IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඊශ්‍රායල් ජාතිකයන්ට පහර දුන් අයෙක් වැලිගම දී අත්අඩංගුවට


 
 
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

වැලිගම මිදිගම ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට පොලු වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (17) රාත්‍රී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

විදේශීය ජාතික තරුණියක් මුහුදේ සර්ෆ් ක්‍රීඩාව සිදු කරන අතරතුරදී සර්ෆ් බෝඩ් එක මූදුගමුව ප්‍රදේශයේ තරුණයකුගේ අතේ වැදී තුවාල සිදු වී තිබේ.

ඔහු බෙහෙත් දමා ගැනීම සඳහා මුදල් ඉල්ලා සිටිමේදී එම ස්ථානයට පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් සමඟ ආරවුලක් ඇතිකර ගෙන තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

එහිදී දෙපාර්ශවය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයිද පසුව එතැනට රැස් වු පිරිස ඊශ්‍රායල් ජාතිකයින්ට දැඩි ලෙස පහර දී තිබෙන බවද කියති.



අදහස් (21)

ඊශ්‍රායල් ජාතිකයන්ට පහර දුන් අයෙක් වැලිගම දී අත්අඩංගුවට

nisar Wednesday, 18 April 2018 08:29 AM

ඊශ්‍රායෙල් ජාතිකයෝ මෙහෙ ඇවිල්ලත් පුරුද්ද පෙන්නන්න හදන්න ඇති...

:       1020       850

MaheeWednesday, 18 April 2018 11:16 AM

නිසාර්ට යුක්තිය, සාධාරණය, නීතිය කොහොම වෙතත් ආගම නම් මතක් වෙන්න ඇති, නේද?

:       97       424

Sunil Wednesday, 18 April 2018 11:42 AM

එහේ කොහොමද එයාලා පුරුද්ද පෙන්නන්නේ? සිය දේශසීමාවේ බෝම්බ, පුපුරුවන, ටයර් පුච්චන සාමකාමී කට්ටියට එ්කට ඉඩ නොදෙන නිසාද?

:       16       178

nisarWednesday, 18 April 2018 12:52 PM

යුක්තියක් තිබ්බනම් ඊශ්‍රායල් කියල රටක් තියෙන්නේ කොහොමද. මේ පහර දීම එහෙ සිදු උනානම් ගමක් විනාස කරල යුක්තිය ඉටු කරලා ඇති. බෝම්බ ටයර් කඩවල්, පල්ලි එහෙ විතරක් ද පුච්චන්නේ. අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා

:       57       83

KumarWednesday, 18 April 2018 04:04 PM

නිසර්ට මනුස්සකම අමතක වෙලා. වසර 20 පෙර යුදෙව් රටෙන් පැමිණි සංචාරකයෝ මට හික්කඩුවේදී මුණගැසිලා තිබෙනවා. ඒ අය බොහොම හොදින් අප සමග ගනුදෙනු කලේ. ඒ අය සමග තරහනම් ඒ රටට ගිහිල්ල පහරදෙන්න ලංකාවේ නම කෙළසන්න එපා.

:       1       218

nisarWednesday, 18 April 2018 05:29 PM

දකුණු පළාතෙන් කොටසක් ඊස්‍රායෙල් කාරයන්ට ලබාදීලා අපි අපේ මනුස්සකම පෙන්වමු.

:       0       0

Suranga Wednesday, 18 April 2018 08:50 AM

අපේ සමහරක්ට තේරෙන්නේ රටවල් වලින් ලංකාවේ සංචාරයට තහංචි, වාරණ දාලා සංචාරක ව්‍යාපාරය ඉවරයක් වුණාට පස්සේ...

:       3       118

parakkramaWednesday, 18 April 2018 04:45 PM

සුරංග, දේශපාලනය කණපිට පෙරලාගෙන කරපින්නාගෙන ඉන්න සමහරක්ට අවශ්‍යව ඇත්තෙත් ඔබ සඳහන් කළ ටික කරවා රටට ආර්ථික අපහසුතා ඇතිකර, දේශපාලන වුවමනාවන් සපුරා ගන්නට බව පැහැදිලියි. මෑත ඉතිහාසයේ මෙවැනි අනුමත කළ නොහැකි සියලු සිද්ධීන් සිදුව ඇත්තේ ද දකුණු පළාතේ බවත් පැහැදිලියි.

:       0       0

Don perera Wednesday, 18 April 2018 08:52 AM

දකුණ? කවදාවත් මේ මිනිස්සු තිරිසන් බව අතහරියිද?

:       525       534

chris Wednesday, 18 April 2018 09:08 AM

මොන රට බය වුනත් ඊශ්‍රායලයට අපේ උන් බය නැහැ. අපි වෙන්න ඇති ඊශ්‍රායලයට ගැහැව්ව එකම රට. ඉදිරියේදී අවශ්‍ය වුනොත් රුසියාවත් අපිට උදව් කරයි. තාම පුටින්වත්, ඩොනල්ඩ් ට්‍රම්ප්වත් කිසිම ප්‍රකාශයක් කරලා නැහැ නේද?

