IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාතාල නායකයින්ගේ ගෝලයින් සොයා විශේෂ මෙහෙයුමක්

ඉන්දිකා රාමනායක
 
පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම, ව්‍යාපාරිකයින් බිය ගන්වා  කප්පම් ගැනීම, ඇතුලු පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පාතාල නායකයින් වන  අංගොඩ ලොක්කාගේ සහ සමයංගේ ගෝලයින් සොයා  විශේෂ කාර්ය බලකාය අද (26)  තලංගම, අතුරුගිරිය හා යක්කල යන ප්‍රදේශ වල මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව විශේෂ කාර්ය බලකාය කියයි.

 
මෙම අපරාධ  අංගොඩ ලොක්කාගේ සහ සමයංගේ ගෝලයින් විසින් මෙම අපරාධ සිදුකරන බවට  හෙළි වී ඇති තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක තර තිබුණි.
 
අතුරුගිය, පෝරේ, තලංගම, මාලඹේ හා යක්කල ප්‍රදේශව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්  සැකකරුවන් ගේ නිවාස කිහිපයක් පරීක්ෂා කළ ද එම අවස්ථාවේ සැකකරුවන්  නිවෙස් වලින් පැනගොස්  සිටි බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
 
සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂාවට ලක් කළ භට පිරිස් සැකකරුවන්  සම්බන්ධයෙන් ඥාතීන්ට තරයේ අවවාද කර තිබේ .
 
අපරාධ මර්ධනය කිරීම සඳහා මෙම මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
 
විශේෂ කාර්ය බලකාය භට පිරිස් මේ වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින්  පාතාල සාමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන දඩල්ලගේ මංජු නැමැත්තා  වෙඩි වැදී මියගිය අතර,  මධුෂ් , ආමි සම්පත්, අංගොඩ ලොක්කා, සමයං ,දඩල්ලගේ මංජු නැමැති   පාතාල සාමාජිකයන්ගේ ගෝලයින් 20 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මොවුන් අතර මධුෂ්ගේ ගොලයෙක් වන චින්තක, පෑලියගොඩ බැරල් සංක, කටානේ දිනුක, ග්‍රෑන්ඞ්පාස් හි  පොඩි උණ, කැලණියේ හුනා, මෝදර සාරංග, කුඩු නුවන්, යන කිහිප දෙනෙක් ඔවුන් අතර සිටින බව විශේෂ කාර්ය බලකාය කියයි.
 
මෙම වසරේ ගත වු  මාස 3 ක කාලය තුළ මෙම කල්ලි විසින් සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 15 දෙනකු පමණ ඝාතනය ලක් ව තිබුණි.



අදහස් (12)

පාතාල නායකයින්ගේ ගෝලයින් සොයා විශේෂ මෙහෙයුමක්

Chaminda Monday, 26 March 2018 07:27 PM

මුලින් උපුටා දැමිය යුතුයි...

:       0       26

Chanak Los angelesTuesday, 27 March 2018 06:13 AM

මුලින් උපුටා දැම්මාම දේසපාලන විරුද්ධවාදීන් ?

:       0       6

සිරිමල් Monday, 26 March 2018 11:45 PM

මැදමුල පැත්තේ එහෙම යනවා නෙවේ. දැක්කනේ බයිසිකලෙන් ඉල්ලුවත් නාගයාගෙන් ඉල්ලුවත් පොල්ලෙල්ලෙන් ඉල්ලුවත් ලොක්කගේ රූපකාය පෙන්නපු හැටියේ "ජහමනයා' වශී වෙලා කතිරේ ගහපු හැටි. 2020 දී පොල්ලෙලි ඕන වෙන්නේ නැහැ. මාපිලෙක් දාල වැඩේ දෙන හැටි අපි දන්නවා. ඒ හන්දා දැන් අපේ මිත්‍රයන්ට කෝචෝක් දාල පස්සේ පන බේරලා දෙන්න කියල කුරු කුරු ගාගෙන අපිගාවට එන්න එපා හරිය?

:       738       1047

ROSHAN Tuesday, 27 March 2018 12:49 AM

මගේ උපරිම සහය. කට්ටියටම එලොව පොල් පෙන්නන්න .

:       1       81

lalithsjm Tuesday, 27 March 2018 01:36 AM

ඔක්කොටම ආයුධ පෙන්වන්න පාලු තැනකට එක්කන් යන්න.

:       0       158

ඩී. ජයදේව Tuesday, 27 March 2018 03:25 AM

අර දඩබල්ලගේ මංජු ට සලකපු විදියට අනිත් අයටත් සැලකුවාම වැඩේ ඉවරයි. නැත්නම් නඩු දාන, ඇප දෙන චක්‍රය කැරකෙන එක විතරයි වෙන්නේ

:       0       149

Bamunuarachchi Tuesday, 27 March 2018 04:45 AM

දේශපාලනය පැත්තකින් තියලා ඇත්තටම වැඩේ කොරන ඕනේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩේ බාර දෙන්න.

:       248       64

Bamunuarachchi Tuesday, 27 March 2018 04:47 AM

සිරිමල්ට උත්තර දීල කාලේ නාස්තිකරගන්නේ මොකටද?

:       50       40

suranga Tuesday, 27 March 2018 05:30 AM

ඇත්තටම ඒ කාලේ මේ වගේ පාතාලේ අය වැඩ දැම්මද? ඒ කාලේ මේ අය කොහෙද හිටියේ? මේ ආණ්ඩුවේ කොච්චර හොහැකියාවක්ද තියෙන්නේ? යාපනේ ප්‍රභාකරන් නෙමේ කොළොඹ පාතාලේ වත් නැති කරන්න බෑ.

:       14       49

Senaka Tuesday, 27 March 2018 06:23 AM

මේ වෙනකොට කීදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියනවද, කාටද හරියට දඩුවමක් දුන්නේ. මේ ඔක්කොම සාමාන්‍ය මනුස්සයට විතරයි.

:       0       37

Chandima Tuesday, 27 March 2018 06:46 AM

ඔය කවුරුත් හොඳට මතක තියාගන්න මේ යන විදියට ඉස්සරහට වෙන්නේ මෙහෙමෙ දෙයක්. ඔය පාතාල නායකයෝ පිට රටවල සුවසේ ඉඳන් මෙහෙ ඉන්න ගෝලයෝ දාල තමන්ට විරුද්ධ අයව පැහැරගෙන යන්න සලස්වල රහසිගත ස්ථාන වලදී අතපය බැඳ දමා ඊට පස්සේ දුර කතන තාක්‍ෂණය ඔස්සේ ඒ අය ඉදිරියේ පෙනී සිටිමින් නඩු අසා වහසි බස් කියා මරණ දඬුවම් දෙන ක්‍රමයක් ඇතිවෙමින් පවතිනවා.

:       1       23

naradha Tuesday, 27 March 2018 11:36 AM

කිසිම සාධාරණ රැකියාවක් නොකර, අනුන් උපයන දෙයින් කප්පම් ගනිමින් ජීවත් වන මේ අය සමාජයෙන් සහමුලින් අතු ගා දැමිය යුතුයි. මේ මැරයන්ට දේශපාලකයින් උදව් දෙනවා නම්, එවැනි අය අනාවරණය කොට පක්ෂයෙන් නෙරපා දැමීම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ යුතුකමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 62 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 280 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 151 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 280 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 632 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 798 5

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site