IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘වගා කරන්න එන්න’යි දුමින්ද හිටපු ජනපතිවරුන්ගෙන් ඉල්ලයි

(මුදිතා දයානන්ද)

විශ‍්‍රාම කාලයත් රට වෙනුවෙන් වැය කිරීම සඳහා වගා සංග‍්‍රාමය සමග එකතු වන්නැයි විශ‍්‍රාම සුව විඳින රාජ්‍ය නායකයින් දෙපළගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පුංචි දේවල් මතුකරමින් රට අවුස්සනවා වෙනුවට මෙම වගා සංග‍්‍රාමය සමග එක්ව රටට නැගීමට සහය වන්නැයි තමන් මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලන බව දිසානායක මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසූවේ ‘ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය‘ වැඩසටහනට සමගාමීව අද (08) හෝමාගම නියදගල පැවති කොළඹ දිස්ත‍්‍රික් වප්මගුල් උත්සවයට සහභාගී වෙමිනි.

“මාධ්‍ය ආයතන සෑම එකක්ම රටක් අවුස්සන්න බොහොම දක්ෂයි. පොඩි සිද්ධියක් වුණාම රටක් ඇවිස්සෙන විදිහට මිනිත්තුවෙන් මිනිත්තුව එය ප‍්‍රචාරය කරන්න ඒ අය දක්ෂයි. ඒ නිසා රටක් අවුස්සන්න ඔබට ඒ තිබෙන හැකියාව රටක් නගා සිටුවන්න යොදවන්න. අපිත් එක්ක වගා සංග‍්‍රාමයට එක්වෙන්න.

ලෝකයේ බොහෝ රටවල අපි දැකලා තිබෙනවා රාජ්‍ය නායකයෝ විශ‍්‍රාම ගත්තාම ගියේ කුඹුරට. ගොවිබිමට. ඇමරිකාවේ හිටපු නායකයොත් විශ‍්‍රාම ගත්තාම ගියේ තමන්ගේ ගොවිපොළට. අපි අපේ හිටපු රාජ්‍ය නායකයෝ දෙන්නා වන මහින්ද රාජපක්ෂ මහතාටත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ආරාධනා කරනවා තමන්ගේ විශ‍්‍රාම දිවියේ මේ වගාසංග‍්‍රාමයත් සමග එකතුවී රට නගා සිටුවන්න සහය වෙන්න. ඒ ආශිර්වාදය ලබාදෙන්න කියලා.

ඵල දරන විශ‍්‍රාමය කියලා අපි අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. විශ‍්‍රාම ගියාම බොහෝ දෙනෙක් වගාවක් කරන්න කැමතියි. එවැනි අයගෙන් අපි ඉල්ලා සිටිනවා වගා කරන්න දැනුම අවශ්‍ය නම් එය ලබාදෙන්න අපි සූදානම්. ඒ වගේම තමන්ට ඉඩමක් තිබෙනවා, ඒත් වගා කරන්න බැරි නම් වෙන කෙනෙක් යොදා වගා කරන්න. අපි සුදානම් ඔබට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
    



අදහස් (31)

‘වගා කරන්න එන්න’යි දුමින්ද හිටපු ජනපතිවරුන්ගෙන් ඉල්ලයි

prakaash Sunday, 08 October 2017 11:07 AM

මේ අය දන්නවද වගා කරන්න..? වගාපාලුවෝනේ...,

:       0       113

Sahan Sunday, 08 October 2017 11:17 AM

රාජගිරියේ බිල්ඩිමේද වගා කරන්න යන්නේ.

:       113       577

sena Sunday, 08 October 2017 11:18 AM

අර සල්ලි ගිලින ගොඩනැගිල්ල ගැන මුකුත් නැද්ද ?

:       92       426

SHAN SAUDI Sunday, 08 October 2017 11:45 AM

ඇයි ඇමතිතුමනි වියගහට බඳින්න කට්ටිය මදිද?

:       431       603

samanSunday, 08 October 2017 03:10 PM

මෙයයි මෙයාගේ ලොක්කයි හිටියහම වියගහට ඇති. මදි වුනොත් ශාන් ඔයා ඉන්නවනේ ඒක හින්ද අවුලක් නෑ.

