IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප

(මනෝප්‍රිය ගුණසේකර / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශ ගත වී  සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළේය.

විත්තිකාරියට ඇප දිම සම්බන්ධයෙන් නිතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.
නඩුව විභාගය පෙබරවාරි 16 වැනි දා පැවැත්වීමට නියමිතය.



අදහස් (40)

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප

jayampathi Tuesday, 10 October 2017 07:07 AM

අපිට නම් මේ නීති තේරෙන්නේ නැහැ. අපිටත් පුලුවන්ද අධිකරණය මඟ හැරලා ඉඳල.........අත්අඩංගුවට ගත්තට පස්සේ එවෙලේම ඇප අරන් ගෙදර යන්න ?

:       15       1685

banda Tuesday, 10 October 2017 07:12 AM

අැප ලැබෙන බව මුළු රටම දන්නවා. නඩුව පෙබ 16-18. මාස 5ක් නේද මේ වගේ තවත් කල් දැම්මොත් අලුත් ආණ්ඩුවේ පිහිටෙන් ගොඩයන්න පුල්වන්...

:       43       319

Nandalal DE SILVA - France Tuesday, 10 October 2017 07:27 AM

විවිධ වංචා චෝදනා වලට මුහුණපා , අධිකරණය මඟ හැර විදේශ ගත වී සිට මෙරටට පැමිණි විට පොලිස් අත් අඩංගුවට පත්වූ මේ නෝනට දීපු ඇප නම් ඉතාම සිල්ලරයි ! මුහුණපා තිබෙන චෝදනා නම් අති විශාලයි .....

:       1       505

ජගත් ලියනගේ Tuesday, 10 October 2017 07:43 AM

කලින් කතා කර ගත්ත විදියට සියලුම වැඩ කටයුතු සිද්ධ වීම සම්බන්ධයෙන් සියලුම දෙනාටම අපගේ උපහාරය.

:       7       638

Kuma Tuesday, 10 October 2017 07:54 AM

කොහොමත් අධිකරණ ක්‍රමය සාමාන්‍ය අපිට තේරෙන්නේ නැහැ.එ්නිසා තමයි කෝටිගණන් හොරකම් කරපු උන් එළියේ ඉඳිද්දී පොඩි හොරකම් කරපු උන් අවුරුදු ගණන් වලට ඇතුළට යන්නේ.. නීතිය ගානට නවල තියෙන්නේ

:       8       667

sumith Tuesday, 10 October 2017 08:05 AM

ජයම්පති ඔයා හරි ,කෙහෙල් කැනක් කපල දවසක් හරි උසාවිය මඟ හැරියොත්, ඇප නැතුව මාස ගානක් හිරේ යවනවා...නාමල්ගේ අධ්‍යක්ෂවරියට මොහොතින් ඇප, මෙතන තියෙන බරපතල වරද මේ නෝනමහත්තයා පිටරට හොරෙන් ඉඳලත් නේ . මම හිතන්නේ නාමල් ලෝයර් නිසා වෙන්න ඇති . පහුගිය කාලේ එයා ලෝයර් විභාග කරපු විදිහත් කතාබහට ගියා නේද?

:       2       553

sena Tuesday, 10 October 2017 08:35 AM

මේ මොන විකාරයක්ද? නිතිය මේ විදිහට නැවීම වැරදි......

:       0       5

andare Tuesday, 10 October 2017 08:42 AM

අනේ මෙහෙමත් රටක්. අධිකරණය මග හැරලා ඉඳලත් ඇප. පොඩි මිනිහෙක් බැරි වෙලාවත් දවසක් උසාවියට නාවොත් රිමාන්ඩ්. නීතිය බල්ලට ගිහිල්ලා. කලින් ආණ්ඩුව කාලේ නීතිය අව භාවිතා කළා වගේ 10 ගුණයක් දැන් නීතිය වල් වැදිලා.

:       0       107

Hafeel Tuesday, 10 October 2017 08:53 AM

මහින්ද රාජපක්ෂ රජය පරද්දමින් මේ වර්හ්ටමාන රජය අධිකරණයට බලපෑම් කරනව වගේ. අනේ මහජන මුදලින් නඩත්තුවෙන මේ වගේ නීතිපති දෙපාර්තුමේන්තුවක් රටට අවශ්‍යද? මේ නඩුවෙදීත්, සිල් රෙදි නඩුවෙදීත් නීතිපති විරුද්ධවුනේ නැහැ. ඉතිහාසයේ කවදාවත් මේ රජය කාලේ අධිකරණය සහ බන්ධනාගාර හෑල්ලුවට ලක්වුනේ නැහැ.

