IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ ඇගයීමට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්) 
 
පාතාල කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් 9 දෙනෙකු ඇගයීම සඳහා රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදු කෙරිණි.

 
මාතර කාලිදාස පාරේ පිහිටි පොලිස් අධිකාරී කාර්යාලදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විනි.
 
කොල්ලකරුවන් ගැන සැක සිතී ඔවුන් පැමිණි යතුරුපැදි නවතා තිබූ ස්ථාන වලින් ඉවත් කර වෙනත් තැනකට ගෙන ගොස් සඟවන ලද පුද්ගලයින් 4 දෙනෙකුද මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ත්‍යාග මුදල් පෞද්ගලිකව ලබා දීමට කටයුතු කර තිබුණි.
 
ඊට අමතරව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට ක්‍රියා කළ එච්.ජී.ගයාන් චානක,ඒ.ජී ප්‍රභාත් ගාමිණි,ලොකුගේ මහේෂ් සුරංග,සුනන්ද ගුණසේකර හා දසුන් රංගන ගුණසේකර යන මහත්වරු 5 දෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් මුදල් චෙක්පත් ප්‍රධානය කෙරිණි.
 
මෙහිදී බරපතල තුවාල ලබා සිටි පොලිස් සැරයන් වරයෙකු තනිවම තම දෑතට ගෙන ඔහුගේම වෑන් රථයෙන් මාතර මහ රෝහලට රැගෙන ගිය අහංගම එච්.ජී.ගයාන් චානක මහතාට ලබා දුන් රුපියල් පන් දහසක මුදල ඒ මහතා මාතර මහ රොහලේ රෝගීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහා යලි ලබා දීම සිදුවිය.
 
මේ සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු හා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 



අදහස් (12)

පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ ඇගයීමට

Mahee Tuesday, 26 June 2018 08:27 PM

ඉතාම හොඳ වැඩක්. ඔය එක්කම, පොලිස් මෙහෙයුම් කටයුතුවලට යන පොලිස් නිලධාරීන්ට ආරක්ෂක යටි කබා ලබාදීමට ඉක්මන් පියවර ගන්නවා නම් අගෙයි. බොහොමයක් රටවල පොලිස් වාහනවල මුර සංචාර යන පොලිස් නිලධාරීන් යන්නේ එහෙම ආරක්ෂිතවයි. අපේ රටේ නම් එක අත්‍යවශ්‍යයි කියලයි මට නම් හිතෙන්නේ.

:       0       1

රාජේශ් ඛන්නා Tuesday, 26 June 2018 10:35 PM

මෙවැනි ඇගයීම් කළයුත්තේ අප්‍රසිද්ධවය. එය ඔවුන්ගේ ජිවිත ආරක්ෂාවට බලපෑ හැකිය.

:       0       0

Kumari Wednesday, 27 June 2018 02:30 AM

ඔබලාට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා !!!

:       0       8

Damith Wednesday, 27 June 2018 03:32 AM

මේ වගේ ප්‍රවෘත්ති දාන්න එපා. මුහුණු බලාගෙන පාතාලයෝ ඇවිල්ලා බයිසිකල් හංගපු අයව මැරුවොත් කවුද වග කියන්නේ ?

:       0       0

padmini Wednesday, 27 June 2018 05:13 AM

බිම වැටි සිටි නිලධාරියකු දතින් ඔසවා ගන්න දර්ශනය හරිම අනුවේදනීයයි. එම සැබෑ විරුවට රුපියල් 5000 ක් දීම ඔහුට කල නිගාවක්. එය ආපසු දීම ඔහුගේ තවත් විරක්‍රියාවක් ඔහුට ඒ සම්බන්ධයෙන් වීර පදක්කමක් වැනි මෙඩල් එකක් පිරිනැමුවා නම් ඔහුට එය ජිවිත කාලයටම වැදගත් .

:       0       73

rohanWednesday, 27 June 2018 08:22 AM

එතුමා කල ඒ උදාර සේවය මුදලින් තක්සේරු කල නොහැක, පද්මිණි එම මුදල රුපියල් 5000 නොව රුපියල් 50000.

:       0       44

. රොහාන් දයාදර පැරිස් Wednesday, 27 June 2018 07:44 AM

කවදත් පොලිස්පතිතුමා තම සහෝදර නිලධාරින් සමග සිටින ආයතන ප්‍රධානියෙක් බවත් නීතිගරුක නිලධාරියෙක් බවත් රාජකාරිය දේවකාරිය සේ සලකන උත්තමයෙක් බව රටම දනිති. නීතිගරුක මහජනයා දිරිගැන්වීම හා අගයකිරිම මේ කටයුත්තෙන් ගම්‍ය වේ. රටක නීතිය හා සාමය රැකෙන්න මහජන සහයෝගය අවශ්‍ය බවත් එය ඉදිරියේදී වර්ධනය වියයුතු බව මේ මිනිසුන් අතර මිනිසා සමාජ ගතකල උතුම් සංකල්පීය මෙහොතක්...

:       34       1

jagath Wednesday, 27 June 2018 08:44 AM

රුපියල් 5000 ක් නොව රුපියල් 50,000 ක් නමුත් මුදල නොව ක්‍රියාව අපි ඉතා ඉහලින් අදය කරමු නේද ..?

:       0       14

osada Wednesday, 27 June 2018 08:52 AM

ගරු පොලිස්පතිතුමාගේ මේ විශිෂ්ට ක්‍රියාව ශ්‍රී ලාංකීය අපි ඉතා ඉහළින් අගයමු.

:       0       3

karuna Wednesday, 27 June 2018 08:53 AM

ඉතා හොඳ කාලෝචිත වැඩක් පොලිස්පතිතුමනි.

:       0       0

thridu Wednesday, 27 June 2018 08:57 AM

පාතාලේට බියනොවී නිර්භීතව ඉදිරිපත් වූ මේ පුද්ගලයා ඇත්තටම ජාතික වීරයෙකි. ඒ අය අගය කිරීම පිළිබඳව පොලිස්පතිතුමාවත් අපි අගයමු.

:       0       6

MISHAL-MATARA Wednesday, 27 June 2018 09:00 AM

මම හිතපු විදිහටම ඔහුට ලැබුණු මුදල පොලිස් නිලධාරියාට පරිත්‍යාග කිරීම ගැන සතුටුවෙමි. එසේම ඔහුගේ මනුස්සකම් හොඳින්ම පෙනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 8 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 17 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 168 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 321 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 170 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 404 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site