IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවට බණින අයට ‘පරිණත ප්‍රජාතන්ත්‍රවාදය‘ තේරෙන්නේ නෑ - හරීන්

(අංජුල මහික වීරරත්න )

ආණ්ඩුවට කොන්ද පණ නැති බව ඇතැමුන් කියන්නේ  ඔවුනට පරිනත ප්‍රජාතන්ත්‍රවාදය නොතේරෙන නිසා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  මාධ්‍ය හමුවකදී පැවැසීය.


 රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා විවේචනය කිරීමට ඕනෑම අයෙකුට හැකියාව ලැබී ඇත්තේ ඒ පරිනත ප්‍රජාතන්ත්‍රවාදය නිසා  බවද ඇමැතිවරයා කීවේය.


අතේ නීතිය සහ පොතේ නීතිය  යනුවෙන් දෙකක් තිබෙන බව කී ඇමැතිවරයා පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වුයේ  අතේ නීතිය බවත්  යහපාලන රජය ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතිය බවත් පැවසීය.


පිටකෝට්ටේ  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූප -චතුර එස් කොඩිකාර)

 



අදහස් (23)

ආණ්ඩුවට බණින අයට ‘පරිණත ප්‍රජාතන්ත්‍රවාදය‘ තේරෙන්නේ නෑ - හරීන්

නොකවුට් Tuesday, 12 June 2018 09:09 AM

බණින තරමක් පහුගිය ආණ්ඩුවට බැනලා දැන් මේ ආණ්ඩුවට මිනිස්සු බනින කොට පරිනත දේශපාලනයක් කතා කරනවා.

:       435       1020

Senarath Tuesday, 12 June 2018 09:15 AM

"පරිනත ප්‍රජාතන්ත්‍රවාදය " කියන්නේ පාර්ලිමේන්තුවේ අම්ම මතක් කරලා බනින එකයි විනය විරෝධීව හැසිරෙන එකයි නම්, ඔය කියමන අපි පිලිගන්නවා. ඒ උනාට මහ බැංකුව හොරාකන එක, මහජන මුදල්වලින් සුපිරි වාහන අරගන්න එක, හොරුන්ගෙන් රුපියල් මිලියන ගණනින් අරගෙන , ඒ හොරු ආරක්ෂා කරන එක රටේ වැඩක් නොකෙරුණාට ඇමතිලා ගණන වැඩිකරගෙන යාම යනාදී දේ නම් පරිනත ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැහැ. එහෙම හිතනවානම් , අපිට හිතෙන්නේ තමනුත් අට පාස් නැතිව පාර්ලිමේන්තු ඇවිල්ල කියලා.

:       101       821

Raveendra Tuesday, 12 June 2018 09:19 AM

අනේ අපේ කට....පරිනත ප්‍රජාතන්ත්‍රවාදය හොදට තේරෙන ගොයියා....

:       22       306

sirimal Tuesday, 12 June 2018 09:26 AM

රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හෝ තේරුනත් ගණන්ගන්නේ නැති "පරිණත ප්‍රජාතන්ත්‍රවාදය" දෙන්න ගිහින් තමා දැන් සේරම කට්ටිය මකබැවිලා කර කියා ගන්න දෙයක් නැතුව කළුවරේ අතපතගාමින් කල යුත්තේ මොකද්ද කියල හොය හොයා නන්නස්තාර වෙලා ඉන්නේ. මේ "කොන්දක් නැති" පාලනයට වැඩිය " අතේ නිතිය" යොදාගෙන හරි හොරකම් කලත් ඇඟට දැනෙන්න, ඇහැට පෙනෙන්න රටේ අස්සක් මුල්ලක් නෑර උජාරුව පෙන්නමින් කසි කබල් හින්දි චිත්‍රපටයක් නරඹන වෙලාවේ වගේ මහජනතාව ඇස්බැන්දුම් සිහින ලෝකයක රජකරවන ලද පරණ ආණ්ඩුව කොච්චර හොඳද" කියන තැනට ඡන්දදායකයාගේ ඉහ මොළ සුද්ධවී ඇති අපුරුව තේරුම්ගෙන වැඩ කලොත් මහජනයාට නොතේරෙන ඔය කට කයිවාරුවට වැඩිය ඇඟට ගුණ වෙන්නට පුළුවන.........

