IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සභාග ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කැඳවයි

(අජන්ත කුමාර අගලකඩ)


ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත‍්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට අනීවාර්යෙන්ම සහභාගී වන්නැයි දැනටමත් දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


එදින මන්ත‍්‍රීවරු සඳහා  විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පිරිනැමීමට සුදානම් කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් මුල්වී බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී.ල.නී.ප. පහළොස් දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට පසුගියදා ඉදිරිපත් කර තිබිණි.


ඒ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් දෙපාර්ශවය අතර පැවැති බව ඉකුත් සතියේ වාර්තා විය. 


මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් පාලන මන්ත‍්‍රී සංසදයද හිටපු ජනාධිපතිවරයා විසින් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයට හෙට (08) දිනයේ දී කැඳවා ඇතැයි වාර්තා වේ.
 



අදහස් (27)

සභාග ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කැඳවයි

OMG Sunday, 07 October 2018 08:29 AM

225 දෙනා ගැනම කියන්න බොහෝ දේවල් තිබුණත් කියලා වැඩක් නැහැ...

:       0       125

pathirana Sunday, 07 October 2018 08:44 AM

වැඩේ හරි ගියොත් නඩු ටික ගොඩ...

:       10       207

rocky Sunday, 07 October 2018 08:46 AM

සිංහලයා මලෝ! හොරු ඔක්කොම ඔන්න එකතු වෙනවෝ!!! අතිගරු ජනාධිපතිතුමා ඔහුව බලයට පත්කළ ඡන්ද දායකයින්ව පාවා දෙනවෝ!!! මෙහෙම ද්‍රෝහිකමක් තවත් ඇද්දෝ!!! අපිට ජීවත් වෙන්න වෙනත් රටක් හොයා ගනියෝ!!!

:       675       849

pawanSunday, 07 October 2018 09:34 AM

දැන් ආණ්ඩුවේ ඉන්න පිරිසෙන් එජාපය වෙන් කළොත් ඔවුන් කම්බා හොරු රැලක් කියලා රොකී මහත්මයාට නොතේරෙන එක පුදුමයි. ජනාධිපති සිරිසේන මහතා බලයට ගෙනා ඡන්ද දායකයින් කව්ද? එජාපයේ සියලුම දෙනා, ලම්බෝගිනි, රත්තරන් අශ්වයන්, ගුණ්ඩුව කාපු පාවෙන ඡන්ද දායකයින්ගේ ඡන්දවලින් සහ රාජපක්ෂ පාලනය ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා කියන ගුණ්ඩුව කාපු ද්‍රවිඩ මුස්ලිම් ඡන්දවලින්... මේ ගුණ්ඩු කාපු ඡන්ද දායකයින් නැවත රාජපක්ෂ පාලනය හා එක්වෙලා ඉවරයි.

:       1176       1312

OMGSunday, 07 October 2018 12:27 PM

එකක් කියන්න පුළුවන්. මින් මත්තට පාවෙන ඡන්ද කවමදාකවත් මේ කිසිම කෙනෙකුට ගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් දැන් කැමති නැහැ හොරු 225 සමග හෙළුවෙන් ඉන්න.

:       0       5

pawanSunday, 07 October 2018 01:04 PM

එජාපයේ කම්බා හොරු ඉන්නේ කියන්න උදාහරණ කීපයක් කියන්නම්... මහබැංකු මංකොල්ලය, ඊයේ පෙරේදා මහබැංකුවට එක්තරා ඇමැතිවරයෙකුගේ ගිණුමට ආපු රුපියල් කෝටි ගණනක කොමිස් කුට්ටිය, ගිං නිල්වලා ව්‍යාපෘතියෙන් ඉල්ලන කොමිස්, කේබල් දුම්රිය ව්‍යාපෘතියෙන් ඉල්ලන කොමිස්, මහනුවර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් කොමිස්. යහපාලන ඡන්ද දායකයිනි, ඔබට සතුටුයිද දැන්?

:       9       60

athuraMonday, 08 October 2018 03:31 AM

ඔබ පලකල ඇති එජාපයේ හොරකම් ඔබම පළකර ඇති ලම්බෝගිනි කතාවට දෙවැනි නැත.

:       34       35

Rumesh Sunday, 07 October 2018 09:02 AM

දුවන කෝච්චියට බෙල්ල ති⁣යනවා වගේ වැඩක් කරන්න යන්නේ. කිසි ලෙසකින් මේ ජනාධිපති සමග එකතුවීම පාක්ෂිකයන් අනුමත කරන්නේ නැහැ. කරුණාකර බුද්ධිමත්ව කටයුතු කරන්න.

