IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අධිකරණය දැන් ස්වාධීන නිසා විදෙස් විනිසුරුවරුන් ඕන නෑ‘ ­ - විදේශ ඇමති

(හර්ෂණ තුෂාර සිල්වා)

වත්මන් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීන බව ස්ථාපිත කර ඇති බැවින් මෙරට සිදු වූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලියට විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) පැවැසීය.

තිස් වසරක සිවිල් යුද්ධය සමයේදී මෙරට සිදූ වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තරය විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව ඉල්ලා සිටින්නේ පසුගිය ආණ්ඩුව සමයේදී මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම නිසා යැයි ද අමාත්‍යවරයා එහිදි කීවේය. 
අපක්ෂපාතී විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පවසා ඇතැයි කියමින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය. 
“ජාත්‍යන්තරය විදෙස් විනිසුරුවරුන් ඉල්ලන්නේ අප අධිකරණය ගැන විශ්වාසය නැති කම නිසයි. අපේ අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියලා ජාත්‍යන්තරයට විශ්වාසයක් නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතාගේ වසර දහයක පාලන කාලයේදී අධිකරණයට කළ ඇඟිලි ගැසීම්, අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් කරගැනීම, අගවිනිසුරුවරිය එක රැයකින් ඉවත් කිරීම, නීතිපතිවරයා ජනාධිපතිවරයා යටතට ගැනීම ආදි සිදුවීම් නිසා ජාත්‍යන්තරය එලෙස විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව කියනවා.‘‘ යයිද විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (8)

‘අධිකරණය දැන් ස්වාධීන නිසා විදෙස් විනිසුරුවරුන් ඕන නෑ‘ ­ - විදේශ ඇමති

සෙනෙවි Tuesday, 28 March 2017 04:20 PM

අධිකරණයේ ස්වාධීන බව ස්ථාපිත කර ඇති බව ෂුවර් ද ?

:       0       114

siri Tuesday, 28 March 2017 08:40 PM

අධිකරණයේ ස්වාදීනත්වය ගැන කතා කරන්න මෙය කවුද?මහින්දගේ කලේ අරක වුන මේක වුන කියා කියා විරුද්ද වාදීන් දඩයම් කරමින් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.ජාතිය පාවාදෙන මේ වගේ අයට ජනතාව නිසි පිළිතුරු දෙයි ලගදීම.

:       0       77

Ranjan Wednesday, 29 March 2017 12:21 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී එකක් කියනවා මෙහෙ එකක් කියනවා. මෙයා හිතනවා සිංහලයෝ මෝඩයෝ කියල.

:       0       47

sisira Wednesday, 29 March 2017 12:47 AM

මොංගල් !!!!

:       0       5

gihan pieris Wednesday, 29 March 2017 01:24 AM

අධිකරණය ස්වාධීනයි කියන්නේ බටහිර රටවල් වලට ඕනේ විදියට තීන්දු තීරණ දෙන තත්ත්වය නේ. ඒක නම් දැන් ඕනේවටත් වඩා තියෙනව.

:       0       2

keerthi Wednesday, 29 March 2017 01:44 AM

Genewa ගිහින් එකක් කියනවා රටේ මිනිස්සුන්ට තව එකක් කියනවා. ලජ්ජා නැති, කොන්දක් නැති මිනිහෙක් .

:       0       0

munasinha Wednesday, 29 March 2017 01:45 AM

ස්වාදීන කියන එකේ තේරුම මොකද්ද දන්නේ නැහැ?

:       0       0

thilina Wednesday, 29 March 2017 05:32 AM

අධිකරණය ස්වාධිනයි කියන්නේ තරුණයෙක් පහරගත්තු මන්ත්‍රීතුමියට පැය බාගෙන් ඇප ලැබෙනකොට විරුද්දවදීන්ට ඇපවත් නැතුව කූඩු කරන එකට මම හිතන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 93 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 173 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 424 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 593 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 240 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 494 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site