IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දැරියට අතවර කළ පුද්ගලයා මවගේ පිහි පහරින් මරුට


 
 
ශිරාන් රණසිංහ
 
පස්හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර කළැයි කියන පුද්ගලයකුට එම දැරියගේ මව එල්ල කළ පිහි ප්‍රහාරයකින් සැකකරු රෝහල් ගත කිරිමෙන් පසු මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා අංගොඩ මණ්ඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිද්ධිය වන අවස්ථාවේ මව සහ පියා නිවසේ සිට නැති අතර සවස නිවසට ආ මවට සහ පියාට එම සිද්ධිය පිළිබඳව දැරිය දැනුම් දී තිබේ.


සිද්ධිය සැල වු සැණින් කෝපයට පත් වු මවත් පියාත් ඒ පිළිබඳ විමසීමට සැකකරු සොයා ඔහුගේ නිවසට ගොස් ඇත.


සිද්ධීය පිළිබඳ විමසිමේ දී දෙපාර්ශවය අතර ඇති වු බහින් බස්වීමේදී දැරියගේ මව ඒ අසල තිබු පිහියකින් සැකකරුට පහර දී ඇත.



අදහස් (18)

දැරියට අතවර කළ පුද්ගලයා මවගේ පිහි පහරින් මරුට

THEJA Friday, 03 August 2018 09:43 AM

ආයේ අහන්න දෙයක් නැහැ. මමත් කරන්නේ ඔය ටිකමයි.

:       0       16

wedage Friday, 03 August 2018 09:50 AM

අන්න ඒක තමයි වෙන්න ඕනේ...

:       0       20

amila peiris Friday, 03 August 2018 09:53 AM

අපේ යල් පැනගිය නීතියට අනුව නඩු නිමිත්තක් වුණානම් දැරියට සාධාරණය ඉෂ්ටවන්න තව වසර 15ක් විතර යයි.. ඒ අතරතුර ඇප පිට ඉන්න ගමන් තව දැරියන් හට අතවර කර ඔය වගේ නඩු ගොඩගැසේ. ළමා අපචාර වලට බරපතල වැඩ සහිත තීන්දුව ලැබුණත් බන්ධනාගාර තුළ වර්තමානයේ කරන්න තරම් බරපතල වැඩ නැහැ. අපරාධ කරන නරුමයින්ට අපේ මුදලින් කලා බීලා අපේ දරුවන්ගේ ජීවිත අඳුරුකර සැපට ඉන්න වාතාවරණය පවතින නීතියෙන් ඉඩ සලසා ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු...

:       0       32

Bandula. Friday, 03 August 2018 09:55 AM

මුළු ලංකාවටම හොඳ ආදර්ශයක්... මේක තමයි වෙන්න ඕනේ...

:       0       10

yasaisuru Friday, 03 August 2018 10:58 AM

ඇය නිදහස්වේවා. ඇය මවකි.

:       14       332

Kumara Friday, 03 August 2018 11:37 AM

බොහොම හොඳයි, අපි බොහොම වේගයෙන් තමන් විසින් තමන්ව පාලනය වන සහ ආරක්ෂා වන සමාජයකට ගමන් කරනවා වගේ.

:       31       148

lankaputha Friday, 03 August 2018 12:09 PM

කතාව ඇත්තක්නම්, මව කල දෙය ඉතාම නිවැරදි නැතිනම් දියණියට වසර 18 පහු වෙන තෙක් වූ සිදුවීම නැවත නැවත කියවමින් නඩු මගේ ගමන් කර රුපියල් 100,000 වන්දි ලෙස ලබා ගෙන සැනසිය හැක. දැන් හැකි පමණ මව නිවැරදි නම් ඇයට උදව් කලයුතුය

:       12       80

Chandima Friday, 03 August 2018 12:31 PM

මේ වැඩේ නීතිය තුලින් නඩු අහලා විසදෙන කොට ඔය පුංචි දැරිය ලොකු මහත් වෙලා දරුවන් ඉන්න අම්ම කෙනෙකුත් වෙලා තියේවි. අර මිනිහා නාකි මහල්ලෙක් වෙලා ඉඳීවි.

:       22       137

සතයපාල Friday, 03 August 2018 12:42 PM

කුඩා දරුවන්ව තනිකර නිවසේ දමා යෑමේ වරදට මේ දෙමාපිය දෙදෙනාට වීශාල වන්දියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. දුර දිග කල්පනා කරලා අද සමාජය ගැන හිතලා වැඩ කරන්න පුරුදු පුහුණු උනා නම් මෙවැනී අනවශ්‍ය ප්‍රශ්ණ මග හරවා ගන්න හැකී වේවි.

:       20       43

Lalith Friday, 03 August 2018 01:04 PM

දෙමාපියන්ට දරුවන් ගැන ඇති කැක්කුම නීතියෙන් මැනිය නොහැකිය. ඇය නිදහස් වේවායි පතමු.

:       25       109

Janaka Friday, 03 August 2018 01:24 PM

අන්න එහෙම තමා වෙන්න ඕනේ නැත්නම් ලංකාවේ නීතියට ඕවා අහු වෙන්නේ නැහැ.

:       0       41

පිටිගල මිලානෝ Friday, 03 August 2018 01:25 PM

ඇයට විරුද්ධව කිසිම චෝදනාවක් ගොනු නොකරන ලෙස අපගේ පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

:       0       37

ravi Friday, 03 August 2018 01:46 PM

අපි අපේ ආරක්ෂාව සලසාගත යුතුයි. දැන් දැන් වෙන් සිද්ධි එක්ක බලනකොට මේ වෙලා තියෙන දේ සාධාරණයි. අපි නිතිය අතට ගත යුතු නෑ, නමුත් මෙවැනි නරුමයන්ට දෙන දඩුවමක් නැත්නම් එක අපි විසින්ම විසදිය යුතුයි. මෙවැනි ක්‍රමයක් මගින්වත් මෙවැනි තිරිසන් ක්‍රියා නතර කලයුතු කාලයක් උදාවෙලා තියන්නේ.

:       0       12

emerson Friday, 03 August 2018 02:00 PM

මේ ළමයා තමුන්ගේ ගෙදර ඉදලා තියෙන්නේ තමුන්ගේ ගෙදරවත් ඉන්න බැරි කාලයක්. මේ මව නිදහස් වේවා

:       0       8

jaseem Friday, 03 August 2018 02:45 PM

නියම අම්මා

:       0       2

ගාමිණී Friday, 03 August 2018 02:53 PM

මේ වගේ ළමා අපචාර ගැන හැමදාම අහනවා. ඇයි මේ වගේ ලිංගික පීඩනයක් රට තුල තියෙන්නේ, මොනවද ඒවාට ගතයුතු දීර්ග කාලින විසදුම් කියල කව්රුත් හොයන්නේ නැද්ද?

:       0       5

pakeer Monday, 06 August 2018 03:37 PM

මේ මව කල වැඩේ නරකයි කියල කියනවා නම් ඔහු අනිවාර්යෙන්ම මනුස්ස වෙසින් ඉන්න තිරිසනෙක්. නීතිය ඕනේ නැහැ තිරිසන්නුන්ට සලකන්න. තිරිසනාට සලකන්න ඕනේ තිරිසනුන්ට සලකන විදිහටම තමයි.

:       0       0

V.Nath Friday, 10 August 2018 08:24 AM

හරියට හරි පොලිසියවත් අධිකරණයවත් විස්වාස කල නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2366 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3358 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5655 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4683 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site