IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට

(අංජුල මහික වීරරත්න)

පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය තීරණය කර තිබේ.

රජය මේ තීරණය ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය.

රජය ගෙන තිබෙන තීරණයට අනුව පොහොර සහනාධාරයපෙර පරිදිම ක්‍රියත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500 ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමැති පොහොර සහනාධාරය හිමි වේ.

ජාතික රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යංශය කළ ඒකාබද්ධ යෝජනාව අනුව පොහොර සහනාධාරයට හිමි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට තීරණය කෙරිණි.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මින් ඉදිරියට සහනාධාරය පොහොර වශයෙන්ම ගොවීන්ට ලැබෙනු ඇත.
 
 



අදහස් (10)

පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට

Vajira Wednesday, 07 March 2018 09:50 AM

මේ රසායනික පොහොර වල සංයුතිය පිළිබඳව සොයා බැලිය යුතුයි. මේවාගේ අඩංගු බැර ලෝහ නිසා වකුගඩු අක්‍රිය වීම, පිළිකා සැදීමට අමතරව ශ්‍රී ලංකික ජනතාවගේ දරු ඵල හැකියාව ඉතා ශීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. බොරුවට වඳ පෙති ගැන පවසමින් ජාතිවාදය අවුස්සනවට වඩා මේ ගැන සොයා බැලීමයි කල යුත්තේ.

:       8       140

nisar Wednesday, 07 March 2018 09:52 AM

ගොඩක් හොඳය. මේවා නවත්තලා වයි ෆයි, ලැප්ටොප්, හොට්ස්පොට් දෙන්න ගිය එකේ විපාක තමයි මේ ගෙවන්නේ . උදුලු තල ටිකකුත් දෙන්න.

:       0       19

බන්ඩා Wednesday, 07 March 2018 09:54 AM

වැඩ බැරි අාණ්ඩුව අවුරැදු දෙකක් අලුත් ක්‍රමයකට පොහොර දෙන්න බඩ ගාලා වගාවන් නැට්ට බැහැල අායිත් මහින්දගෙ පරන ක්‍රමයට යනවා.

:       556       674

sam Wednesday, 07 March 2018 10:17 AM

මේ යෝජනාව නිවාස ඇමතිතුමා ලව්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙව්වේ කෘෂිකර්ම ඇමතිතුමාට ලැජ්ජා නිසා වෙන්ටෑ.

:       53       84

චන්දන Wednesday, 07 March 2018 10:44 AM

පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය යළි තීරණය කර තිබීම කාලෝචිත පියවරකි. මේ දෙස වපර ඇසින් නොබලා රටේ යහපතට අදහස් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.

:       13       23

ranga Wednesday, 07 March 2018 10:49 AM

පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට නොලැබේ

:       29       46

Rohana Wednesday, 07 March 2018 11:17 AM

මේක ගොවි ජනතාවගේ ජයග්‍රහණයක්...

:       10       7

ajithkaru Wednesday, 07 March 2018 11:44 AM

මොන ගොවි මහත්මයද පොහොර වෙනුවට මුදල් ඉල්ලුවේ. මොන අම්ම තාත්තද පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ඉල්ලුවේ. මොන පාසල් දරුවාද ටැබ් ඉල්ලුවේ. තමන්ට හිතෙන හිතෙන දේවල් එක එක ඇමතිවරු කරලා ජනතාව අපහසුවට පත් කළා . ඒවායේ ප්‍රතිපල තමයි පෙබරවාරි 10 වෙනිදා මේ රජයට ලැබුනේ.

:       3       40

Ashok Wednesday, 07 March 2018 01:04 PM

විවිධ ආයතනවලින් දැන් මිශ්‍ර හා අමිශ්‍ර පොහොරවලට රසායනික සංයුතිය නිසි පරිදි පරීක්ෂක කරන්නේ නැහැ. ඒ සඳහා අනුමත නීති පැවතියත් වගකිව යුතු නිලධාරීන් එය නිසි පරිදි ඉටු කරන්නේ නැහැ. මා එම ක්ෂේත්‍රයේ වැඩ කළ අයෙක්. චීනයෙන් ගෙන්වන රසායනික පොහොරවල බර ලෝහ වැඩියි. නමුත් සාපේක්ෂව ලබාදිය හැකියි. ගෙන්වන පොහොර සාම්පල් පරීක්ෂාවේදීත් මේවා පාස් වෙනවා. පොහොර මිශ්‍රණ හදලා කාලයක් තියා ගත්තාම එහි රසායකින සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. මේවා ගැන නිවැරැදිව සොයාබලා නීතිය ක්‍රියාත්මක කරනවා නම් පසත්, ගොවියත්, මහ ජනතාවත් අමාරුවේ වැටෙන්නේ නැහැ.

:       0       86

Darshika Wednesday, 07 March 2018 03:37 PM

ගොඩක් හොඳයි. ගොවියාට අවශ්‍ය පොහොර මිස මුදල් නොවේ...

:       7       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන තටාකයට වැටී හෝටල් සේවකයා මරුට
2024 මැයි මස 08 2 0

රඹුක්කන කඩිගමුව ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී
2024 මැයි මස 08 97 0

ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ


විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි
2024 මැයි මස 08 192 1

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි
2024 මැයි මස 08 284 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.


අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 215 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 372 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2003 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site