:       114       533

GamayaSunday, 08 October 2017 09:09 PM

ඇයි සමන් මෙතැන් ඉන්නේ එළ හරක් නේ, සම්ප්‍රදාය අනුව නම් මී හරක් තමයි මේ වැඩේට ගන්නේ. ඉල්ලුම් පත්‍රයක් දාල බලන්න. සම්මුඛ පරීක්ෂණයක් ඕන වෙන එකකුත් නෑ.

:       113       4

shan saudiMonday, 09 October 2017 04:04 AM

අැයි ඔයාලා කඩේ යන මහරජාගේ පරම්පරාව අවහම අපි එන්න ඕනේ නෑ..... දැනටත් හාන් නැති උණාට කරන්නේ මීහරක් වැඩනේ............

:       226       425

Pradeep Liyanage Sunday, 08 October 2017 11:45 AM

පළමුව තමන් වගාවට යොමුවෙලා, පසුව අනිත් අය යොමු කරනවා නම් වඩා හොඳයි. බොරුවට ෆොටෝ එකකට පෙනී හිටින්න හානවා වගේ රඟපෑවට නගුල අල්ලගෙන ඉන්න විදියෙන්ම පේනවා කරන බොරුව. කැකිරාවේ පැවති වප් මගුල් උත්සවයේ වියදම කෝටි 5ක් කියලා මාධ්‍ය වල පලවෙලා තිබුණා. පහුගිය කාලේ පැවති නියඟය නිසා ඔය ප්‍රදේශයේ කන්න විතරක් නෙමෙයි, බොන්න වතුරවත් නැතුව මිනිස්සු කොයිතරම් නම් දුක් වින්ඳද?. ඔය මහත්වරු කුඹුරට බස්සවන්න ඔය තරම් වියදම් නොකර හැමදාම කුඹුරට බහින මිනිස්සුන්ටම ඒක කරගන්න කියලා විනාශ කරපු මුදලින් ඒ දුප්පත් මිනිස්සුන්ට ආධාරයක් දුන්නා නම් කොයිතරම් වටිනවද? ඇයි මෙතරම් මුදලක් මාධ්‍ය සංදර්ශන වලට වියදම් කරන්නේ.

:       101       583

RaveendraMonday, 09 October 2017 05:53 AM

මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් වලට අපද ගරුකරන්නෙමු. අප මොනතරම් කිවත් මෙසේ විවෘත කිරීම්වලට , මුල්ගල් තැබීම්වලට උත්සව ගැනීම හා විශාල මුදල් ප්‍රමාණයක් නාස්තිකිරිම, මිල කල නොහැකි මිනිස් පැය ප්‍රමාණයන් , වාහන ,ඉන්දන. එකී මිකී නොකී මොනතරම් නාස්තියක්ද ??? මෙම "කවට නිවටයන්" කිසිදිනෙක අලුත සෑදු වැසිකිලි විවෘත කිරීම් වලට නොයන අතර එසේ වැසිකිලි සදහා මුල්ගල් තැබීමක් ද නොකරනු ඇත.මෙවන් " කවට නිවටයන් " ලක්බිමේ ඉපදී ඇත්තෙත් ලක්මවගේ දේපොළ විනාශ කිරිමටය.

:       0       76

Kariyawasam Sunday, 08 October 2017 11:58 AM

ඔබේ වගා සංග්‍රාමය, ඔබත් සමග කරන කටයුතු අපට නම් එපා... අර රාජගිරියෙ අක්කගේ බෝඩිම දකින කොට.... නම්

:       98       215

Raveendra Sunday, 08 October 2017 12:08 PM

අප අසා ඇති ආකාරයට වයසක අම්බරුවන් කුඹුරු සෑමට යොදා නොගන්නා නමුත් තරුණ අම්බරුවෝ ඒ සඳහා යොදා ගනී. එය නිසිලෙස මෙම ඡායාරුපයෙන්ද ස්ථිර කර ඇත.

:       140       429

සෙනෙවි Sunday, 08 October 2017 12:44 PM

ඔව්, අන්තිමට ඔහොම කරලා ඉතුරු කරන සල්ලි ටිකත් සබීතගේ ගෙයි කුලිය ගෙවන්නත් මදි වෙයි.

