IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෞඛ්‍ය ඇමති දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීමට යයි

කාංචන කුමාර ආරියදාස

දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ බිම  වැතිරී නේවාසිකව  ප්‍රතිකාර ලබන රෝගීන් නිරීක්ෂණය නොකළේ යැයි රෝගී කාන්තාවන්ගෙන්  චෝදනා එල්ල විය.

දඹුල්ල  වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ පවතින අඩුපාඩු සොයාබැලීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා , පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් කණ්ඩායමක් අද (01) දඹුල්ල රෝහලට පැමිණියහ.

අමාත්‍යවරයා එම වාට්ටුව ඇතුළට නොයා දොර ආසන්නයේ සිට වාට්ටුව දෙස බලනවාත්  සමඟ එහි සිටි හෙද නිලධාරිනියක කියා සිටියේ එම වාට්ටුවේ ඉඩ ප්‍රමාණය අවම වීම නිසා අපහසුතා රැසකට පත්ව ඇති බවයි.

රෝහලේ සිටි රෝගී  කාන්තාවන් බිම වැතිරී සිටින ආකාරයත් එක ඇඳේ දෙතුන්දෙනා ප්‍රතිකාර ගන්නා ආකාරයත් අප දුටු අතර එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අමාත්‍යවරයා පිටව යනවාත්  සමඟ දැඩි ලෙස කෝපයෙන් කෑගසන්නට වූවාය.

රෝහලේ  සංචාරයෙන් පසු අමාත්‍යවරයා රෝහල් භූමියේ ඉදිකෙරුණු වකුගඩු රෝගී අංශයේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ අඩුපාඩු පිළිබඳව කතාබහ කළේය. දඹුල්ල රෝහලේ පවතින  සේවක හිඟය පිළිබඳව රෝහල් සේවකයෝ අමාත්‍යවරයාට දැනුම් දුන් අතර රෝහලේ ඉඩ පහසුකම් අවම  බව ද පෙන්වා දුන්හ.

ලංකාවේ  සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මුළු ලෝකෙම මවිතයට පත්ව තිබෙන බවත්  ලෝක  සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිත්වය පසුගියදා තමන්ට හිමි වු බවත් එහිදී වෙනත් රටවල් වල නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පිළිබඳව සතුටු වී ඇමරිකාවට  පවා දොස් නගන්නට වූ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදි පැවසීය.

එමෙන්ම දඹුල්ල මූලික රෝහලට අංගසම්පූර්ණ රෝහලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (12)

සෞඛ්‍ය ඇමති දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීමට යයි

sanath Friday, 01 June 2018 07:06 PM

වාට්ටුවල ලෙඩ්ඩු පිරිලා ඉන්නේ මේවගේ ප්‍රධාන රෝහල් වල විතරයි. ගම්බද රෝහල්වල ඇඳන් 100 ට ලෙඩ්ඩු ඉන්නේ වැඩිමවුනොත් 10 යි. ඉතිරි ඇඳන් 90 ම හිස්. රෝගීන්ගෙන් 90% ක් ම ප්‍රතිකාර ගන්න යන්නේ ප්‍රධාන රෝහල්වලට නිසා එම රෝහල් වල සේවකයින් කාර්ය බහුල නිසා අතපසුවීම් සිද්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි කුඩා රෝහල් වල පහසුකම් උපරිම ලෙස දියුණු කිරීම.

:       106       158

RaveendraSunday, 03 June 2018 04:35 AM

sanath මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකගවන්නෙමු. එනමුත් කිසිදු "දේශපාලුවෙක් " දුෂ්කර ප්‍රදේශවල රෝහල් කිසිදු දිනක දියුණු නොකරන බවත් ස්ථිරය. හොදම උදාහරණය දබුලු රෝහල. රෝගීන්ගේ තත්වය සහ පහසුකම් පිලිබදව "youtube " වැඩසටහන එය තවත් කදිම උදාහරණයකි.. සියලුම ලාංකික පුරවැසියන්ගෙන් අප ප්‍රසිද්දියේ කාරුණිකව මෙසේ ඉල්ලීමට කැමැත්තෙමු. "කිසිදු දේශපාලුවෙක් " ( රතු, කොළ, නිල් ඇතුළු සියලුම පක්ෂවල) මහජන මුදල්වලින් පවත්වන උත්සවවල සහබාගි නොවන ලෙසත් , මෙම දෙනා මල් මාලදමා පිළිනොගන්නේ ලෙසත් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන ලෙසත්ය.