:       39       183

Banda-Kandy Tuesday, 12 June 2018 09:27 AM

ජනාධිපති අගමැතිට ප්‍රසිද්ධියේ බනින එක / වැරදි කියන එක " පරිනත දේශපාලනේ" නොවෙයි ආයතනයක් උනාම ඉන්න ඉහළම නිලධාරීන් දෙන්න එකතුවෙන්, සාකච්ඡා කරලා වේද කරන්න ඕනේ වේදේ කලාම "මම දන්නේ නැහැ, දෙනන් හිටියේ නැහැ" කියන්න අයිතියක් නැහැ නායකයෙක්ට......... ආණ්ඩුවට බනින්නේ ඕක නිසා විතරක් නෙමෙයි හොරු අල්ලලා යහපත් පාලනයක් ගෙන්නි මිනිස්සු ඡන්දේ දුන්නේ ගිය ආණ්ඩුවේ හොරුත් තම නිදැල්ලේ මේ ආණ්ඩුවේත් හොරු පිරිලා , එකයි ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාව.

:       1       117

කිං දාවිත් Tuesday, 12 June 2018 09:29 AM

පරිණත?

:       1       93

Thilina Tuesday, 12 June 2018 09:39 AM

ඔයාට ඩිජිටල් තේරෙන්නේ නැහැ.. අගමැතිට බදු අඩු කරන්න තේරෙන්නේ නැහැ..ජනධිපතිට මොකුත්ම තේරෙන්නේ නැහැ. අපිට මහජනතාව විදිහට වැඩක් කොරගන්න පුළුවන් කෙනෙක් ඔතනට යවන්න තේරෙන්නේ නැහැ.

:       1       244

kalani Tuesday, 12 June 2018 09:44 AM

ග්‍රීසියේ ඇතන්ස් නගරයේ 'පරිණත දේශපාලනය ' ගැන මම නැවත කියවමි. එය අවසන් කල විගස පරිණත ලංකා දේශපාලනය ගැන ලියමි.

:       24       42

rama Tuesday, 12 June 2018 09:44 AM

රුපියල් දහයේ කාසියක් කටට දාන්න හිතෙනවා කියපු මසුරන් කියමනට.

:       29       75

faizer Tuesday, 12 June 2018 09:47 AM

ඇමතිතුමා කවද ඉදන්ද සින්දු කියන්න පටන් ගත්තේ. දයාසිරි මන්ත්‍රී තුමා "ට්‍රේනින්" පාරක් වත් දුන්නද?

:       0       125

Rasi Tuesday, 12 June 2018 09:49 AM

පරිනත ප්‍රජාතන්ත්‍රවාදය යනු අම්බරුවන් රැලක් කුඹුරක හාන අයුරු උන්ව දක්කන උන්ට කියා දීම වේ.

:       0       154

jayantha Tuesday, 12 June 2018 09:50 AM

කොහොමත් ඔය අට පාස් ගොබ්බසේනලට තේරෙන පරිනත දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත. මෙයාගේ පරිනත බව දැන ගන්න පුළුවන් මෙයා පසුගිය කාලය තුල කරපු ප්‍රකාශ ටික හරියට විශ්ලේෂණය කරානම්.

:       0       125

සේනක Tuesday, 12 June 2018 10:01 AM

එතකොට දැන් තමුන්නාන්සේලා බලයේ හිටිය කියල පරිණත ප්‍රජාතන්තවාදය තියෙනවාද? අනේ නිකන් ඉන්න ඇමතිතුමා රටේ ජනතාව තමුන්නාන්සේලාට බලය දුන්නේ,පින්පඩි අරගෙන බයිලා කිය කියා ඉන්න නෙමෙයි.අද රටේ සංවර්ධනය හැම අතින්ම විනාශ වෙලා.ඉස්සෙල්ලා රට ජාතිය ගැන හිතලා වැඩක් කරලා පෙන්නලා ඉන්න. නමුත් තමුන්නාන්සේලා කතා කරන්නේ අහසින් එහා දෙවල් කරන්න. ඇමැතිතුමා හිතන්න එපා රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මොඩයෝ කියලා .

