කත්මණ්ඩුහිදීය (රොයිටර්)
නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම සඳහා නේපාල වැසියෝ අද (26) ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළහ. ප්‍රචණ්ඩත්වයත් අස්ථාවරත්වයත් පසෙකළා නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම නේපාල වැසියන්ගේ අරමුණ වී තිබේ.
මාවෝවාදීන් අවස්ථා කිහිපයකදීම කුඩා කුඩා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ද බලධාරීහූ කටයුතු කළහ. මාවෝවාදී ගරිල්ලන් සහ ආරක්ෂක අංශ අතර දශකයකට වැඩි කාලයක් පැවැති සිවිල් යුද්ධය අවසන් වී දශකයක් ගත වුණද එරට මැතිවරණයක් පැවැත්වීමට ඉඩක් නොලැබිණි. අවසාන වරට නේපාලයේ මහ මැතිවරණයක් පවත්වන ලද්දේ 1999 වසරේදීය. මෙම මැතිවරණයත් සමඟ නේපාල රාජාණ්ඩුව ෆෙඩරල් ජනරජයක් බවට පත්වන්නේය.
මහ මැතිවරණයේ දෙවැනි අදියර දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඡන්දය ගණනය කිරීමේ දුෂ්කර ක්‍රියාවලිය නිසා අවසාන ප්‍රතිඵල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වනු ඇතැයි ද එරට මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර කුඩා පිපිරීම් වාර්තා වූ බවත් ඒවාට වගකිව කිව යුත්තේ මාවෝවාදී ගරිල්ලන්ගේ කැඩී ගිය කණ්ඩායම් බවත් නේපාල හමුදා ප්‍රකාශක නයින් රාජ් දහාල් කීය. පුපුරණ ද්‍රව්‍ය සහිත කුඩා බෝම්බ සහ 30කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්ක්‍රීය කිරීමට හමුදා සිකුරාදා දිනයේදී සමත්ව වූ බව හෙතෙම කීය.
“සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට සෑම ප්‍රදේශයකම ඡන්ද විමසීම් සාමකාමීව සිදුව තිබෙනවා” යැයි නේපාල මැතිවරණ කොමිසමේ සාමාජික ඉලා ෂර්මා කීය.
නේපාල ජනතාව 2008 වසරේදී සහ 2013 වසරේදී ව්‍යවස්ථාදයක සභාවක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළහ. ව්‍යවස්ථාදායක සභාව පසුකාලීනව පාර්ලිමේන්තුවට හැරුණු අතර රාජාණ්ඩු ක්‍රමයක් පැවැති නේපාලය මේ වනවිට ෆෙඩරල් ජනරජයක් බවට පත්වනු ඇත.
නව ව්‍යවස්ථාව අනුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණය මෙය වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 15ක් සුදුසුකම් ලබා සිටිති. පාර්ලිමේන්තුවට තෝරාගැනීමට නියෝජිතයන් සංඛ්‍යාව 275කි. නේපාලය 2008 වසරේදී රාජාණ්ඩු ක්‍රමය අවසන් කළ අතර ඉන් පසුව පළාත් සභා ක්‍රමයක් ද පිහිටුවන ලදි. පිහිටුවන ලද පළාත් සභා හතටද මෙවර මැතිවරණයෙන් සාමාජිකයන් තෝරා පත්කරගැනීමට නියමිතය.
055
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නේපාල මැතිවරණය ඇරැඹේ