IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්ට විදේශ සංචාර සීමා කෙරේ

මහේෂ් කිර්තිරත්න
 
විදේශ ශිෂ්‍යත්ව හෝ පුහුණු වැඩසටහන්වලට ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් සේවය කරන කාෂිකර්ම නිලධාරින්ට හා ගොවීන්ට අවස්ථාවන් ලබා දීමේ අරමුණින් අමාත්‍යංශයේ නිලධාරින්ට වසරකට තුන්වතාවකට වඩා විදේශ ගතවීමට අවස්ථාව ලබා නොදෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

 
 අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික ක්‍රියාන්විතය පිළිබඳව පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්යේ  සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සහ සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය මහින්ද අමරවිර මහතා මෙසේද පැවසිය.
 
"රටේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දසදහසක් පමණ ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නවා නිලධාරින් 15000ක් විතර. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේත් එවැනිම නිලධාරින් පිරිසක් ඉන්නවා. නමුත් අපි බැලුවොත් තවමත් අපේ රටේ වගා කළ හැකි භෝග තවමත්  පිටරටින් ආනයනය කරනවා" 



අදහස් (4)

කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්ට විදේශ සංචාර සීමා කෙරේ

lalith Wednesday, 08 August 2018 02:28 PM

එහෙම ගත්තොත් ඉතින් මන්ත්‍රීලා, ඇමැතිලා කීයක් ඉන්නවද? පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ, අරවගේ මේවගේ? සමහරු පරම්පරා තුන හතරකට මාරුවෙවී ඉන්නවා. අධි සුඛෝපභෝගී වාහන වල තවත් වාහන පිරිවරාගෙන එහෙමෙහේ ඉගිල්ලෙනවා. ලෝකේ පුරා ගෙදර උන්දැලයි වැඩට ඉන්න පිරිසයි එක්කල රවුම් ගහනවා. රටේ සල්ලිත් හොරා කනවා. පසුගිය අවුරුදු ගණනාවකටම කරපු මගුලක් තියෙනවද? අපි එන්න එන්නම හිඟන්නෝ වෙනවා. නිලධාරීන් උන්නට මොනවා කරන්නද? මහාචාර්ය වරුන්ටත් උගන්වන්න යන්නේ මේ මන්ත්‍රීලා කියන හොරු කල්ලියනේ? මොකද ඒ අය ජනතාවගේ නියෝජිතයින්ද? පක්ෂ නායකයන්ට මුට්ටිය අල්ලන අයගේ ලැයිස්තුවට ජනතාවට කියලා වහලා කතිරේ ගස්සාගෙන මන්ත්රිලා වුණු හරක් රැළක්නේ? ඒ අය එලවලා රටේ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයින්ට තමන්ගේ නියෝජිතයන් තෝරාගන්න අවස්ථාවක් දෙනකල් වගාව තියා මොන දෙයක්වත් හරියන්නේ නැහැ. ඔය මන්ත්‍රීලා රැලට වියගස් බැඳලා කුඹුරු හෑවා නම් වගාව දියුණු කරන්න තිබුණා.

:       0       242

Wanigarathna Thursday, 09 August 2018 12:38 AM

මමත් අවුරුදු තිහකට වැඩි කලක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරලා තියෙනවා. මම නම් හිතන්නේ විදේශ පුහුණු වැඩ සටහන් 99% ක් ම කිසි වැදගැම්මකට නැති ඒවා. මේ විදේශ පුහුණු වලින් නිසි පලයක් තියෙනවනම් මේ රට ගොවිතැනින් මේ තරම් අගාදයකට වදෙටෙන්නේ නැහැ.

:       0       0

kalani Thursday, 09 August 2018 07:21 AM

රට මැදින් ආරම්භ වන ගංගා 103ක් දිවයිනේ සිව්කොනින් මුහුදට වැටෙයි. 23000 කට වැඩි වැව සහ වාපි කර්මාන්තවලින් වැඩි ප්‍රමාණයක් වල්බිහිවෙමින් පවතියි. පැරණි හෙළ රජදරුවන් ජනතාවගේ ජීවිතවලට අරමුණක් පැවරීම වෙනුවෙනි ඒවා ඉදි කලේ. ජනතාව ආහාර සඳහා දහදිය පොහොර කළහ. දසදිග පැතුරුණු තැනිතලා, මිටියාවත් , සහ වනාන්තරවල ඉබේ වැඩුන තෘනවලින් ලබාගත් ඥානයෙන් ජනතාව බතට හුරුවුහ. පෙරදිග ධාන්‍යාගාරය ගොඩනැගුනේ එසේය. එවැනි රටක කෘෂිකර්මාන්තයේ වත්මන් තත්වය සතුටුදායකද? සොරොව්ව, වැව තාවුල්ල, පිටවාන, රළපනාව, බිසෝකොටුව නටබුන් වූ වචන පමණි. ලෝකයේ සම්භාවනාවට පත් හෙළ වාරි ඉංජිනේරුවන් වූ ගොවියෝ අද ඉලුක් සෙවෙලි කල පැලක අතරමංවී බලා සිටිති. දේශපාලකයින්, ඉහළ නිලධාරින් විදේශගතව ගෙනෙන බෝල් දැනුම කුඹුරේ පැල නොවෙයි. සහල්, කුරක්කන්, මුන් ඇට, තල විදෙස් රටවලින් ගෙන්වා ගනිති.

:       0       0

sam Thursday, 09 August 2018 07:32 AM

බිල්ඩිමේ කුලිය ගෙව්වාම වෙන සල්ලි ඉතුරු වෙන්නේ නැතුව ඇති . 'අපි වවලයි අපි කන්නේ' කියලා නොවෙයි , "අපි වවාගෙනයි කන්නේ" කියලා යෙදුවා නම් ගැලපෙනවා .

:       0       67

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 105 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1397 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 269 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1519 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1119 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1420 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site