චිරන්තන සාහිත්‍යධරයන් ගැන කියවෙන පුරාජේරුවක් නම් ඔවුන් මියැදුනත් සදාකාලිකවම ජීවත් වන බවය. ඒ විශ්වාසයට අනුව සිදුවන්නේ අන් කිසිවක් නොව, කතුවරයාගේ ආධිපත්‍යය තවමත් පාඨක කියැවීම් ලෝකය තුළ මියෑදී නොතිබීමය. මාර්ටින් වික්‍රමසිංහ ගැන කියනවා නම් ඔහුගේ විරාගය පිළිබඳ කියවීම් සිය ගණනක් ඇත.එහෙත් ඒ බොහෝ කියවීම් කතුවරයාගේ ආධිපත්‍යය ඉදිරියේ හැකිලී ගිය අවස්ථා බව මම අවධාරණය කරමි.
උදාහරණයක් ලෙස තිස්ස අබේසේකර මහතා මීට බොහෝ කලකට පෙර විරාගය චිත්‍රපටය රූපවාහිනියෙන් විකාශය කිරීමට මොහොතකට කලින් එබඳු කියැවීමක යෙදුණ සැටි මම සිහිපත් කරමි. ඔහු කියා සිටියේ අරවින්ද යනු සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් නිර්මාණය කළ චරිතයක් බවය. ඔහුගේ අපිස් ලක්ෂණ බෞද්ධ සංස්කෘතිය විසින් සකස් කරන ලද කිසිවකි. (තිස්ස භාවිත කළ වචන ඒවාම නොවෙතත් ඔහු ප්‍රකාශ කළේ එවැනි අදහසකි.)මේ කියැවීම කතුවරයාගේ ආධිපත්‍යය ඉක්මවූවක් නොවේ. එබැවින් වික්‍රමසිංහ ශාරීරිකව මිය ගොස් බොහෝ කල් ගතව තිබුණත් තිස්ස අබේසේකරගේ කියැවීම් ලෝකය තුළ තවමත් සංකේතීයව ජීවමාන විය.
වික්‍රමසිංහට අනුව අරවින්ද වූකලී ගැමි සංස්කෘතිය හා පරිසරය විසින් හික්මවනු ලැබූ අපිස් ජීවිතයට පුරුදු වූවෙකි. තිස්ස අබේසේකර මහතා ඇතුළු බොහෝ දෙනෙක් කතුවරයාගේ මෙම මතයම පුනරුච්ඡාරණය කරමින් විරාගය නවකතාව පිළිබඳ වෙනත් කියැවීමකට යාමට මැලි වූහ. මේ නිසා විරාගය කතුවරයා ශාරීරිකව මියැදුනත් පාඨක කියැවීම් ලෝකය තුළ සංකේතීයව මියගොස් නැත. අද වුවද විරාගය පිළිබඳ සියලු කියැවීම් විසින් කතුවරයාගේ ආධිපත්‍යය පිළිගනු ලබයි. මේ නිසා ඔවුහු විරාගයෙන් පසු සිංහල නවකතාවේ ගමන් මග ඇණහිට තිබේ යයි කීමට තරම් සාහසික වෙති.
අප නැගිය යුතු ප්‍රශ්නය නම් අරවින්ද, සරෝජිනී සමග හිතුවක්කාර විවාහයකට නොඇලුනේත් තමා දෙවනුව ආදරය කළ ගැහැනිය වූ බතී ජිනදාසට විවාහ කර දෙන්නේත් සිංහල බෞද්ධ ගැමි සංස්කෘතිය විසින් සකස් කරන ලද චරිත ලක්ෂණ විදහා දක්වමින් ද යන්නය. එහෙත් මේසිංහල බෞද්ධ ගමේම සිටි සරෝජිනී, බතී, සිරිදාස, මේනකා, ජිනදාස වැනි අය අරවින්ද මෙන් අපිස් පැවැත්මක් ඇති චරිත නොවුණේ කුමක් නිසාද? මෙතෙක් විරාගය පිළිබඳ කියවූ කිසිම කියැවීමකින් එම ප්‍රශ්නයට පිළිතුරක් සපයා නැත.අරවින්ද පරාජිත චරිතයක් හෝ නිෂ්ක්‍රීය චරිතයකැයි ලේබල් ඇලවූවන්ගේ කියැවීම් තුළ හෝ එයට පිළිතුරු ලැබී නැත.
