IMG-LOGO

සරල ඇඳුම් පැලඳුම්

 

ලස්සනට ඉන්න හැමකෙනෙක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඇතැමුන් නොකරන දෙයක් නෑ. ඒවගේම ලස්සන වෙනුවෙන් බොහෝ වියපැහැදම් කර ප්‍රතිඵල නොලබන පිරිස බොහොමයි. අපි මෙම ලිපියෙන් ඔබට කියන්නට යන්නේ ආලේපන භාවිත කර සුන්දරත්වය ලබා ගැනීම පිළිබඳව නම් නොවෙයි. උදා වූ 2020 නව වසරේ ඔබේ සිතුවිලි සමග ඔබේ හැසිරීමේ සහ ක්‍රියාකාරකම්වල ඇති කර ගත යුතු වෙනස්කම් පිළිබඳවයි. 

 

හිත පිරිසුදු නැතිනම් ආලේපනවලින් වැඩක් නෑ
ආලේපන ගැල්වීමෙන් අපට ලැබෙන්නේ තාවකාලික ලස්සනක් පමණයි. මේ නිසා අප සැමවිටම ලස්සන කරගත යුත්තේ සිතයි. සිත පිරිසුදු වූ විට ශරීරය පැහැපත් වෙනවා. එසේම අන් අය ඔබව ප්‍රිය කරන්නට පෙලඹෙයි. උදා වූ 2020 වසරේ අනුන්ට ප්‍රිය වන ලෙස ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරන්න, කරුණාව, මෛත්‍රිය වඩන්න, ඔබට දැනේවි වසර ආරම්භයේදීම නැවුම් හැඟීමක්.

 


අඳින පිළිවෙළට පොඩි වෙනසක්
හැමදාමත් එකම කොණ්ඩා මෝස්තරය එකම විලාසිතාවේ ඇඳුම් ඇන්දා නම් මේ වසරේ ඒ ක්‍රමවේදයේ පොඩි වෙනසක් ඇති කරගන්න. යම් වෙනසක් ඔබේ පෞරුෂයට හෝ තත්ත්වයට කිසිදු බාධාවක් නොවීමට වගබලා ගැනීම ඔබේ වගකීමක් බවත් සිහිපත් කළ යුතුයි. වර්තමානයේ බොහෝදෙනෙක් සරල චාම් විලාසිතාවලට නැඹුරුවීමක් දක්නට ලැබෙනවා. මේ ප්‍රවණතාව අනුව ඔබත් සරල චාම් විලාසිතාවලට යොමුවෙන්න. 2020 නව වසරේ ඔබට මෙය නැවුම් අත්දැකීමක් වේවි.

 


මනාලියක් වෙන්නද සූදානම?
විවාහ මංගල්‍යයක් අද තියෙන අර්ථික රටාව  එක්ක බොහොම වියදම් අධික කටයුත්තක්. කොතරම් වියදම් අධික වුණත් හැම කෙනෙක්ම අතේ හැටියට නොව හිතේ හැටියට මේ වෙනුවෙන් වියදම් කරන්න මැළි වෙන්නෙ නෑ. ඉදිරියේ ණය ගොන්නක් මත ගෙවා දමන අමිහිරි ජීවිතය ගැන බොහෝදෙනෙක් අත්දැකීම් ලබන්නේ විවාහයෙන් පස්සේ. ඔබත් මේ තත්ත්වයට පත් නොවී සරල විවාහ මංගල උත්සවයක් සැලසුම් කරන්න යැයි නව වසරේ අපි යෝජනා කරනවා. එවිට උදා වූ වසර මෙන්ම පසුව උදාවන වසරෙත් ඔබේ සිතෙහි සතුට රැඳේවි.

 


ඔබ ගෘහිණියක් නම් 
නිවෙසේ සිරිකත ගෘහිණියයි. පවුලේ සෑම කටයුත්තකදීම පෙරමුණ ගන්නේ ඇයයි. මේ නිසාම පවුලේ සියලු කටයුතු හොඳින් සැලසුම් කිරීම ඇගේ වගකීමක්. පවුලේ ආදායම් වියදම් කළමනාකරණය කිරීම, නිවසට අවශ්‍ය ඉඩු බාහිරාදිය මිල දී ගැනීම, පවුලේ අරමුණු අපේක්ෂා පෙළගැස්වීම ආදී සෑම කටයුත්තක්ම ගොඩ නැගෙන්නේ ඇගේ මැදිහත් වීමෙන්. මේ නිසා 2020 වසරේ පවුලේ සතුට වෙනුවෙන් සැලසුම් සකස් කරන්න. ඒ අනුව සාර්ථකව පවුල මෙහෙය වන්න. පවුලේ සාමාජිකයන් සතුටින් තබන්නට ගත හැකි හැම පියවරක්ම ගන්න. ඔබට දැනේවි සතුටක් බොහෝ නිවී සැනසුන.