:       150       703

!anura Sunday, 08 October 2017 12:57 PM

ඇයි ඔය ගොල්ලත් එක්ක ඉන්න. දැන් කොණ්ඩය සුදු වුණු තරුණ නායකයාවත් එකතු කරගන්නේ නැත්තේ?

:       38       146

KUMARA Sunday, 08 October 2017 02:29 PM

පෞද්ගලික කුහකත්වයට, වී ටික අරන් ගිහින් මත්තල ගොඩ ගැහැව්වා. දැන් හාල් කිලෝ එක රුපියල් 100 යි. දිට්ඨධම්ම වේදීනීය කරුමේ පලදීලා තියෙන්නේ...

:       91       442

rahulMonday, 09 October 2017 02:50 AM

දිට්ඨධම්ම වේදනීය කරුමේ පල දීලා තියෙන්නේ මෙයාලට ඡන්දෙ දීපු අපිට. මේගොල්ලන් නම් කොටි ගණන් වාහන ගන්නවා. අපිට මොකද වුනේ?

:       0       48

daham Sunday, 08 October 2017 02:38 PM

මෙයා රාජගිරියේ වගා කරනවලු නේද? කෝටි ගාණක් සල්ලි වලින්...

:       96       229

සරණී කොටුවිල Sunday, 08 October 2017 02:45 PM

සතුන් දෙදෙනා හිතනව "අපවම අනුගමනය කර, අපේම පස්සෙන් එන ගමන් මේ අය ඇයි හතර ගාතෙන් මේ මඩේ නොයන්නේ.... අපට වඩා නුවණ ඇති අයවත්ද? අනේ එහෙම නම් දැන් ඉස්සරට වඩා හරක් හොරු වැඩි නිසා පරිස්සමටත් එක්ක අපව රෑට රාජගිරියේ අමාත්‍යාංශයේවත් ගාල් කරනවා නම් කියලා" ....

:       68       358

Thilina Sunday, 08 October 2017 04:00 PM

අවුරුදු 4කට කලින් සහල් අතිරික්තයක් තිබුණු රටේ සහල් පිටරට පවා යැව්වා ..ගොවි පුතෙක් රජ වෙලා අද බාල සහල් පිටරටින් පවා ගෙන්නන තැනට රට පත් වෙලා ... ලැජ්ජයි මහත්තයෝ තව බයිලා කියවනවා.

:       130       655

Chanak Los angeles Sunday, 08 October 2017 07:58 PM

ඔවුන්ට අඬ ගහන්න කැලෑවක් කපන්න නිධානයක් හාරන්න පැනලා ඒවි. කුඹුරකට ඇවිල්ලා ඔවුන්ට ලැබෙන කෙන්ගෙඩියක් තිබේද?

:       212       0

savanthMonday, 09 October 2017 06:48 AM

චානක ලොස් ඇන්ජලිස්, ඔබ ඇමරිකාවේ ඉඳගෙන වගාකරන්නේ නැතුව රාජගිරියට ඇවිත් කතාකරන්න.

:       0       82

mahee Sunday, 08 October 2017 08:57 PM

අපේ ඇඟේ මඩ ගැවිලා, අපි මඩ නාගෙන ඉන්නකොට මේ මී හරක් නම් හැබෑ වැඩකාරයෝ කියල හිතන මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒකට කියන්නේ මිනිස්කම. පුදුමෙ කියන්නේ, මේ අපේ පස්සෙන් එන කට්ටියත් මඩ ගැවිලා මඩ නාගෙන ඉන්නකොට මේ මී හරක් නම් හැබෑ වැඩකාරයෝ කියල හිතන මිනිස්සුත් අපේ රටේ ඉන්නවනේ. ඒකට කියන්නේ ගොන්කම.

:       0       36

Udaya Monday, 09 October 2017 12:28 AM

අපි දන්නවා ඔයයි ඔයාගේ තාත්තයි දෙන්නම වවාගෙන කන්න දක්ස බව. අර කුලියට ගත්ත ගොඩනැගිල්ලෙන් කාපු කෑම මදිද?

