IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ නගර සබේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩිවේ

දයාසීලි ලියනගේ

 

කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරු 119 දෙනාගේ දීමනාව රුපියල් 20,000 සිට 45,000 දක්වා වැඩි කිරිමට නියමිතව ඇත.

මන්ත්‍රී දීමනාව වැඩි කිරිම නිසා කොළඹ නගර සභාවට මාසිකව දීමනාව වැඩි කිරිමට යන වියදම ලක්ෂ 23 සිට ලක්ෂ 45 දක්වා වැඩිවේ.



අදහස් (8)

කොළඹ නගර සබේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩිවේ

ගුරුවරු Wednesday, 15 August 2018 05:56 AM

ගුරුවරුන්ටත් පඩි වැඩි කරන්න

:       0       23

Bandara Wednesday, 15 August 2018 05:59 AM

නගරාධිපතිනියට ලක්ශ පනහක් දීලා වැසිකිලියක් හදනවාට වඩා, මංත්‍රී දීමනාව වැඩිකරන එක හොඳයි.

:       5       19

kalani Wednesday, 15 August 2018 07:38 AM

නැවතත් වැටුප් වැඩිකර ගැනීමක්. කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රීවරුන්ට රු.20,000/= සිට 45,000/= දක්වා. ජනතාව පුදුම කලකිරීමකින් ඉන්නේ. දේශපාලකයෝ මොකක්ද මේ කරන්නේ? අධීක්ෂණ මන්ත්‍රීවරයකුට ප්‍රවාහන දීමනාව රු. ලක්ෂ දෙකයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුටුවක් රුපියල් හයලක්ෂ හතලිස්දහසයි. ඒ අතර කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට 25,000 ක වැටුප් වැඩිවීමක්.කොළඹ නාගරික මන්ත්‍රීන් ගණන දෙගුණයක් වෙලා. මේ රෝගය ඉතා ඉක්මනින් අනෙකුත් ප්‍රාදේශීය සභාවලටත් පැතිරෙනවා. පාලකයෝ අත දිග හැරලා බෙදා ගන්නේ අපි හැන්ද ඒ අයට දුන්න නිසා.අපි කවුරුවත් මේ මහත්වරුන්ට දේශපාලනයට ඇවිත් සේවය කරන්න කියලා ආරාධනා කලේ නැහැ. ඒ අය කැමැත්තෙන් ආවේ . ඡන්දෙට වියදම් කලේ අත දිග හැරලා. ඇත්තවශයෙන්ම ස්වෙච්ජාවෙන් වැඩ කල හැකි අවංක මිනිස්සුන්ට භාර දීලා ඔය මහත්වරු වෙනත් රැකියාවක් සොයා ගන්න. ජනතාවට ගරු කරන, පොදු දේපල ගැන සංවේදී, ස්වෙච්ජාවෙන් සේවය කිරීමට කැමති ,දේශප්‍රේමී මිනිසුන්ට ඉඩදී මේ බඩජාරි පාලකයින් පන්නා දැමීමට පෙළ ගැසෙමු,

:       0       16

Asiri Wednesday, 15 August 2018 08:48 AM

මේ දීමනාව මදි දහදිය හෙළා අපි වෙනුවෙන් අපේ සුබ සාධනය සඳහා කරන අනූපමේය මෙහෙයන් වෙනුවෙන් මේ දීමනාව ආණ්ඩු පක්ෂයට විතරද අනික් ජාති හිතෛශීන්ට නැත්ද. ඔය ඉන්න මුළු රොත්තම අපි තොපිට ගෙවෙන බදු මුදල්වලට නියම සේවයක් කරන්නේ නැතිනම් අපෙන් කකා අපිටම වින කරනවානම් අපි දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලි නැති නාස්ති කර කාබාසිනියා කරනවානම් තව වැඩි දීමනා ඉල්ලීම ගැන ලජ්ජා වෙයව් !!

:       0       10

RaveendraWednesday, 15 August 2018 01:27 PM

ආසිරි මයා වෙත, ඇත්තෙන්ම දියවන්නා ඔයේ ඉන්න කාලකන්නි අම්බරුවන් රෑනට නැති ලැජ්ජාවක් මේ අයට තිබේ නම් එය " පුදුම 8 න් " එකක් විය යුතුමය. මේ සියලුම අයවලුන් පොරකන්නේ මහජන සේවය නොවේ... තම තමුන්ගේ වපසරියෙ වැඩි කරගැනීමට නොවේද?

:       0       9

Dayasili Wednesday, 15 August 2018 09:19 AM

දුම්රිය සේවකයින්ට පඩි වැඩි කරනවට අකමැති හිඟන මිනිස්සු නගර සභාවේ හොරුන්ට දීමනා වැඩි කරනකොට කිසි සද්දයක් නැහැ. අනේ අපේ රටේ ලක්ෂ 62. ඒ ගොල්ලො හිතන් ඉන්නේ මේවට ඒ ගොල්ලන්ට ගෙවන්න වෙන්නේ නැහැ කියලා වෙන්න ඇති. අනිත් කට්ටිය විතරක් බදු ගෙවලා මේ දීමනා දෙනවා කියල වෙන්න ඇති. ලක්ෂ 62 ඔබට සතුටුයිද?...

:       0       38

Nandalal DE SILVA - France Wednesday, 15 August 2018 10:05 AM

මම මෙච්චර කාලයක් හිතන් හිටියේ නගර සභිකයින් කියන්නේ "ස්වෙච්ජාවෙන්" ගමට නගරයකට සේවය කරන උදවිය කියලයි. දැන් බලාගෙන යනකොට හොඳ වැටුපක් ලැබෙන, වැඩි වගකීමක් නැති, උගත්කමකුත් ඕනෑ නැති ටොප් ජොබ් එකක්නේ. මීළඟ නගර සභා ඡන්දෙට මමත් අපේක්ෂකයෙක් වීමට බලාපොරොත්තු වෙනවා!

:       0       20

Bamunuarachchi Wednesday, 15 August 2018 10:50 AM

ඔය තිබෙන්නේ අපේ වරිපනම් බදු වලට වැඩ. එක්කෝ අපිට තව බදු වැඩිවේවි නැතිනම් නගරයට කෙරෙන වැඩ අඩුවේවි. කාටද ආඩම්බර නේද රෝසි?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 39 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 277 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 201 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 191 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 416 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 500 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site