:       3       240

weliweriye dil Sunday, 07 October 2018 09:05 AM

දෙවියන්ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!!.

:       723       1297

Chamila Sunday, 07 October 2018 09:09 AM

සිරා හිතාගෙන ඉන්නේ මහින්දට අගමැතිකම දීලා ඊළඟ පාරත් ජනාධිපතිකම ගන්න..

:       1       315

sirimal Sunday, 07 October 2018 09:24 AM

මේ නූල් බෝලයට එකතුවුණු අලුත්ම ප්‍රලාපය වන්නේ මහින්ද අගමැති කරන සභාග ආණ්ඩුවක් ගැන කතා කිරීමට ජනාධිපති සිරිසේන හිටපු ජනාධිපති මහින්ද හමුවී කතා බස් කල බවයි. පසුගිය (04) ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තීරණය ගැනීම් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී කණ්ඩායමක් පත් කෙරුණු බවයි. නමුත් එහිදී සිදු වූයේ "ඒජනිස තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට එම කමිටුව පත් කළ බව"යැයි මහ ලේකම්වරයා කියයි. ශ්‍රී.ල.නි.ප. මහලේකම් කියන්නේ "සම්මුතිවාදී රජයෙන් ඉවත්වීම සඳහා අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සංධානය කමිටුවක් පත්කර නැති බවත් ඉදිරියේදී ශ්‍රීලනිප කණ්ඩායම සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය" බවත් ය. යනඑන මං නැතිව ඉන්නා කණ්ඩායමක් එක පුද්ගලයෙකුගේ පිහිටෙන් ගොඩ ඒමට ගන්නා මේ සියලුම ක්‍රියාදාමයන්ගේ අවසන් අරමුණ මාධ්‍ය මඟින් මේවගේ ප්‍රලාප සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදී ආණ්ඩුව තුල අවුල් වියවුල් සහගත තත්වයක් ඇතිබවක් මවාපාමින් ආණ්ඩුවට සම්බන්ධ කොටස් කරුවන් අතරේ ගැටුම් ඇතිකිරීමයි. රටට වැඩක් සිදුවන දෙයක් කිරීම නොවේ.

:       47       133

ලුම්බිණි Sunday, 07 October 2018 09:30 AM

ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න... ඔබ නොදැක බැරුවා... ඔබ නැතුව බැරුවා.. ඔබ එතැයි සිතුවා මග බල බලා නෙතු දව දවා... (ඔබගේ කට්ටිය).

:       35       26

sam Sunday, 07 October 2018 09:42 AM

මේවා සාකච්ඡා කළාට සාර්ථක වෙන්න තව පෝය කීයක් යාවිද දන්නේ නැහැ... මොන හේතුවකට හරි මේ සභාග ආණ්ඩුව පිහිටවුවොත් වර්තමාන ජනාධිපතිතුමාට යන එන මං නැතිවෙන බව නම් සහසුද්දෙන් කිවහැකියි.

:       0       219

samank Sunday, 07 October 2018 09:56 AM

අනිවාර්යයෙන් මහින්ද රජයක් ඇතිවිය යුතුයි. රට මේ අගාධයෙන් ගොඩ ගැනීමට නම්....

:       1940       1196

Perakum Sunday, 07 October 2018 10:47 AM

හැම දේශපාලකයෙක්ම හදන්නේ කොහොමහරි අපිව අමාරුවෙ දාලා එයාලගේ සුඛ විහරණය හදාගන්න. ඕක තමයි හැමදාමත් සිද්ධ වුනේ. ඉස්සරහට සිද්ධ වෙන්නෙත්. පුදුම වෙන්න දෙයක් නෑ. මේ ඉතින් මෝඩ අපේ අවාසනාව.

:       0       196

rohana Sunday, 07 October 2018 11:27 AM

රාජපක්ෂලා මේ නඩු වලින් ගොඩ එන විදියක් කල්පනා කරනවා අපේ samank වගේ අය අනේ ඉතින් සිහින මවනවා.

:       28       127

erdi Sunday, 07 October 2018 11:35 AM

අපේ රටේ හොරුන්ට බේරෙන්න තියන පහසුම ක්‍රමය දේශපාලනය.

:       2       25

ranjith Sunday, 07 October 2018 11:58 AM

ඡන්දෙ දීලා කරගත්තු වැඩක්... මේ ඔක්කොම හොරු... මේ කාටවත් ඡන්දෙ දීලා වැඩක් තියේද? හොරකම් කරලා හිරේ ගියාම ඒ අයට බෝධි පූජා පවත්වනවා. එහෙනම් මේ හිරේ ඉන්න හැම කෙනාටම බෝධිපූජා පවත්වන්න එපෑයැ...