:       1       179

Raawanaa Tuesday, 10 October 2017 08:54 AM

අත් අඩංගුවට නොගෙන හිටියනම් ඉවරනේ.අපරාදේ නිලධාරීන්ගේ වටිනා කාලය සහ ශ්‍රමය.

:       0       162

රුවන් Tuesday, 10 October 2017 08:56 AM

මේ සේරම ඩීල් කියලා බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට කියන්න පුළුවනි. මේ නෝනටත් මුකුත් වෙන්නේ නෑ. නිල කොළ දෙපැත්තේම ඉන්නේ එකම පන්තියේ අය. දෙගොල්ලොම දෙගොල්ලෝ ආරක්ෂා කර ගන්නවා. මේ රටේ වෙනසක් වෙනකම් ඔය ක්‍රමය ඔය විදිහටම යාවි. මේ කුවේණි ගේ ශාපය.

:       1       117

AJIT Tuesday, 10 October 2017 09:11 AM

ඩුබාහි ඉඳල ගෙන්නුවටත් ණයයි. මොකද්ද මේ නිතිය. හිතා ගන්න බෑ. මුදල කජු ඇටද කොස් ඇටද

:       0       60

vipula Tuesday, 10 October 2017 09:22 AM

රටේ සැමට නීතිය සාධාරණ නැහැ . කවදාවත් එහෙම සාධාරණ වෙන්නෙත් නැහැ . තමන් දැනගන්න ඕනේ නීතිය නමන අය දැන හදුනාගෙන ඒ අයගෙන් උදව්අරගන්න.

:       2       138

karunajeawa Tuesday, 10 October 2017 09:31 AM

හැමදාමත් අපි මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් වෙනසක් කරන්න බලන්නේ නැද්ද? මේ දෙගොල්ලොම අපිට අන්දනවා.. අපි ඇඳ ගන්නවා. අපේ වරදින් මේවා වෙන බව වටහාගන්න තුරු ..මෙවන් දේවල් වෙනස් නොවෙන බව විතරක් දැනගත යුතුයි.. වදුරෝ ගෙවල් හදනවා වගේ තව කෙනෙක් කරන තුරු බලා නොසිට ක්‍රමය වෙනස් කිරීමට කාලය ඇවිත් ඇති බව සියල්ලන්ටම වැටහේවා ...!!!!

:       0       280

dahamTuesday, 10 October 2017 10:41 AM

ඔය කියන්නේ ජෙප්පෝ ගැනද අයිබෝවන්? උන් නේන්නම් මේ වින්නහියට දායක උනේ රනිල්ගේ වේදිකාවට නැගල බෙරිහන් දීල මහින්දට විරුද්ධව ටොන් පච කෙළලා. ඒ ගොල්ලන්ට නම් ජනතාවගෙන් සමාවක් නැහැ. සැදී පැහැදී ඉන්නේ ඒ ගොල්ල චන්දෙකට ඉල්ලනකම් හොඳට යුතුකම් ඉටු කරන්න.

:       92       109

ReksTuesday, 10 October 2017 03:50 PM

මෙයා කියන විදියට මිනිස්සු ජනාධිපතිට චන්දෙ දුන්නේ ජවිපෙ කියපු නිසාලු. අනේ මෙයාට මොලේ කලඳක්වත් දෙන්න කෙනෙක් නැද්ද?

:       29       94

Perakum Tuesday, 10 October 2017 09:55 AM

ජයම්පති ඉන්නේ ලංකාවේ නෙවෙයිද? ඒගොල්ල ඉන්නේ අපේ පන්තියේ නෙවෙයි. ඇයි මතක නැද්ද ඒ පන්තියෙ නෝන කෙනෙක් හොර සල්ලි එක්ක අහු උනා. මොකද උනේ? අපි අහු උනොත්...?

:       31       82

rohana kumara mendis Tuesday, 10 October 2017 10:00 AM

ඔව් ඔව් මේ වගේ අයට නඩු වැටුනම නිතිපතිවරයා විරුද්ධත්වයක් නැ ඇප දෙන්න නිදහස් කරන්න එහෙම.පොඩි මිනිහෙක් සුළු වරදක් කලොත් එහෙම බර පතල වැඩ ඇතිව අවුරුදු ගානකට හිරේ.සල්ලි කාරයෝ දේශ පාලකයෝ හිරේ ගියත් එයාලා බන්ධනාගාර ඉස්පිරිතාලේ සැප ගන්නවා.වායු සමීකරණ සැප සම්පත් තරුපහේ හොටල වලින් කෑම බීම මොන සැපද.

