IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මයිලඩි ඉඩම් නිදහස් කිරීම ආරක්ෂාවට තර්ජනයක් - සරත් වීරසේකර


 
විනීතා එම් ගමගේ 

ආර් සම්පන්දන් මහතාගේ ඉල්ලීම මත නිදහස් කරන්නට යන ඉඩම් අතර ඇති මයිලඩි ප්‍රදේශය  ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 

මයිලඩි ඉඩම් නිදහස් කිරීම පලාලි ගුවන් පථයට මෙන්ම කන්කසන්තුරේ වරායට ද අහිතකර ලෙස බලපාන්නේ යැයි ද හෙතෙම පැවසීය. 

යුද සමයේ මයිලඩි විකල්ප වරායක් ලෙස භාවිතා වූ බව කී  ඔහු යම් හෙයකින් එම ඉඩම්වල සිවිල් ජනතාව පදිංචි කළ අවස්ථාවක යළි යුදමය වාතාවරණයක් ඇති වුවහොත් කිසිදු ගුවන් යානාවක් පලාලි ගුවන් තොටුපළට බැස්සවිය නොහැකිවනු ඇතැයි ද වීරසේකර මහතා කීය. 

සිවිල් ජනතාව විසින් කිසිදු හානියක් නොකරන බව සැබෑ නමුත් ඔවුන් බිය ගන්වා ත්‍රස්තවාදීන්ට එහි යා හැකි වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

‘මම ත්‍රිවිධ  හමුදාපතිවරුන්ට කියනවා මේ ගැන ආණ්ඩුවට කියල දෙන්න කියලා. මේවා කළ යුත්තේ ආරක්ෂක මණ්ඩලය මිස පාර්ලිමේන්තුව හෝ සම්බන්ධන් හෝ වෙනත් කණ්ඩායමක් නොවෙයි. දෙන්න පුළුවන් නම් කිසිම ඉඩමක් නොදී ඉන්නේ නැහැ.’ යැයි ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසුවේ එළිය සංවිධානය පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.



අදහස් (11)

මයිලඩි ඉඩම් නිදහස් කිරීම ආරක්ෂාවට තර්ජනයක් - සරත් වීරසේකර

rocky Tuesday, 10 April 2018 11:53 AM

රටේ ආරක්ෂාවට දැන් නම් තර්ජන එල්ල වන්නේ උතුරෙන් නොවෙයි, දකුණේ ඉන්න කඩා කප්පල්කාරීන්ගෙන්. අන්තවාදී සමහරු නිකං බොරුවට රටේ ජනතාව කුලප්පු කරන්න හදනවා. ඔවුන්ට ඕන කරලා තියෙන්න මොකක් හරි දෙයක් කරලා ආණ්ඩුව පෙරලා ගන්න.

:       1110       775

sirimal Tuesday, 10 April 2018 12:26 PM

ඔබතුමාලා ඒ පළාතේ රාජකාරි කරපු නිසා ඕවා ගැන අපට වැඩිය දන්නවා ඇති. හැබැයි ඉතින් දැන් නම් ඔය ප්‍රශ්න කරන්නේ, රැස්වීම් තියන්නේ,කතා පවත්වන්නේ, ජිනීවා යන්නේ නම් ආණ්ඩුව අපහසුතාවයක පත් කර ඔබතුමාලාට කැමති කෙනෙකුට බලය ලබාදෙන්න මිස වෙන රාජකාරියකට නම් නෙවේ කියල කවුරුත් දන්නවා.

:       1860       1429

Bamunua Tuesday, 10 April 2018 12:26 PM

කොහොමද මැතිතුමනි කියලා දෙන්නේ රටේ ආරක්ෂාව කියන එකේ තේරුමවත් දන්නේ නැති අය රටක් පාලනය කරනකොට. කිලිනොච්චිය මැදවච්චිය කියලා හිතපු අය මයිලඩි කියන්නේ චීනඩි කියල හිතයි.

