IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එමිල් රන්ජන්ගෙන් දේශපාලන පළිගැනීම් ගැන තිදෙනෙකුට චෝදනා

(දසුන් රාජපක්ෂ)

වැලිකඩ බන්ධනාගාරයේ හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරියක ඇතුළු තිදෙනෙකු වගඋත්තරකරුවන් ලෙස එම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් අද (11) නම් කරනු ලැබ සිටියේය.

එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කෙරුණේ හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ , අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පූජිත් ජයසුන්දර සහ සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාය.

එමිල් රංජන් ළමාහේවා  මහතා වෙනුවෙන් ජනාධිපති කොමිසම හමුවේ කරුණු දැක්වූ නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා කළ දැනුම් දීමක් කෙරෙහි අවධානය යොමුකළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම නම් කිරීම් කර සිටියේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 නොවැම්බර් 10 වැනි දින සිදුවූ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් ඝාතනය කිරීමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා නියෝග කළ බවට බොරු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා තමන්ව අත්අඩංගුවට ගෙන වසරක් සිරබාරයේ තැබීම සහ සිය සුදුසුකම්වලට අදාළව උසස්වීම් ලබානොදී සිටීම හරහා යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින් තමාගෙන් දේශපාලනිකව පලිගෙන ඇති බව සඳහන් කර එමිල් රංජන් ළමාහේවා මහතා මෙම පැමිණිල්ල මගින් ජනාධිපති කොමිසමට දැනුම් දී තිබුණි.

එම පැමිණිල්ල ජනාධිපති කොමිසම හමුවේ අද (11) යළි කැඳවු අවස්ථාවේ  එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ චමින්ද ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් තලතා අතුකෝරළ , පූජිත් ජයසුන්දර සහ ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියේය.

මේ වනවිට ජනාධිපති කොමිසම බාරයේ ඇති වැලිකඩ ඝාතන සිද්ධිය අළලා කසුන් පුස්සවැල්ල මාධ්‍යවේදියා ලියූ ‘‘වැලිකඩ‘‘ කෘතිය තම සේවාදායකයාට මුදා හරින ලෙසද නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවශ්‍ය විටෙක කොමිසමට ලබාගැනීමට හැකිවන පරිදි “වැලිකඩ“ කෘතිය එමිල් රංජන් ළමාහේවා මහතාට මුදාහරින ලෙස නියම කර මෙම පැමිණිල්ල ලබන 24 වැනි දින යළි කැඳවීමට නියම කළේය.

 

 

 

 



අදහස් (0)

එමිල් රන්ජන්ගෙන් දේශපාලන පළිගැනීම් ගැන තිදෙනෙකුට චෝදනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 15 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 235 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 137 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 257 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 591 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 751 4

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1724 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site