ඇත්තටම නම් අරවින්ද ,සරෝජිනී, බතී,සිරිදාස , ජිනදාස සහ මේනකා තේරුම් ගැනීමේ එකම නිර්ණායකය සිංහල බෞද්ධ ගැමි සංස්කෘ තිය නොව එම චරිත සහ සංකේත ලෝකය අතර සබඳතාවයි. සිංහල බෞද්ධකම අදේශපාලනික වන නමුත් සංකේත ලෝකය දෙශපාලනික වේ. දරුවා සංකේත රෙජිස්තරය (symbolic register) වෙත යොමු කරනු ලබන්නේ පියා විසිනි. අරවින්දගේ පියා සිරිදාසගේ පියා අතර වෙනස්කම් ගවේෂණය කරන්න. එවිට අරවින්දගේ චරිතය ගොඩ නැගුන පිළිවෙළ පිළිබඳ දළ අදහසක් අපට මතු කරගත හැකි වනු ඇත.
මෙම ලිවීම මම අරවින්දගේ චරිතයේ මනෝ විශ්ලේෂණීය පැතිකඩක් පමණක් සපයා ගැනීම පිණිස වැය කරමි. එවිට අරවින්ද තම ජීවිතය තුළ විදහා පෑ සක්‍රීය බව සේම නිෂ්ක්‍රීය බවද රෝග ලක්ෂණ ලෙස අප වටහා ගත යුතුය. කතුවර ආධිපත්‍ය ඉදිරියේ හැකිලී ගිය විචාරකයන් විසින් හඳුනා ගන්නා අරවින්දගේ අපිස් බවද රෝග ලක්ෂණයකි. සංකේත ලෝකය ප්‍රතික්ෂේප කළ හෝ සංකේත ලෝකයට ඇතුළු වීමට නොහැකි වූවකුගේ චරිත ලක්ෂණ අරවින්ද වෙතින් පළ වෙයි. රහසේ පැන ගොස් නව ජීවිතයක් ඇරඹීමට සරෝජිනී කරන යෝජනාව ඉදිරියේ අරවින්ද හැකිලී යාම ඔහුගේ අපිස් චරිත ලක්ෂණයක් නොව සංකේත ලෝකයට (සංස්කෘතියට) ඇතුළු වීමට නොහැකිවීම ලෙස හඳුනා ගත හැකිය. එහෙත් නවකතාවේ කතා වින්‍යාසය (plot) සහ මෙම කරුණ අතර තාර්කික සම්බන්ධය ගිලිහී යාම අපගේ වරදක් නොවේ.ඒ වූකලී වික්‍රමසිංහ මහතා අදහා ගෙන සිටි සෞන්දර්ය රීතීන් (යථාර්ථවාදය) හි අවුල් සහගත බව විසින් ඇති කරනු ලැබූ අතාර්කික බවකි.
අරවින්දගේ ලිංගික ජීවිතය පිළිබඳ විචාරකයන් ගොඩනගා ඇත්තේ ෆැන්ටසියකි. ඔහු ලිංගික ආශාවෙහි නොඇලුන, ගැහැනුන්ට ඇලුම් කරන නමුත් දුරින් සිට ඔවුනට ආලය කරන්නකු ලෙස විස්තර වේ. එහෙත් ඔහු ආලය කළ ගැහැනුන් දෙදෙනා සම්බන්ධයෙන්ම ඔහු ක්‍රියා කර ඇත්තේ ග්‍රස්තියකින්(obsessional) පෙළුණකු පරිද්දෙනි. පේරාදෙණි යුගයේ සිටි සමහර විචාරකයෙක් අරවින්ද නිෂ්ක්‍රීය චරිතයක් ලෙස ලේබල් කරණු ලැබුවේ ඔහුගේ නියුරෝසියානු ග්‍රස්තික ලක්ෂණ අවිඥානිකව වටහා ගනිමිනි.මෙබඳු තැනැත්තකු ජීවත්වන මළ කඳක් මෙන් සියල්ල කෙරේ නිෂ්ක්‍රීය වේ. තවත් මනුෂ්‍ය ප්‍රාණියකු සමග කිසිදු තීරණාත්මක් අරගලයක යෙදීම ඔහු මග හරී. බොහෝ මිනිසුන් තමන් ආදරය කරන ගැහැනිය තම මිතුරා වෙත තල්ලු කිරීම වටහා ගත යුත්තේ එපරිදිය. අරවින්ද තමාගේ පළමු පෙම්වතිය වූ සරෝජිනී සිරිදාසට දිනා ගැනීමට ඉඩදී නිෂ්ක්‍රීය විය. අනතුරුව ඔහු බතී පිළිබඳ ක්‍රියා කළේ කෙසේද? ඔහු බතීව ජිනදාසට පාවා දුන්නේය.