:       0       95

upali Tuesday, 10 October 2017 10:12 AM

ඩුබායි පොලිසියට හිතෙනවා ඇති අපරාදේ මහන්සිවෙලා අල්ලාගත්තේ කියල..දැන්නම් අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි..බලන්න ගියාම රන්ජන් හරි..

:       0       173

Bimal Tuesday, 10 October 2017 10:24 AM

මේ නෝනාගෙයි අර විදේශ ගමන් බලපත්‍ර වල අඩු වයසක් දමලා ප්‍රසිද්ධ වුන නෝනාගෙයි එකම ආඩම්බර හිනාවක්නේ. මාව කොහෙද ලොකප් කරන්නේ වගේ නේ !

:       0       82

Srimala Tuesday, 10 October 2017 10:33 AM

මෙම පුවතින් තවත් කාරණයක් තහවුරුවෙනවා , බොරු බොරු කියල අණබෙර ගැහුවට "නාමල්ගේ සමාගමේ" කීමෙන් හෙලෝ කෝප් සමගම නාමල්ගේම බව ඔප්පු වෙනවා. ඉතින් පාර්ලිමේන්තු කෙනෙක් වෙලා අවුරුදු කීපයකින් මිලියන ගණනක සමාගමක් මිලදී ගත්තේ කොහොමද ?

:       13       195

etarahelaya Tuesday, 10 October 2017 10:36 AM

මේකන් හොදටම තේරුම් යන්නේ මේවා දේශ පාලන පළිගැනීම් බව හෝ මුදලට යටවුනු නීතිය.

:       107       1

sachith Tuesday, 10 October 2017 10:40 AM

ඇප ලබා දුන්නේ බන්දනාගාර රෝහලේ කාන්ත වාට්ටුවේ පහසුකම් මදි හන්ද, ලගදීම එක අලුත්වැඩියා කරයි.

:       0       25

naradha Tuesday, 10 October 2017 10:43 AM

මේ අය ඉතින් හිරේට නියම උනත්, කෙලින්ම යන්නේ රෝහලටනේ.

:       0       15

mahee Tuesday, 10 October 2017 11:01 AM

අපි හිතුව කලින් හිටපු නීතිපතිට දොස් කියපු හැටියට, දැන් නම් ඉතින් නීතිය හරියටම දුවයි කියල. දුවන බව නම් පේනවා, හැබැයි කැලේට. ඩීල් දාසව ඉවත්වුනාට ඊට ඉහල ඩීල් ස්වාමිවරු ඉන්නවනේ. රන්ජන්, මේ ඉන්නේ ඔබේ විවේචනයට අහුවුණ තවත් උදවිය.

:       0       57

ruchi Tuesday, 10 October 2017 11:05 AM

මේවා බොරු නඩු. ඒ බව විනිසුරුවරුන් දන්නා නිසා ඇප අනුමත කරනවා. මේවා දේශපාලන කූට පලිගැනීම්.

:       324       39

rohana kumara mendis Tuesday, 10 October 2017 11:06 AM

ඒ වගේම බලන්නකෝ මෙයා ඇදගෙන ඉන්න අපුරුව නේද.උසාවියකට ඩෙනිම් ජීන් එකක්.වෙන කවුරු හරි අන්දානම් උසාවියට අපහාස කලා කියලා ආයේ නඩු දානවා.අඩු ගානේ සාරියක් වගේ දෙයක්.අනේද කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       161

Nandalal DE SILVA - FranceTuesday, 10 October 2017 02:49 PM

ඩෙනිම් ජීන් ඇඳගෙන උසාවි යන එක තහනම් කියල නීති පොත්වල ලියා තිබෙනවද ? මම නීතිය නොදන්නා අබ්බගාතයෙක් නිසයි අහන්නේ. සමාවෙලා කවුරු හරි මට පිළිතුරක් දෙනවද ? නාමල් බේබිගේ ඔපීනියන් අනුව මෙහෙම ඇඳලා යන්න ඇති !

:       2       17

jana Tuesday, 10 October 2017 11:09 AM

අපිට ගල්ගහපියවූ...............මෙවැනි රටක උපන්නට.

:       0       38

රනවි Tuesday, 10 October 2017 11:21 AM

නොදකින් වංචා කරල හැංගිල දවසින් ඇප.එන උජාරුව ලජ්ජ නැතිකම.

:       0       64

sena Tuesday, 10 October 2017 11:29 AM

අදිකරණයට කරන්න දෙයක් නැහැ - මටනම් නීතිපති වරයා ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා.

