් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.

සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරුන් සියලු දෙනා එම්.එන් - 4 වැටුප් තලයේ සිට එම්.එන් - 5 වැටුප් තලයට අන්තර් ග්‍රහණය කිරීම, උසස්වීම් පටිපාටියක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම , අහිමිකළ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ලබාදීම හා ඉල්ලීම් මුල් කරගනිමින් ඔවුහු එම වර්ජනයේ නිරත වෙති.



අදහස් (9)

සංවර්ධන නිලධාරීහු බදාදා වැඩවරති

sena Monday, 10 September 2018 03:09 PM

මෙච්චර දේවල් ඉල්ලන්නේ බදු ගෙවන මිනිස්සුන්ට මෙයාලාගෙන් ඇති වැඩේ මොකක්ද?

:       274       260

Dayan Monday, 10 September 2018 04:39 PM

ඇත්තටම මෙයාල මොනවද කරන්නේ? හරියට සංවර්දනය වෙලා රට.

:       1       24

සුසිල් Monday, 10 September 2018 11:00 PM

ප්‍රතිපත්කියක් නැති කමේ විපාක උපාධිධාරීන් ව්‍යවසායකයන් කරවනවා වෙනුවට තමන්ගෙ බඩගෝස්තරය රැක ගැනීමට භාවිතා කිරීමේ ⁣"දේශපාලන" ප්‍රතිඵල

:       5       26

prasad Tuesday, 11 September 2018 01:05 AM

මේ අයගේ රාජකාරිය කුමක්ද? මාසෙකට ඉටුකරන වැඩ ලැයිස්තුවක් තිබේද?කොපමණ ඵලදායක රැකියාවක්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරදෙන්න.

:       2       7

Janu Tuesday, 11 September 2018 01:23 AM

ඉක්මනට ඉල්ලීම දෙන්න,මෙයාලා වර්ජනය කරොත් රටම ඉවරයි..

:       3       0

Lakmal Tuesday, 11 September 2018 02:40 AM

වැඩක් නොකර පඩි ගන්න මෙයාලව පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවලට අනුයුක්ත කරන්න.

:       5       45

Santha Tuesday, 11 September 2018 05:36 AM

වැඩ නොකර ඉන්න කලින් මේ අය කරන වැඩ මොනවද කියල පැහැදිලි කල යුතුයි

:       1       20

THILINA Tuesday, 11 September 2018 07:36 AM

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්... සංගමන් කන්දේ සිට කොළොඹ කොටුව දක්වා වුත් සතර දික් භාගයේම ජීවත් වන රජයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ, පෞද්ගලික අංශයේ සහ ස්වයං රැකියා සේවයේ මතු නොව අහිංසක යාචකයින් ඇතුළු සුවහසක් හුදී ජනයා විඳින්නට තරම් අපහසු කප්පරක් තරම් වූ දුක්ඛ දෝමනස්සයන් කරපින්න ගෙන කලදවස ගෙවති. පාලකයෝ නැසූ කන්ව සිටී . මේ රට ගොඩ ගන්න දැන් තියෙන්නේ එකම විකල්පයයි. ඒ සොඳුරු සොඳුරු ආඥා දායකයෙකුගේ ආගමනයයි. එහෙම නූනොත් මේ මුතු ඇටේ නිකන්ම නිකං කැට කැබලිත්තක් වීම වැලක් විය නොහී .

:       0       1

rasika Tuesday, 11 September 2018 01:32 PM

රාජ්‍ය සේවයේ ඉන්න පලකටම නැති පිරිසක්. වැඩිදෙනෙක් ගෙදර ඉඳන් නිකං පඩි ගන්න අය. තව වැඩිකරලම දෙන්න.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 73 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 129 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 354 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 518 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 219 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 462 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site