:       1086       1303

පිටිගල මිලානෝ Tuesday, 10 April 2018 01:06 PM

ඔබතුමා විපත්මග, එලිය වැනි සංවිධාන හරහා පමණක් අදහස් දක්වන්නේ ඇයි? නියම දේශ හිතයිශී පුද්ගලයෙක් නම් ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න නැත්නම් ඔබේ උත්සාහයත් අනුන් වෙනුවෙන් කහින වැඩක් වගේ වෙනවා. ඔබ නියම රටට ආදරේ ඇති මිනිහෙක් නම් ඔබලා බලේට ගෙන්න හදන අය රටට කරපු හානියත් ප්‍රසිද්ධියේ කතා කරන්නකෝ.

:       2237       1834

RNG Tuesday, 10 April 2018 01:47 PM

හැමතිස්සෙම රටට කරපු හානිය හානිය කිය කියා මතුරන්නෙ නැතුව රටට කරපු සේවය ගැනත් කතා කරන්නකො පුළුවන් නම්..

:       63       550

ශාන්ත අම්පාර Tuesday, 10 April 2018 04:52 PM

මෙයා අවංක නිලධාරියෙක් සහ හොරකම් නොකරපු හැබැයි පළාතටද සත පහක වැඩක් නොකරපු දේශපාලකයෙක් නමුත් මෙයාට රට ගැන ලොකු කැක්කුමක් අවංකවම තිබෙනවා.මෙයා දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙකුත් නෙවෙයි හොඳ මහත්මයෙක්.

:       152       811

mahinda r kithulgoda seychelles Wednesday, 11 April 2018 02:08 AM

අපේ සමහර මහත්වරුන් රටේ ආරක්ෂාව රජයේ ආරක්ෂාව පටලවාගෙන. එතුමා ජිනීවා යන්නේ කාගේවත් පවුල් ආරක්ෂා කරන්න නොවන බව හිතෙන්නේ නැත්තේ කුහක සිංහලයෝන්ට විතරයි. අනිත් ජාතීන් තමන්ගේ ජාතිය වෙනුවෙන් වචනයක් හරි කියන මිනිහ රැකගන්නවා හැම අවස්ථාවේම. ඒකට අපේ සමහර අය හැම එකටම දේශපාලනය ගාවගෙන දඟලනවා. අනිත් හුඟාක් රටවල් මොන දේශපාලන මතයක සිටියත් රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත් රකින්න ඕන අවස්ථාවල එකට කටයුතු කරනවා. ඒකට අපේ එදා ඉඳලම කලේ පාවාදීම් මොලේ පෑදෙනකොට ප්‍රමාද වැඩිවේවි.. ඕවට වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක දරුවන්ට .....

:       0       16

ramani Wednesday, 11 April 2018 04:01 AM

සරත් වීරසේකර යනු මේ රට වෙනුවෙන් විශාල කාර්ය භාර්යයක් කරන මහත්මයෙකි. සැබෑ දේශ ප්‍රේමියෙකි එතුමාට අපේ ආසිරි.

:       0       15

Tissa Wednesday, 11 April 2018 06:19 AM

රටට ගමට වැඩකරන්න.

:       0       0

janthu Wednesday, 11 April 2018 06:42 AM

ජාතික ආරක්ෂාවට වැඩිය සංහිදියාව අපිට වටිනවා ...

:       4       0

perera Wednesday, 11 April 2018 08:25 AM

පළපුරුදු යුද නායකයෙක් කියන දේ සොයාබලන්න ඕනේ. නිකම්ම කියනවා වෙන්න බැහැ. පුද්ගලයා අවංක නම් විශේෂයෙන් රට ගැන හැඟීමක් ඇතිනම් සොයා බැලිය යුතුයි. රටේ දැන් තියෙන සාමකාමී බව දිගටම තියෙයි කියලා කාටවත් කියන්න බැහැ. කොහොමත් විදේශීය බලපෑම් තියෙන ලංකාව වගේ රටවල් පරිස්සම් වෙන්න ඕනේ. ඔය සටන් ජාතින් අතරේ, කල්ලි අතරේ වගේ පෙනුනට හරිම සංකීර්ණයි.

:       0       110

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 37 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 109 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 138 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 342 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 375 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 682 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site