අරවින්දගේ ජීවිතය තුළ අපට එකිනෙකට පරස්පර පරමාදර්ශ දෙකක් අතර ගැටුමක් හඳුනා ගත හැකිය. එනම් පියාගේ පරමාදර්ශය සහ මවගේ පරමාදර්ශය අතර වෙනසයි. සරෝජිනී සොයන්නේ තමාගේ පියාගේ පරමාදර්ශය තුළ ෆැන්ටසිකරණය කළ අරවින්ද කෙනෙකි. එහෙත් ඇයට හමුවන්නේ තම මවගේ පරමාදර්ශයට අනුගත අරවින්දය. පියා ශක්තිය නියෝජනය කරන අතර මව නියෝජනය කරන්නේ දුර්වලතාවයි. ඔවුන්ගේ ප්‍රේමය බිඳ වැටෙන්නේ එම පරතරය දරා ගත නොහැකි වීමෙනි.
අරවින්ද ගැහැනුන් ප්‍රතික්ෂේප කිරීමෙන් හුදෙකලා වූවකු (loner) පිළිබඳ ජනප්‍රිය ප්‍රතිරූපය විදහා දක්වයි. එහෙත් හුදෙකලා වූවකු යනු තමාගේ මවට ඇති දැඩි සබඳතාව නිසා ගැහැනුන් අවශ්‍ය නැතැයි කියන්නෙකි. අරවින්ද තම මවට අසීමිතව බැඳී සිටි බවට කරුණු විරාගය වියමන තුළ සොයා ගැනීමට නොහැකි වීම එහි කතුවරයාගේ සෞන්දර්යාත්මක පටලැවිල්ලක් ලෙස ගතයුතුය. හුදෙකලාව නිවෙසක වසන්නට යන අරවින්දට මව කැඳවා ගැනීමට අමතක වීම පිළිගත නොහැකි සිදුවීමකි.මක්නිසාද යත් අරවින්දගේ නිෂ්ක්‍රීය පැවැත්ම ඔහු මවගේ ශරීරයෙන්(යථාවෙන්) වෙන්වී සංකේත විශ්වයට ඇතුළු වීමට දැක්වූ ප්‍රමාදය ප්‍රදර්ශනය කරන බැවිනි.
විරාගය පිළිබඳ මෙබඳු නැවුම් කියැවීමකින් මෙතෙක් ඒ මත වැටී තිබූ සිංහල බෞද්ධ ගැමි සංස්කෘතියේ සෙවණැල්ල සේදී යයි.
අරවින්ද හෝ සිරිදාස හෝ සරා හෝ බතී හෝ මේනකා හෝ ජිනදාස හෝ අප හඳුනා ගත යුත්තේ තිරිසන් බවින් වෙන් වූ මනුෂ්‍ය ප්‍රාණීන් ලෙස මිස සිංහල බෞද්ධ ගැමියන් ලෙස නොවේ.එහිදී අපට ඔවුන් අතර දෙවෙන්දොරා සං ද හමුවෙතොත් පුදුම නොවන්න.
එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය.
සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දෙවෙන්දොරා සං ට අරවින්ද හමුවීම