IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලක්ෂ 1500 ලැබුණු ඇමැති කවුදැයි හෙළිකරන්න - දුමින්ද දිසානායක

(නිමල කොඩිතුවක්කු)
 
කැබිනට් අමාත්‍යවරයකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් ලක්ෂ 1500ක මුදලක් බැර වී ඇතැයි කියන සිද්දියට තමාගේ සම්බන්ධයක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
 
මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් පරික්ෂණයක් සිදුකර අදාළ කැබිනට් අමාත්‍යවරයා කවුද කියා රටට හෙළි කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
කැබිනට් අමාත්‍යවරයකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් ලක්ෂ 1500ක මුදලක් බැර වී ඇතැයි කියන සිද්දිය සම්බන්ධයෙන්  මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. ඇමැතිවරයා එසේ කීවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.


මෙවැනි කරුණු වාර්ථා කිරීමේදී මාධ්‍ය මගින් නිසි පුද්ගලයාට ඇඟිල්ල දිගු නොකිරීමෙන්  තව බොහෝ දෙනෙකු අමාරුවේ වැටෙන බවත් මේ නිසා   මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (9)

ලක්ෂ 1500 ලැබුණු ඇමැති කවුදැයි හෙළිකරන්න - දුමින්ද දිසානායක

kamal Wednesday, 03 October 2018 12:55 PM

හිටගෙන ඉන්න පන නැති ..පිනට ඇමතිකමක් හම්බ වෙච්ච කෙනෙක්ගේ ගිණුමකට ගිහින් තියෙන්නේ.. සිංගප්පූරු ගිවිසුමෙන් රට විනාශ කරපු එකේ කොමිස් මුදල් ගැන කවර කතාද?...

:       12       169

සමන්ත Wednesday, 03 October 2018 01:13 PM

ඔව්, ඒක වැදගත්. නිසි පුද්ගලයා සොයාගත යුතුයි. දුමින්දට හොඳ අනාගතයක් තියෙනවා. මේ සිද්ධියට ඔහු සම්බන්ධදැයි මම දන්නේ නැහැ. එහෙත් ඔහුට විරුද්ධවත් බරපතල චෝදනා තියෙනවා. ඒවා අපි කියන්න කැමති නැහැ. කරුණාකරලා අපි ඒවා හෙළිකරන්න කලින් එවැනි ගනුදෙනු වලින් ඔබ වැළකී ඉන්න එක ඔබටත්, ඔබේ අනාගතයටත්, රටටත් හොඳයි.

:       225       211

කුමාරWednesday, 03 October 2018 01:53 PM

සබීතාගේ බිල්ඩිම ආයෙත් මතක් වුණා... අහෝ යහපාලනය....

:       243       142

සමන්ත Wednesday, 03 October 2018 03:24 PM

යහපාලනය කියන්නේ ඉතාම හොඳ සංකල්පයක් මිසක් එක එක්කෙනාගේ හොඳ නරකකම් නෙමේ... කියන එකවත් පරණ වහල්ලුන්ට තේරෙන්නේ නැති හැටියක්...

:       237       354

BamunuarachchiThursday, 04 October 2018 01:59 AM

කුමාර යහපාලනයට වහල් වෙච්ච අය තමන් වහලුන් බව දන්නේ නැහැ. ඒකයි කතාවේ හොඳම හරිය

:       0       0

Raveendra Wednesday, 03 October 2018 01:42 PM

කාලා වරෙන්කො කිව්වලු... දියවන්නා ඔයේ ඉන්න මේ " තක්කඩි ගව රැල " සුදුපිරුවට ඇඳගෙන තොත්ත බබාලා වගේ මල්වට්ටි ඔලුවේ උඩ තබාගෙන හතර පෝයට අට සැරයක් සිල් ගනිමින් මොන තරම් ආත්ම වංචාවක්ද කරන්නේ? නොදකින් කවුරු වුණත් සහගහනවා.. රටේ මුල් පුරවැසියා අද කියලා තිබුණා දූෂණය නතර කරන්න ලෙහෙසි නැහැ කියලා.. ඔන්න අල්ලනවා නම් වැඩ. තව එක් කරුණක් මෙය කියන බොබිලත් ඉතින් විලි වහගන්න වස්ත්‍රයක් ඇඳගෙනද මේවා කියන්නේ? අර ගොඩනැගිල්ලේ හුටපටේ ගැන වචනයක් වත් කතා නැහැ නේද? තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැනත් කියන්නකෝ බලන්න... ලැජ්ජයි..

:       321       157

රවීන්ද්‍ර Wednesday, 03 October 2018 02:24 PM

හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා තියෙන්නේ..!

:       214       77

Chanak Los angeles Wednesday, 03 October 2018 09:16 PM

රට නන්නත්තාර කළ දේශපාලකයින් මේ අයුරින් කුණුබක්කියට වැටෙන එකට අපි නම් කැමතියි..

:       0       0

ලුම්බිණි Thursday, 04 October 2018 01:08 AM

සිද්ධියට තමාගේ සම්බන්ධයක් නොමැති නම් මේ ගැන සොයා බලන්න රහස් පොලිසියට දන්වන්න. එතකොට කවුද පුද්ගලයා කියල දැන ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 33 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 15 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 285 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 494 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 276 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 243 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site