IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් නැවතුම්පලේ

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


දෙමාපියන්ට එපා වූ  දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටියදී දඹුල්ල පොලිසිය සොයාගෙන රැකවරණය ලබා දුන් පුවතක් 16 දින පස්වරුවේ වාර්තා විය.


දින තුනක පමණ කාලයක් වයස අවුරුදු 12ත්  15ත් අතර වයසක පසුවන කුඩා පිරිමි දරුවෙකු දඹුල්ල බස් නැවතුම්පොලේ තනිව සිටින බවත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික දුරකථනයට තොරතුරක් ලැබී තිබිණි.


ඒ අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් නගරයට ගොස් එම ස්ථානයේ සිටි දරුවා පොලිසිය වෙත රැගෙන එන්නට වූහ.


දඹුල්ල බස් නැවතුම්පොළ පිටුපස සිටි තරුණයන් පිරිසක් මෙම දරුවා ආරක්ෂා කරගෙන ආහාර පාන එදින ලබාදී පොලිසිය පැමිණෙන තුරු රැක බලාගෙන සිටීම තවත් විශේෂ කරුණකි.


මෙම දරුවාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පාසල් නොයවා සිටි මෙම දරුවා අවස්ථා කිහිපයකදීම ළමා නිවාස වලට සහ පන්සල් වලට දෙමව්පියන් විසින් රැගෙන ගොස් දමා තිබුණු බවය. එමෙන්ම දරුවාගෙන්  මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කළ විමසීම්වලදී කියා සිටියේ තම පියා මවට සහ තමන්ට පහර දී නිවසින් පන්නා දමන බවය. අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටින පියා ගෙන් බේරීම සඳහා තමන් නිවසෙන් පිටව ගිය බව සඳහන් කළේය.


මෙම පිරිමි දරුවා ඇඳ සිටි ඉරී ගිය ඇඳුම්  කිහිපය ඉවත්කොට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිය පෞද්ගලික ධනයෙන් මෙම දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදීම විශේෂත්වයකි. දරුවාගේ එකම ඉල්ලීම බවට පත්වූයේ පන්සලකට හෝ ළමා නිවාසෙකට ගොස් ජීවත්වීමට කැමැත්තක් ඇති බව සඳහන් කළේය.

මෙම දරුවන්ගේ දෙමව්පියන් පොලීසියට කැඳවා වුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කොට අධිකරණයට කරුණු වාර්තා කොට මෙම දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

 



අදහස් (13)

දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් නැවතුම්පලේ

athula Saturday, 17 March 2018 07:20 AM

මෙන්න නියම පුරවැසියෝ ඔබලවගේ හදවතේ තෙතමනයක් ඇති මින්සත් බව හඳුනන යුගපුරෂයින් රටකට අභිමානයක්. ඔය බොරු මාන්නෙට ලෝකෙට පෙනෙන්න පින් කරනවා කියල සංදර්ශන කාරයින්ට වඩා මේවා කොතරම් උතුම්ද , ඔබට මගේ ගෞරවය.

:       0       1

Perakum Saturday, 17 March 2018 07:40 AM

මමත් බෞද්ධයෙක් තමයි ඒත් නිර්මල බුදු දහම පවතිනවයි කියන රටක මෙහෙම දේවල් වෙනවද?

:       207       111

Aslam Saturday, 17 March 2018 07:46 AM

සඳවට රන් තරු කැකුළු පිපේවා!!! පියෙකුට පුතෙකුගේ අගය දැනේවා!!!

:       0       143

PA - RA Saturday, 17 March 2018 07:46 AM

පොලිසියේ මනුස්සයෝත් ඉන්නවා.

:       0       53

Lashan Saturday, 17 March 2018 08:55 AM

මේ වගේ නිව්ස්වල දරුවාගේ මුහුණ පේන්න දාන්න හොඳ නැහැ.

:       0       34

Citizen Saturday, 17 March 2018 09:19 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...

:       0       41

suneth Hemantha Saturday, 17 March 2018 10:56 AM

දඹුල්ල පොලිසියේ කොහොමත් මනුස්සකම් දන්නා අය ගොඩක් ඉන්නවා. ලංකාවෙන්ම කතන්දර අඩුම පොලිසියක් කිව්වොත් මම නිවැරදියි. දරුණු ප්‍රශ්නයකදී ඉතා ඉක්මණින් විසඳුම් හොයාගන්නකන් නින්ද යන්නැති නිලධාරීන් කිහිප දෙනෙක්ම මෙහි සේවය කරනවා.

:       1       43

chathuri Saturday, 17 March 2018 12:37 PM

මට මේ දරුවා නීතිය මාර්ගයෙන් ම‍ට ලබාදෙන්න. ලංකාදීප කාර්යාලයට පුළුවන් මේදේ කරන්න. මේ වෙලාවේ මා විදේශගතව ඉන්නේ දෙමව්පියන් බැලීමටත්, දෙමව්පියන් දරුවා බැලීමටත් සම්පුර්ණ තහනම් මා බාරගත් පසු දරුවට උසස්, අධ්‍යාපනයත් දෙනවා. කිසිම අඩුවක් නැතිව සලකනවා..

:       212       222

LashanSunday, 18 March 2018 02:10 AM

හදිස්සි වෙන්න එපා ඔය වගේ දේවල් කියන්න.

:       0       0

KaanthiSunday, 18 March 2018 04:57 AM

ලශාන් මෙතන හදිස්සි වෙන්න දෙයක් නැහැ. කොහොමත් ලංකාවේ අත දරුවෙකු හදා ගන්න ගිය අයටත් අවුරුදු ගණන් පරිවාස උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. ඒ නිසා චතුරිගේ හදිස්සියේ මම වරදක් දකින්නේ නැහැ .

:       0       0

Jehaan Sunday, 18 March 2018 12:29 AM

දැන් මොකද මේ චතුරි මහත්මියගේ කාරුණික මැදිහත් වීමට මෙච්චර ඩිස්ලයික් ගොඩක්. මේ දරුවා පාරේ ජීවත් වී පාතාල නායකයෙක් වෙනවාට කැමති උදවිය වෙන්න ඇති. මේ රට කොහෙට යනවාද මට තේරෙන්නේ නැහැ . දරුවන් අනාත කරනවා මදිවාට ඔවුන්ට කාරුණික අනුග්‍රහයක් දක්වන්න ලැස්ති උදවිය එයින් වලක්වන රටක්.

:       0       2

කසුන් කුමාර පහලවැව Sunday, 18 March 2018 01:12 AM

සම්පත් කුමාර මහතා හොද පොලිස් නිලධාරියෙක් ලෙසින් ඇගයීමට මෙම සිදුවීම වැදගත්ය.

:       109       15

w.p.s weerawardana Monday, 19 March 2018 07:01 AM

දඹුල්ල පොලිසියේ මහත්වරුනි, ඔබලා සියලුදෙනාට මාගේ ප්‍රණාමය...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?
2024 මැයි මස 11 2 0

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .


සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 32 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 87 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 58 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 220 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 189 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site