:       0       93

tommy Friday, 01 June 2018 07:12 PM

එක ඇඳේ දෙතුන්දෙනා ප්‍රතිකාර ගන්නා නිසාද, අද මුළු ලෝකෙම අපේ සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මවිතයට පත්ව තිබෙන්නේ? රෝහලේ වැසිකිලි දිහාවට ගියානම් ලෝකය තවත් පුදුමයට පත් වෙයි!

:       1       280

emerson Friday, 01 June 2018 07:32 PM

අමුතුවෙන් බලන්න දෙයක් නැ. ලංකාවේ අඩුපාඩු නැති රෝහලක් නැ. ඔය සංදර්ශන වලට වියදම් කරන සල්ලිත් දාලා පුලුවන්නම් ඒවා හදන්න

:       1       271

Sana80 Saturday, 02 June 2018 02:55 AM

ලංකාවේ සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මුළු ලෝකය පමණක් නොව අපිද ඉතා මවිතයට පත් වී සිටිමු.

:       0       151

දීපාක් කරුනාරත්න Saturday, 02 June 2018 05:55 AM

අර දකුනේ අහිංසක පොඩි ළමයි මැරෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයන්න

:       0       532

Cyril Saturday, 02 June 2018 10:44 AM

රෝහලක වැසිකිලියකට ගියානම් මෙලොව අපාය බලාගන්න පුළුවන්. ඕනෑම තැනක වැසිකිලිය පිරිසිදුව තිබිය යුතුමය.

:       16       150

lanka Sunday, 03 June 2018 01:00 AM

ලෙඩා රෝහලට යයි.

:       0       27

Lal Sunday, 03 June 2018 02:23 AM

රෝහල් වල වැසිකිලි අපිරිසිදු කරන්නේ රෝගීන් සහ රෝගීන් බලාගන්න අය.

:       92       63

kanthi Sunday, 03 June 2018 03:32 AM

ලාල් මහත්තයෝ, එතොකොට රෝගීන්ට සහ රෝගීන් බලාගන්න අයට රෝහල වලට ඇතුළුවීම තහනම් කලානම් ප්‍රස්නේ විඳගන්න හැකියි නේද?

:       0       27

Bamunuarachchi Monday, 04 June 2018 02:56 AM

සිංගප්පූරු ඉස්පිරිතාලකට යන්නේ නැතුව මේ මිනිස්සු මොකට මෙහෙ ඉස්පිරිතාල පුරවනවද කියලා හිතනවා ඇති.

:       0       0

Bamunuarachchi Monday, 04 June 2018 03:01 AM

රෝහල් වල වැසිකිලි අපිරිසිදු කරන්නේ රෝගීන් සහ රෝගීන් බලාගන්න අයලු එතකොට දොස්තරලා නස්ලා පාවිච්චි කරාම අපිරිසිදු වෙන්නේ නැද්ද. ලාල්ගේ ගෙදර වැසිකිලියක් තිබෙනවානම් ලාල් එය පාවිච්චි කලාම අපිරිසිදු වෙන්නේ නැද්ද.? අපිරිසිදු වෙන නිසා තමයි වැටුප් ගෙවලා ඒවා පිරිසිදු කරන්න මිනිස්සු යොදවලා තිබෙන්නේ. ඒ මිනිස්සු තම රාජකාරිය නොකරන එකයි ප්‍රශ්නය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 58 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 302 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 207 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 196 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 422 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 511 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site