
අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය මේ වනවිට හමුවී ඇත.
අනතුර සිදුවෙද්දී යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය ද ඇතුළු 67 දෙනකු ගමනස් කරමින් සිට ඇත. අනතුරින් මියගියේ 38 දෙනකු පමණි. දිවි ගලවා ගත් පිරිස අතර කුඩා දරුවෝ ද වෙති. අනතුර සිදුවුණු අවස්ථාවේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානයේ සිටි සියලුම දෙනා අනතුරින් මියගිය බවය.
යානය කඩා වැටුණේ කසක්ස්තානයේ අක්ටාවු ගුවන් තොටුපොළට නුදුරිනි. එම අවස්ථාවේදී යානය හදිසි ගොඩබෑමක් කිරිමට නියමුවන් උත්සහ කළ බව පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd