IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රාජිතගෙන් අදත් පැය 4 ක් ප්‍රශ්න කරයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28)  පැය 4 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ  ප‍්‍රධාන පොලිස් පරීක්ෂවරයකුගේ  ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් රාජිත සේනාරත්න මහතා රඳවා සිටින මීගමුව  පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස්  මෙම ප‍්‍රශ්න කිරීම සිදුකළ බව උසස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් නිලධාරීන් අද (28) පෙරවරු 10.30 ට පමණ එහි ගොස් සිටි බවත් පස්වරු 2.30 පමණ වන තෙක් ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණි.

කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍යවරයා පසුගිය මාර්තු මස 17 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන්  කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

අලුත්කඩේ අංක 04 අධිකරණය මගින් ලබාදී ඇති නියෝගයක් මත  මෙම ප්‍රකාශය ලබා ගෙන තිබිණි.

 



අදහස් (9)

රාජිතගෙන් අදත් පැය 4 ක් ප්‍රශ්න කරයි

sam Thursday, 28 May 2020 10:58 AM

ඉතින් මෙයාගේ නිරෝධායන සති දෙක ඉවරයිනේ ඊයේට. මොකද මෙයාව රිමාන්ඩ් දාන්නේ නැත්තේ...?

:       109       216

චමින්දThursday, 28 May 2020 12:19 PM

ඊයේ පෙරේදා දිනක නැවත පිටතට ගෙනගියානේ.. එදින සිට නැවත දින ගණනක් නිරෝධායනය වෙන්න ඕනෑනේද? මේ කරන්නෙත් ඒකයි...

:       0       0

PrabhaThursday, 28 May 2020 01:13 PM

දවස් 14 .. අපි වගේ අයට... මෙයාලට මාස 14 වගේ අල්ලන් ඉන්න පුළුවන්...

:       0       0

නන්නාදුනන හාදයා Thursday, 28 May 2020 11:17 AM

ඔහොම අහලා දැනගන්න බැහැ.. එයා ඒ කාලේ 88 -89 කාලයේ ප්‍රා කියන මිනීමරු හමුදාව හදලා දහස් ගණන් කොල්ලන්ට කෙල්ලන්ට දුන්න වධම දීලා තමයි.. යමක් අහගන්න වෙන්නේ. දත්ටික ඔක්කොම ගලවන්න කියන්නත් බැහැ.. මිනිහා දත්දොස්තර වුනාට බොරු දත් සෙට් එකක්ලු දමලා ඉන්නේ...

:       0       0

විපරමා Thursday, 28 May 2020 11:55 AM

මාධ්‍ය නිවේදන, මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය ප්‍රකාශ, මෙකී නොකී සියල්ල දේශපාලුවන් නොකරන දේවල්ද..? දේශපාලුවන් කොයිකත් එකයි. ඒ අය තරම් ජනතාව ගොනාට අන්දවන්ට දන්න අය ලොවෙත් නැතුවා වගේ... ගැලවිජ්ජා කාරයින්...

:       0       0

සෙන්දේ Thursday, 28 May 2020 12:54 PM

මෙයා වගේම තව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ගැන බොරු ප්‍රකාශ කරලා රටම අන්දන්න හදපු තව දෙන්නෙක් ඉන්නවා.. ඒ ගොල්ලන්ටත් නීතිය ක්‍රියාත්මක වුණා නම් හරි...

:       0       0

Bamunuarachchi Thursday, 28 May 2020 01:02 PM

බොරු කියනවා වගේ... බොරු කියා රට අස්ථාවර කරනවාට කටේ හොරි දාන්න ඕනේ...

:       0       0

vidya Thursday, 28 May 2020 05:53 PM

කව්රු ආවත් පළිගැනීම කරගෙන යනවනේ... තරුණ, තරුණියනි ඔබලාට කාලය ඇවිත් ඇත.

:       10       21

දුටුගැමුණු Thursday, 28 May 2020 10:01 PM

කූඩුවට දාන්නේ ආයෙත් එළියට ගන්න නෙමේයි. හිස බූගා, ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර රටින් පිටුවහල් කරන්නයි...

:       14       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 3815 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3192 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4068 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site