( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා තමාට තානාපති වරප්‍රසාද තවමත් ඇති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙම නියෝග ලබා දී ඇත.
තමන්ට හිමි තානාපති වරප්‍රසාද අත්හිටුවන ලෙස දන්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු රජය වෙත නිකුත් කර ඇති ලිපියක් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සමේ සඳහන් කර තිබුණේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ තමන්ගේ තානාපති වරප්‍රසාද අත්හිටුවන ලෙස දන්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු රජය වෙත ලිපියක් යවා ඇති බවයි.
මෙම ලිපිය හේතුවෙන් තානාපතිවරයෙක් ලෙස කටයුතු කළ තමාගේ වරප්‍රසාද උල්ලංඝණය වන බව වික්‍රමසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර මේ හේතුවෙන් අදාළ ලිපිය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම පෙත්සමට මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා කියා සිටියේ මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජාලිය වික්‍රමසුරියගේ පෙත්සම ඉවතට
සතයපාල Thursday, 29 March 2018 10:37 AM
අනේ මන්දා මේවගේ අය අපේ රට නියෝජනය කරමින් මොනවා කෙරුවද කියලා හිතා ගන්න බැහැ.