 


ඔබ තරුණියක් නම්
තාරුණ්‍යය ජීවිතේ තීරණාත්මකම අවදියයි. මේ අවදියේ දී ගනු ලබන තීරණ මුළු ජීවිතයටම බලපෑම් කරයි. මේ නිසා ඔබ බොහොම බුද්ධියෙන් සිතා තීරණ ගත යුතු කාලයක් ලෙස තාරුණ්‍යය හැඳින්විය හැකියි. මේ කාලයේ දී ඔබ සුන්දරව ඇඳ පැලඳිය යුතුයි. කාගෙත් සිත් ඇඳ බැඳගන්නා ලෙස සිටිය යුතුයි. එහෙත් ඔබ කරන විලාසිතා කිසිවෙකුගේ උසුළු විසුළුවලට ලක් නොවීමට වග බලා ගැනීම වැදගත්. ගැහැනු දරුවෙකුගේ සුන්දරත්වය ඇත්තේ චාම් බව තුළයි. ඇයගේ සුන්දරත්වය ඔප් නැංවෙන්නේ ඇය සරල වන තරමටයි. මේ නිසා හැකි හැමවිටම ඔබ ඔබම වෙන්න උත්සාහ ගන්න. සරල සහ චාම්වෙන්න. 2020 වසරේ ඔබට බොහෝ දේ මේ තුළින් ලැබේවි.

 


ඔබ පාසල් සිසුවියක් නම්
තාරුණ්‍යය වගේම ජීවිතේ වැදගත්ම අවදියක් තමයි පාසල් සමය කියන්නෙ. මේ කාලයේ ඇය තටු දිගහැරපු කිරිල්ලියක්. ඇය බොහොම සුන්දරයි. එහෙත් ඇගේ මේ සුන්දරත්වය සමාජය වැලඳ ගන්නේ ඇගේ ක්‍රියාකාරකම් සමගයි. මේ නිසාම මේ වයස පහුකර යන දියණියන් විශේෂයෙන් බොහොම සංවරශීලීව සිය ඇඳුම් පැලඳුම් තෝරා ගැනීම වැදගත්. ඇයට ලෙගීන්ස් වැනි ඇඳුම් සුදුසු නැහැ. ලෙගින් අඳිනවා නම් දිග බ්ලවුසයකින් සැරසිය හැකියි. ඒ වගේම ඉඟටිය පෙනෙන කෙටි බ්ලවුස් ඇඳීමෙන් ඇගේ ස්වභාවික සුන්දරත්වයට සිදුවන්නේ විශාල හානියක්. තම සිරුරේ ස්වභාවයට අනුව සුදුසු ඇඳුම් තෝරාදීම මවුපියන්ගේ වගකීමක් බව මෙහිදී සිහිපත් කළ යුතුයි. හිසකෙස් විලාසිතාවලදී ද සිය අනන්‍යතාවට සුදුසු දේ කරන්නට බුද්ධිමත් විය යුතුයි.


උදා වූ 2020 වසරේ ඔබට හැකි නම් මෙලෙස ඔබේ සිතුවිලි සහ ක්‍රියාකාරකම් වෙනස් කර ගන්නට එය අනාගතයට ආභරණයක් වේවි. හැකි හැමවිටම ස්වාභාවික සුන්දරත්වයට ඉඩ ලබා දෙන්න. කෘත්‍රිම මේක් අප්, කොණ්ඩ විලාසිතා, ඇඳුම් විලාසිතාවලින් ලැබෙන සුන්දරත්වය පවතින්නේ කෙටි කාලයකට පමණි. එහෙත් ඔබේ ස්වභාවික පෙනුම ඔබට දිර්ඝකාලීනව උරුම වන සම්පතකි. මේ නිසා දකින දේ සිතෙන දේ නොව බුද්ධියට දැනෙන දේ සමග 2020 වසර අරඹන්න. රැල්ලට එන දේ වැලඳ නොගන්න. මෙවැනි සරල ජීවිතයකට හුරුවීමෙන් ඔබ සුන්දර යුවතියක්, තරුණියක්, බිරිඳක්, මවක් වන්නේ ඉබේමයි. 

 

සටහන - සසිනි රණසිංහ

 



අදහස් (0)

සරල ඇඳුම් පැලඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site