:       0       124

Missaka Tuesday, 12 June 2018 10:37 AM

පරිනත දේශපාලනය යනු; 1. බොරුකීම 2. හොරකම අහුවෙන විදිහට කිරීම 3. හිටපු ආණ්ඩුවට බැනීම 4. හැකි තරම් බදු ගැසීම 5. රටේ සම්පත් හිටු තියල විකිණීම 6. සංවර්ධනය ගැන (වැඩ නොකර) නිතරම කතා කිරීම. 7. අපේ රට පිට රටවලට පාවාදීම. 8. පත්තරෙන් නිවුස් දන ගැනීම. 9. කරපු වැරදි අමතකයි හෝ දන්නේ නැහැ කීම. තව විස්තරකල හැකිය. හෝඩියේ ළමයින්ට රචනාවකට නම් හොද මාතෘකාවක් මේක...

:       0       139

රවින් Tuesday, 12 June 2018 10:50 AM

ලංකාවේ පරිනත දේශපාලනය යනු වැඩියෙන් හොරකම, දුෂණය,මැරකම, කරන එකද?

:       1       68

Kamal Tuesday, 12 June 2018 10:56 AM

ගෝඨා මහතා ජනපති වූ පසු පරිනත ප්‍රජාතන්ත්‍රවාදය අපට තේරේවි.

:       9       312

Hafeel Tuesday, 12 June 2018 11:06 AM

යහපාලන රජය ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතියනං, ඕක උතුරේ විග්නේශ්වරන්, සිවාජිලින්ගම්ලාට බල පාන්න නැද්ද?

:       0       158

nuwan Tuesday, 12 June 2018 12:05 PM

පරිණත හින්දා වෙන්න ඇති අර බැලුන් එක උඩ නොගියේ!

:       0       0

d.nirosh rodrigo Tuesday, 12 June 2018 12:32 PM

ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය අපි වගේ 3 ලෝකයේ රටවලට හරියන්නේ නහැ. අපි හැමදාමත් එකතැනමයි.

:       0       0

upali Tuesday, 12 June 2018 03:43 PM

හොඳ ඩෝග් ට්‍රේනර් කෙනෙක්. පසුගිය මැතිවරණේ වේදිකාවල කෑ ගැහුවා..

:       0       0

Chanak Los angeles Tuesday, 12 June 2018 07:49 PM

මෙතුවක් කල් දේශපාලකයා ජනතාවට බේගල් කියමින් රවටමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගත්තා තවමත් එම දෙයම කරන්න මහන්සි ගනිමින් ඉන්නවා නමුත් දැන් ජනතාව බුද්ධිමත් ඊට රැවටෙන්නේ නැහැ. දැන් වෙලා තිබෙන දෙය හොඳයි දේශපාලකයා චෝදනා කරගැනීම. මමනම් එයට සතුටුයි මන්ද එවිට මොවුන්ගේ සැඟවුණු හොරකම් දුෂණයන් එලියට එන නිසා.

:       0       0

Don Wednesday, 13 June 2018 12:43 AM

බැලුමක් වත් හරියට උඩ ඇරගන්න බැරි කෙනෙකුට, ඔය කියන දේ තේරුම් ගන්න පුලුවන්ද? මේවා ඔක්කොම වැදි බණ...

:       0       0

prakaash Wednesday, 13 June 2018 04:51 AM

දෝරේ ගලා යන ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලී නාගන්නා ඒ.ජා.ප. ය ගැන කවර කතාද? ඔබලාගේ ක්‍රියාදාමය කෙතරම් අශිස්ටද එ්නිසාම අද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමකටදැයි ප්‍රශ්නයක් මතු වී ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 92 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 167 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 413 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 585 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 237 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 490 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site