:       283       68

නාමල් Wednesday, 18 April 2018 09:30 AM

දොන් පෙරේරා සමග මමත් එකඟයි. දකුණ ගෑවිලා තිබුණත් කරන්නේ තිරිසන් වැඩමයි.

:       504       424

sampath Wednesday, 18 April 2018 10:00 AM

අනිවාර්යෙන්ම තුවාලෙට බෙහෙත් දාගන්න රු 10000 ක් වත් ඉලන්න ඇති. අපි දන්නේ නැද්ද අපේ අයියලගේ හැටි. කොයි වේලාවේද දතක් ගලවන්නේ කියලා බලාගෙන ඉන්නේ.

:       94       194

Suranga Wednesday, 18 April 2018 10:46 AM

සම්පත්ගේ කතාවට මමත් එකඟ වෙනවා.. මම හිතන්න 50000 වත් ඉල්ලන්න ඇති.. දකුණේ සමහර මිනිස්සුන්ට මනුස්සකම ගෑවිලාවත් නෑ.

:       194       223

upali Wednesday, 18 April 2018 11:05 AM

සංචරකයින්ව හපාකන බල්ලන්ව වහාම බැඳදමනු...

:       32       107

Sunil Wednesday, 18 April 2018 11:45 AM

සංචාරකයින්ට මේ රටේ දී දැන් දැන් පහර දෙන හැටියට අපේ රටේ සංචාරක කර්මාන්තය ඉහළින් දියුණු කරන්න පුළුවන් වේවි !!!

:       0       37

Prasanna Wednesday, 18 April 2018 12:02 PM

ඊශ්‍රායලයේ සේවය කරන අයගේ සේවය ගැන පැහැදිලා මෑතක සිට ඊශ්‍රාල් ජාතිකයන් ලංකාවට බහුලව එන්න පටන්ගෙන තියනවා, එහෙනම් ඒකත් ඉවරවෙයි වගේ, ඒ ඇයි කියනවානම්, ඊශ්‍රායලයේ අය එයාලාට පොඩි හිරිහැරයක් හරි වෙන රටකට යන්න කැමති නැහැ .

:       10       165

Jehaan Wednesday, 18 April 2018 12:09 PM

එකම විදේශීය සංචාරකයෙකු නෙවෙයි පිටරට පදිංචියට ගිය ලංකාවේම මිනිස්සුන්වත් දැන් නිවාඩුවට මෙහෙ එන්නේ බැරිම තැන. මගේ ඥාතියෙකු මෙහි නිවාඩුවකට ඇවිත් දුම්රියෙන් නුවර යන වෙලාවේ ඔහුගේ නෙදර්ලන්ත ජාතික තරුණ බිරිඳගේ අතින් අල්ලලා. ඒ විදේශීය කාන්තාව ආපසු රටින් යනකොට තමන්ගේ නැන්දම්මාට සිංහල ක්‍රමයට අත් දෙක එකතු කරලා වැඳලා ආපසු ගියේ. මට අපේ මිනිස්සු ගැන හරිම ලැජ්ජාවක් හිතුනා.

:       1       40

rocky Wednesday, 18 April 2018 02:32 PM

දකුණේ වෙරළබඩ මේ ගණන්කාරකම් දමන අශිෂ්ට පුද්ගලයින් නිසා මුළු රටම අවමානයට ලක් වෙනවා. මේ තක්කඩින්ට නිසි දඬුවම් ලබා නොදුන්නොත් සංචාරක ව්‍යාපාරයත් බල්ලට යනවා ෂුවර්! පොලිසියට මේ අයව පාලනය කරන්න බැරිනම් දකුණු පළාතට දාන්න හමුදා කඳවුරු කීපයක්....

:       70       249

ධනුෂ්ක Wednesday, 18 April 2018 02:34 PM

අැත්තෙන්ම උඩ අදහස් කීපයක් ගැන කල්පනා කළා. ලංකාවේ අනෙකුත් සියළුම පළාත්වල සිදුවෙන අපරාධ එකතු කළත් දකුණු පළාත පරද්දන්න බෑ. මිනීමැරුම්, දුෂණ, කොල්ලකෑම් හැමදාම වෙනවා. මෙච්චර ජනතාවක් ඉන්න බස්නාහිර පළාතේවත් මෙහෙම නෑ. අහලා තියනවද උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව කියලා පාතාලයක් ගැනවත්. බෙන්තර ඟඟෙන් මෙහාට බලලෙක්වත් ගේන්න එපා කියන්නේ මේ හින්දා වෙන්නැති...

:       143       193

akila Wednesday, 18 April 2018 02:54 PM

අතේ වැදිලා තුවාල කරගැනීම සුද්දන්ගෙන් ගාන කඩාගන්න හිතාමතාම කරගත්ත දෙයක් වගේ... සංචාරකයින්ට පොලු වලින් එලව එලවා ගහන්න තරම් මෝඩ මීහරක් තමයි දකුණේ ඉන්නේ...

:       69       42

කුමාර් (ගල්ෆ්) Wednesday, 18 April 2018 07:24 PM

සංචාරක පොලිසිය පොල් ගෑවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 954 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 173 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1296 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 992 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1312 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 3404 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site