:       0       1

OMG Sunday, 07 October 2018 12:23 PM

පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ 225 හැර වෙන කව්රුවත් නැත්ද? කොහොම තෙම්පරාදු කළත් එකම 225 පොඩ්ඩක් එහාට මෙහාට වුණාට. මේ කට්ටියම තමා මන්ත්‍රීවරු ඇමැතිවරු. හැමදාම උපරිම විදිහට තමන් භුක්ති විඳිනවා.

:       0       1

CLS Sunday, 07 October 2018 12:24 PM

අල්ලපු අත්තත් නෑ... පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් තමයි වෙන්නේ...

:       0       1

Chandima Sunday, 07 October 2018 12:30 PM

මේ රටේ මිනිස්සු තාම තේරුම් නොගත්ත දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම තියෙන්නේ මේ රට අවංකව, වංචාවෙන් තොරව දියුණුව කරා ගෙනයාමේ ඒකායන බලාපොරොත්තුව නෙමෙයි. කොයි දේ කරන්නෙත් තමන්ගේ බඩ වඩාගෙන කොහොම හරි හම්බකරගෙන ප්‍රභූවරු වගේ තමන් විතරක් වැජඹෙන්න. එ්කනේ ආපු ගමන් ඩියුටි ෆ්‍රී වාහනේ ඕඩර් කරන්නේ.. එතැනින් හම්බ කිරීමේ නොනවතින ගමන අරඹනවා. ඒ නිසා ඔය කරන දේශපාලන සෙල්ලම් තඹ දොයිතුවකට මායිම් කරන්න වටින්නේ නැහැ.

:       0       1

samank Sunday, 07 October 2018 12:43 PM

අපේ රටට මහින්ද හැර වෙන විකල්පයක් නැත.

:       4       6

සතයපාලSunday, 07 October 2018 01:45 PM

ඔබ නිදන්න... ඔබ නිදන්න හීන දැක දැක...

:       0       5

සතයපාල Sunday, 07 October 2018 12:54 PM

මාසයකට සෑරයක් පොහොට්ටුවේ නාඩගමක් රඟ දක්වනවා. ගිය මාසේ කොළඹ වටලලා ආණ්ඩුවත් අරන් ගෙදර ගිය කට්ටිය මේ මාසේ සභාග ආණ්ඩු හදන්න සාකච්ඡා තියනවා. මේවා තමයි පාක්ෂිකයින්ගේ මොරාල් එක තියා ගන්න කරන දේවල් මිසක යථාර්ථවාදී දේශපාලන ක්‍රියාමාර්ග නොවේ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක් හා දෙමළ ජාතික සංධානය සතුව ආසන 16 ක් පවතින තත්වයක් තුළ ආසන 85ක් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවන්න එදාත් බැහැ, අදත් බැරි අතර එ.ජා.ප.යේ පිරිසකගේ සහය ඇතිව ආණ්ඩු පිහිටුවන කතාව ඇත්ත වීමට නොහැක්කේ එදා ජනාධිපතිවරයා හා ආණ්ඩුව තමන් සතුව තිබියදී රුපියල් කෝටි ගණන් වලට නොවිකිණී ආණ්ඩුව රකින්න නොගිය දේශපාලකයින් අද ආණ්ඩුබලය තමන් අත තිබියදී එය අතහැර විපක්ෂයට එක්වේදැයි යන ප්‍රශ්නය නිසාය...

:       0       1

Aka Alle Sunday, 07 October 2018 01:08 PM

සුනාමි මුදල් හොරාකාපු අයත් මැරෙන්නේ බල තණ්හාවෙන්....අනේ දෙවියනේ මේ වගේ අය රටින් දුරුකරන්න ඕනේ..., මේ අයගේ හොර නඩය ඉන්න තුරු අපෙි රට වල පල්ලෙම තමයි.

:       0       1

rohana Sunday, 07 October 2018 01:25 PM

අන්න සමන්ගේ බළලා මල්ලෙන් පැන්නා. අන්න එ්ක තමයි මම කිව්වේ මෙයා පා.ම. මහින්දට කඩේ යන කෙනෙක් කියලා.

:       0       1

Chanak Los Angeles Sunday, 07 October 2018 06:23 PM

පඹගාලක පැටලී ගොඩඑන්න බැරිව ඉඳගෙන රටේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා මොවුන්ට කඩේ යන අයගෙන් අහන්න කැමතියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 36 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 264 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1800 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 352 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1774 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1241 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site