:       0       70

samarage Monday, 09 October 2017 02:55 AM

“මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් සුදුසුයි“ කිව්ව නිසා රජ වෙන්න හිතුණද? හැබැයි ඔයාට නම් කුඹුරේ මඩ ඕන නැහැ. රාජගිරියේ ඇති තරම මඩ තියෙනවනේ. දැනට තියෙන මඩ හොඳටම ඇති.

:       0       41

ධම්ම Monday, 09 October 2017 02:57 AM

නහය විදපු එළ හරක් දාලා කුඹුරු හාන්න තතනන කලියුගයේ ඇමතිවරු.

:       0       86

Saman Monday, 09 October 2017 04:23 AM

මහින්ද මහත්තයා තවම විශ්‍රාම ගොස් නැත. විශ්‍රාම යවලත් බැරිය. මේ රට දැනට පාලනය කරන යහපාලනය යයි බොරු ලේබල් අලවාගත් දුර්දාන්ත, හොර, රට විකුණන, රට භේද භින්න කරන ආණ්ඩුව පලවා හැර රට යහමගට ගැනීමේ වගකීම මහින්ද මහත්තයා සතුව තිබේ. ඕනෑම නම් බොරුවට රට වටේ යන හිටපු ජනාධිපතිනිය ඕකට අරගත්තාට කමක් නැත.

:       0       206

shan saudi Monday, 09 October 2017 04:24 AM

දැම්ම එලහරක් නොදා මක්කරන්නද? පළාතේ උන්නු මී හරක් සේරම පාර්ලිමේන්තුවටයි පළාත් සභා ප්‍රදේශීය සභා වලටයි පත් කලානේ... දැන් හාන්න වෙලාවක් නැහැ.

:       64       112

Appuhami Monday, 09 October 2017 04:28 AM

ඔය වියදම් කරපු සල්ලි ටිකත් සබීතාට දුන්නානම් ඉවරයිනේ...

:       0       106

Lapaya Monday, 09 October 2017 05:08 AM

සමරගේ. රාජගිරියේ මඩ දැන් වේලිලා කිසිම තෙතමනයක් නැහැ. හාන්න බැහැ පෝරු ගාන එක විතරක් කරන්න පුළුවන්.

:       1       1

බණ්ඩාර -කැකිරාව Monday, 09 October 2017 06:09 AM

ඔය නහයවිදපු එළහරක් දෙන්න වෙනුවට දියවන්න මීහරක දෙන්නෙක් ගත්තනම් වඩාත් උචිතයි .

:       0       2

බණ්ඩාර-කැකිරාව Monday, 09 October 2017 06:20 AM

ගොවියන්ට දුන්නු පොහොර සහනාධාරය කප්පාදු කළා ,රජරට කුඹුරු පුරන්වෙන්න හැරියා ,ගොවියෝ අසරණවී වසබොන්න සැලැස්සුව, පහුගිය අවුරුදු දෙකේ. මිනිස්සුන්ට ක්රොටන් කොළ කන්න කිවා. රටේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශකලා. දැන් පුරසාරම් දොඩමින් හාල් ගේනවා ,හරිම ලැජයි යහපාලන කඩේ ගැන.

:       177       160

shan saudi Monday, 09 October 2017 08:11 AM

බණ්ඩාර-කැකිරාව අයි දැන් දෙන්නේ පොහොර සහනාධාර නෙවේද ? හෙක්ටයාර් 1 ට 25000 ගෙවනවා දන්නේ නැද්ද? රටේ ඉන්න ඔය ගොල්ලෝ වගේ අය පිනට කාල පුරුදු වෙලා වගා නොකලට අනෙක් මිනිස්සු මොනවා කරන්නද ඔයාලට ඕනේ 300 ගානේ වස විස දාපු කොහේ හරි විසිකරන කුඩු ගොඩවල් ගෙනත් දෙන්නද අමතකද නෂ්ටික බලාගාර වල ඉවතලන ද්‍රව්‍ය ගේනවා ලංකාවට ෆෝර කියල ඒවා කාලා තමා වකුගඩු රෝග හැදෙන පොහොරද?

:       222       610

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 210 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 179 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 180 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 397 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 471 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 786 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site