:       0       40

Kaanthi Tuesday, 10 October 2017 11:43 AM

දැන් Dan අපේ කාන්තාවන් ප්‍රසිද්ධ වෙන්නේ අමුතුම තාල වලට . ඉස්සර නම් සම්භාව්‍ය චිත්රපටි නිලියක් Nathi නම් පිළිගත් ගායිකාවක් උගත් වැදගත් නෝනා මහත්මියක් ආදී වශයෙන් . ඒකටත් එක්ක දැන්! පවුල් කඩපු නිලියක්, දිවි nasaa ගත්ත ශිෂ්‍යාවක්, මුල්‍ය වංචා වලට අසු වුන ව්‍යාපාරික කාන්තාවක් , වැරදි ධාවන පථයේ ගිහින් අමාරුවේ වැටුනක්‍රීඩිකාවක් ආදී වශයෙන් . අපොයි රටට ගිය කලක් !

:       0       2

සමන් Tuesday, 10 October 2017 11:56 AM

ලොකප් කලොත් එකපාර ලෙඩ වෙලා ඉස්පිරිතාලේ නවතින්න වෙනව. ඒක හැමෝම වගේ කරල දැන් චුට්ටක් කරන්න අමාරුයි. අනික මෙහෙම කලාම ගනුදෙනුවට සම්බන්ධ වෙන කට්ටිය ඉතා සිමිත සහ පලපුරුදු නිසා විශ්වාසවන්තම දෙතුන් දෙනෙක් විතරක් යොදා ගෙන ඉතා රහසිගතව කරන්න පුළුවන්. හෙට ආණ්ඩුවේම කවුරු හරි කෑගහයි නීතිපති දෙපාර්තමේන්තුවට විරැද්ධව. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කරා කියලත් කියයි. හැබැයි මෙහෙම කලාම සමාජ විරොධය හුගක් අඩුයි මොකද වෙච්ච දේ අපහැදිලිය සහ දෙපැත්තේම දේශපාලකයො කවුරුවත් ඇත්තටම විරුද්ධව කතා කරන්නේ නෑ .

:       0       9

gamaya Tuesday, 10 October 2017 12:10 PM

යකෝ, නාමල් බේබි මෙයාව අධ්‍යක්ෂ කෙනෙක් කරපු එක පුදුමයක්ය. මට කොම්පැනියක් තිබුන නම් මමත් ඔය වගේ තනතුරක් දෙනවනේ.

:       0       8

K Perera Tuesday, 10 October 2017 12:41 PM

ආටක නාටක ආටක ආටක නාකට! දැන් මේවා බලන්න මෙතැන කිලික් කරන්න ඕනේ නැහැ, යන්න වංචාකාරයන්ගේ නඩු අසන උසාවියකට.

:       0       1

upali Tuesday, 10 October 2017 02:03 PM

නීතිඥ සංගමය නිදිද ??? කෝ U. R . ද සිල්වා....

:       0       128

lalin Tuesday, 10 October 2017 02:03 PM

මම නීතිය දන්නේ නැති නිසයි අහන්නේ, එතකොට පොඩි හොරකමකට අහු උන එකෙක් ගුටි කාල දවස් ගණන් පොලිසියේ ඉන්නේ අැයි ?

:       0       9

Nandalal DE SILVA - France Tuesday, 10 October 2017 02:42 PM

ඩුබායි සංචාරය නිමකර මව් බිම බලා පැමිණි මේ නෝනා ගුවන් යානය තුලදීම අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන එලියට පැමිණි විගසම සුළු ඇපමත නිදහස ලබා පිටවී යාම සාධාරණද කියා අපේ අතිගරු අධිකරණ ඇමතිනිය විසින් පරික්ෂා කල යුතු වෙනවා. කොහොම උනත් නෝනගේ අහිංසක හිනාව නිසා කවදාවත් එය රජයේ බෝඩිමේ කූරු ගණන් කරන්න යන එකක් නැහැ... එයාගේ බොස්, නැත්නම් නාමල් බේබි, තිරයෙන් පිටුපස සිට මේ කෝලම ඉතා හොඳින් සංවිධානය කර තිබෙන බව නම් මනාව පැහැදිලියි !!!

:       1       21

frank Tuesday, 10 October 2017 03:17 PM

අහෝ අපේ අධිකරණය සහ නීතිපති

:       0       7

manjula Tuesday, 10 October 2017 10:13 PM

යහපාලනය යුනු සැමදෙනාටම යහමින් සැලකීම වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 2102 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3158 28

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3360 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5665 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4067 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site