IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිංගප්පූරුව හා ඩුබායි වගේ අපිත් එක්ව ඉදිරියට යා යුතුයි - කතානායක

(ජවුෆර් ඛාන්)

ලෝකය පුරා තැනින් තැන බෝම්බ ශබ්ද ඇසෙමින් පවතින අවස්ථාවක අපේ රටේ ඉතාමත් සන්සුන් දේශපාලන වාතාවරණයක් ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

 සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙලා1948 දී නිදහස ලබා ගත්තා. අපිත් සිංගප්පූරුව හා ඩුබායි වගේ ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සියලු ජනතාව එක්ව කටයුතු කළ යුතුයි යැයිද කතානායකවරයා කීවේය. 
“හැමෝම මිනිස්සු“

“දෙමළ, සිංහල, මුස්ලිම් කවුරු වුණත් බෙදීම්වලින් මනින්න බැහැ. වර්තමානයේ නව දේශපාලනයක් ඇති වෙලා තියෙනවා. ස්වාධීන කොමිසම පිහිටුවා තියෙනවා. මැතිවරණවලදී ජනතාවට හෘද සාක්ෂියට අනුව ඡන්දය දීමේ හැකියාවක් ඇති කරලා තියෙනවා.“යැයි කතානායකවරයා ප්‍රකාශ කළේය. 

රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ වසර 25 ක දේශපාලන ජීවිතය ගැන දැක්වෙන කිලක්කින් වාසල් (නැගෙනහිරේ මිදුල)  නම් කෘතිය එළිදැක්වීමේ අවස්‍ථාවට අද (10) එක්වෙමින් කතානායකවරයා මෙසේ පැවසීය.

 



අදහස් (9)

සිංගප්පූරුව හා ඩුබායි වගේ අපිත් එක්ව ඉදිරියට යා යුතුයි - කතානායක

aravinda Monday, 10 April 2017 11:10 AM

වෙන කව්රුත් වගේ නොවේ, අපි අපේ රටට සරිලන විදියට ඉදිරියට යා යුතුයි.

:       1       40

විකුම් රංගන Monday, 10 April 2017 12:55 PM

රටේ ඉන්න මිනිස්සු තුළ කුහක කමයි තියාගෙන එකිනෙකා සමග කුලල් කා ගන්න මන්ද මානසිකත්වයක් තිබෙන තාක්කල්, රට තුල මොන විදිහේ වාතාවරණයක් තිබුණත් පලක් නැහැ, මේ රට යන්නේ ආපස්සටම තමයි.

:       43       70

upali Monday, 10 April 2017 03:23 PM

මේ රටවල්වල දුෂණය නැත. භීෂණය නැත. ජාතික ප්‍රතිපත්ති ඇත. උගත් පාලකයෝ සිටිති. එහෙයන් එම රටවල් දියුණුය.

:       15       63

maheeTuesday, 11 April 2017 12:17 AM

හරිම ඇත්ත. රටවල් 176 ක් තුල, ලෝක දුෂණ දර්ශකයේ යුරෝපා රටවල් හයකට පස්සේ, 7 වැනි තැනට ඉන්නේ ආසියාවේ සිංගප්පුරුව. මත්ද්‍රව්‍යකාරයින්ට මරණ දඬුවම දෙනවා විතරක් නෙමෙයි ක්‍රියාත්මක කරන රටක් සිංගප්පුරුව. ඒ වගේ ඉදිරියට යන්න නම් අපේ හොර තක්කඩි දේශපාලුවෝ ඉන්න තුරු බැරිවෙයි.

:       0       0

nihal Monday, 10 April 2017 04:21 PM

ලෝකයේ තැනින් තැන බෝම්බ පිපිරෙද්දී අපේ රට සන්සුන්ව ඉදිරිට යනවා, අගේ කලයුතු කතාවක්, එයට ඔබතුමාද රට වෙනුවෙන් එදා දායක විය

:       55       3

Chanak Los Angeles Tuesday, 11 April 2017 12:22 AM

ඔබලා හැමදාම මේවගේ බයිලා කියනවා නමුත් ඔබලා කිසිම විටෙක ඔබලාගේ පන්තියට පීඩිත ජනතාවට එන්න දෙන්නේ නැහැ.

:       0       5

sam Tuesday, 11 April 2017 01:26 AM

රට පස්සට යනවා මිසක් ඉස්සරහට යන්නේ නැත

:       0       0

රොමේෂ් Tuesday, 11 April 2017 05:56 AM

කාලයක් සිංගප්පූරුව අපිවගේ ඉදිරියට යන්න සලසුම්කලා සහ ඒ ගමන හරියටම ගියා. දැන් අපි සිංගප්පූරුව වගේ වෙන්න සැලසුම්කරනවා. හිතන්න, කොයි තරම් අවාසනාවන්ත තත්වයකටද මෙතෙක් රට පාලනයකල පාලකයෝ අපේ රට ගෙනල්ල තියෙන්නේ. කොරියාව ගත්තත් එහෙමම තමයි. ඉස්සර මුඩුක්කු පේලියක් දැක්කම කොරියාව වගේ කියපු අපේ මිනිස්සු අද වෙද්දී කොරියාවට යන්න දඟලනවා. කොරියාව එගොලන්ගේ මිනිස්සුන්ට රැකියා දීලා අපේ මිනිස්සුන්ටත් රැකියා දෙන්න තරම් තමන්ගේ දේශීය කර්මාන්ත දියුණුකරගෙන. ඕන කෙනෙක්ට තමන් කැමති තැනක තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්, නමුත් ජාතියක් විදිහට එකම ගමනක් යන්නනම් අතිබහුතර ජනතාවක් ඒ අරමුණ සඳහා පෙළගැස්සවිය යුතුයි. ඒ සඳහා හොඳ නායකත්වයක් තිබුය යුතුයි සහ නායකත්වය ආදර්ශමත් විය යුතුයි.

:       0       60

lalithsjm Tuesday, 11 April 2017 06:03 AM

නීතිය වල් වැදිලනම් කිසිදෙයක් වෙන්නේ නැහැ රට ප්‍රපාතයට මිසක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 1 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 90 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 132 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 324 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 360 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 671 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site