IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දා හත් හැවිරිදි සිසුවා පැදවු රියේ ගැටී විසි හත් හැවිරිදි තරුණයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දා හත් හැවිරිදි පාසල් සිසුවෙක් පැදවු සුඛෝපභෝගී මෝටර් රථයක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක ගැටීමෙන්  තරුණයකු මිය ගොස් තවත් තරුණයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ  පන්නිපිටිය පොල්වත්ත  පදිංචි කොළඹ අංක තුන මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයකු ලෙස සේවය කළ  නදුන් දර්ශන නැමැති 27 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබු තරුණයින් දෙදෙනා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් මහරගම පමුණුව හා හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය .

අනතුරින් පසු  පලා ගිය 17 හැවිරිදි පාසල් සිසුවා පැය දහයකට පමණ පසු  පැමිණ පොලීසියට බාර වී තිබේ.

මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (4)

දා හත් හැවිරිදි සිසුවා පැදවු රියේ ගැටී විසි හත් හැවිරිදි තරුණයෙක් මරුට

Bamunuarachchi Sunday, 09 September 2018 06:14 AM

මේ ළමයාට වාහන පැද වීමට බලපත්‍ර තිබෙනවාද? එසේම විස්කි බෝතලයක තේ කහට දාගෙන ආවාද? ඒ වත් බලන්න. ළමයා මත්පැන් බීලා සිටියා කියන නිගමනයට ආවාට කිසිම වැරද්දක් නැත. පලා යන්න ඇත්තේ ගෙදරනේ එවලේම පොලිස්සියට ගෙන ආවානම් සාධාරණයි. පැය දහයක් තියාගෙන සිට පොලිස්සියට ගෙන ආවානම් බී මතින් සිටියා කියා සිතීම සාධාරණයි.

:       0       177

ඇත්ත සත්‍යපාලSunday, 09 September 2018 08:57 AM

ඔය හේතුව නිසා තමයි බොහෝ රටවල රිය අනතුරකින් පසු රියදුරා පලාගොස් අසුවූ විට එය හිතා මතා කල "මිනීමැරුමක්" ලෙස සලකා ඉතා දැඩි දඩුවම් දෙන්නේ. අපේ රටේ බොහෝ විට සිදුවන්නේ වෙරි හිදුණ පසු බාරවීම හෝ වෙනත් අයෙකු ඉදිරිපත්විමයි. මව් නීති වෙනස් නොකරන්නේ අපේ රටේ තීන්දු තීරණ ගන්නා හැම එකාම පාහේ අයථා ලෙස හම්බ කළ මුදල් යහතින් ඇති යාන වාහන තිබෙන , ඒ නිසාම සල්ලාලකම් කරන දෙමවුපියන් හා දරුවන් සිටින අය වීම. ඔවුන් දන්නවා උන්ගේ දරුවන් කවදා හෝ අපරාධයක් කර අසුවන බව. දැඩි නීති තිබීමෙන් ඔවුනට ගැලවිය නොහැකි බව. මිය යන්නේ මහමග පයින් යන යමක් කර කියා ගන්නට ශක්තියක් නැති සාමාන්‍ය ජනතාව වග. බලයේ සිටින රජයක පාක්ෂිකයන් තම නායකයන්ට එරෙහිව නැගිටින ජනතාවක් බිහිවන තුරු මේවා වෙනස්කල නොහැක. බලයේ සිටින තම පක්ෂය කරන ඕනෙම දෙයක් හරි කියමින් ඉන්නාතුරු සියලුම නායකයින් තම පන්තිය රැකෙන්නට පමණක් නීති පනවයි. මෙය හැම පක්ෂයකටම පොදුය.

:       0       103

RaveendraSunday, 09 September 2018 12:07 PM

ඇත්ත සත්‍යපාල මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. දේශපාලකයාට කඩේ යාමේ න්‍යාය නොහොත් ගොට්ට අල්ලන න්‍යාය නැති වෙන දවසක මේ සියල්ලම වෙනස්වේ. මේ අහිංසක දරුවා කිසිඳු වරදක් කර නොමැත. හීනෙන් මිදුලේ නවතා තිබූ රථයක් පදවාගෙන ගොස් ඇත. දැන් සුදු කබාකාරයෝ නාට්‍ය පිටපත් රචනා ලියාගෙන ඇවිත් කියවයි බේරාගැනුමට.

:       0       17

sanath Sunday, 09 September 2018 08:19 AM

වයස අවුරුදු 17 නම් රියදුරු බලපතක් නැහැ. ඔහුට තාවකාලික රියදුරු පුහුණුවීමේ අවසරපතක් තිබිය හැකිමුත් ඔහුට පුහුණුකරන්නෙකු නොමැතිව තනිව වාහනයක් පැදවීමට අවසර නැත. කෙසේවෙතත් නීති විරෝධීව සහ නොසැලකිල්ලෙන් වාහනයක් පදවා මනුස්ස මරණයක් සිදුකිරීම බරපතල වරදකි.

:       34       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 71 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 123 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 349 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 513 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 218 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 461 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site