IMG-LOGO

හංසරාණී ආදරේ

 

 

 

ශ්‍රී නිහාල් ජයසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ස්වරාලංකාරයෙන් ද මනරම් වූ මෙි ගීමිණ ශෘංගාරරස දනවයි.

අප වසන සමාජයේ බොහෝ පෙම් බැඳුම් විවාහ බැඳුමින් අවසන් නොවෙි.ජරපත් ධනේශ්වර සමාජයේ ජාති,කුල,පන්ති භේද, ආර්ථික සතුරෝ සියලු පෙම් බැඳුම් සුනුවිසුනු කරති.මෙනයින් යටකී පෙම් බැඳුම්  තථ්‍ය ප්‍රේමයේ සැබෑ පදනම වන කායසංසර්ග රාගය මත ගොඩනැගෙන ඒවා ද නොවෙි.

මෙි සියලු බැඳුම් දලුලා වැඩෙන්නේ සංකේතීය ප්‍රාග්ධනයට ලෝලයෙනි.මෙනයින් බලන කල අප වසන සමාජයේ තථ්‍ය ප්‍රේමය කියා දෙයක් ඇත්තේ ම නැතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.එහෙත් විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර මිනිස් සන්තානයේ හට ගන්නා ප්‍රේමය පරමරමණීය නොවෙිද?ධනබලය කඩා වැදී මානවබන්ධුත්වය කුඩුපට්ටම් කරනතුරු ආදරවන්තයන්ට ප්‍රේමය චමත්කාරය පිරි සොඳුරු විජිතයකි.ආරම්භයේදී මෙන් ම විකාසනයේදී ද ප්‍රහර්ෂයෙන් පිරිණු රස මංජරීයකි.පෙම් කුසුම සුපුෂ්පිත කරගැනීමට ⁣උනුන් එකිනෙකා කෙතෙරම් වෙහෙස මහහන්සි විය යුතුද?  අවසානයේ  පොහොර,ජලය යොදා උස්මහත් කළ ප්‍රේම පුෂ්පය විකසිත වී දෙසිතට ම සුවඳ උද්වහනය නොකරයි ද?

තතු එසේ වූව ද සොබාදහමේ ද මානවසමාජයේ ද බලපාන චලනනියාමයට,විපරිණාමයට ප්‍රේමය ද ගෝචරය.විපරිණාමයට ගොදුරු නොවන කිසිවක් ලොව නැත.ඒවාට වෙනස් ඉරණමක් ප්‍රේමයට විතරක් ද හිමි නොවෙි. එහෙත් දෙදෙනකු අතර ප්‍රේමය ඉපදී වැඩී එන කල්හි උපදින ප්‍රහර්ෂය මෙි ගීතයෙන් සුවිශද නොවෙිද?මෙි වූකලි සම්භෝග ශෘංගාරය වෙනුවෙන් උනුන් එකිනෙකා කැඳවන ප්‍රේමයේ සොඳුරු සුයාමය යි.මෙි ගීතයේ පෙම්වතුන් මෙි කතා කරන්නේ එකී ප්‍රේමයේ පරමරමණීය සුඛාස්වාදනීය නිමෙිෂය පිළිබඳ නොවෙිද?

 

පි:

හංසරාණී ආදරේ 
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ 
මගේ සිත උදුරා ගනූ

ගැ:
හංසයානෙණි ආදරේ 
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ 
මගේ සිත උදුරා

 

මෙි කථකයා තම පෙම්වතිය දකින්නේ හංස රාජිනියක් විදියට ය.ඇය ජල කෙළියේ යෙදෙන්නේ සාමාන්‍ය විලක නොව මදාරා පරසතු විලකය.මදාරා පරසතු විල තිබෙන්නේ දිව්‍ය ලෝකයේ ය.මදාරා පරසතුමල්වල වර්ණ- ගන්ධ ගුණ සම්පත්තිය කෙතරම් විභූතිමත් ද?එපමණක් නොව ඔහු තම හංස රැජන බඳු පෙම්වතියට මීවිතේ මදිරා බීමට ද ඇරියුම් කරයි.මදිරා යනු මධු හෙවත් මී ය. මීපැණි යනු රසදිව නහර ප්‍රීතියෙන් පිනා යන ප්‍රණීත පානයකි. එය ලොව මධුරතම මිහිර ලෙස ද සැලකේ.එපමණක් නොව තම සිත උදුරා ගන්නා ලෙස ද ඔහු ඇයට ආයාචනා කරයි.මෙනයින් බලන කල දෙදෙනාම මදාරා පරසතු විලේ දිය කෙළින හංසයෝය.මෙහි කථකාව ද තම පෙම්වතාට යටකී ඇරියුම ම කරන්නීය.ඇයට ද තම ප්‍රාණසම පෙම්වතා පෙනෙන්නේ හංසයකු ලෙසය.ඔවුහු එකිනෙකා ප්‍රේමයෙන් පමණක් නොව රාගයෙන් ද කුල්මත් වී වල්මත් වී සිටිති.

 

පි:

ඉගිල්ලෙන්නට තටු සලා
පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා 
සොඳුර සිහිනය එළිවෙලා

 

ගීතයේ පළමු අන්තරා කොටසින් කියැවෙන්නේ මෙි පෙම්වතුන් යුවළ පීඩිත පන්තියේ දෙදෙනකු බව නොවෙිද?ප්‍රේමයේ දී බොහෝ ආදරවන්තයෝ සිහින මාලිගාවල ජීවත්වෙති.කාල්පනික ලෝකයේ සැරිසරති.මෙනයින් මෙි යුවළ සිහින මවන්නේ මදාරා පරසතු විල වැනි දිව්‍යලෝකයක ජීවත් වීමට නොවෙිද?ඔවුහු  මෙි මොහොතේ ශෘංගාරයෙන් මුසපත් වී ප්‍රේමයේ  පරමානන්දය වින්දනය කරති.එවිට පෙම්වතුන් දෙදෙනාටම දැනෙන්නේ අඳුරු ලොව සොඳුරු  ආලෝකයෙන් පිරී ඇති බවයි.දැන් හංස යුවළට රිසි සේ පියඹා යන්නට පියාපත් ශක්තිමත් වී ඇති බව ද කියති.ඔවුන්ට සිතෙන්නේ තමා දුටු සොඳුරු සිහිනය සැබෑ වී ඇති සෙයකි.

 

ගැ:

ආදරේ මල් පල දරයි 
දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි 
මාලිගය සිත ගිය තැනයි

 

පෙම්වතුන් දෙදෙනකුගේ ⁣ආදරය මල්ඵල ගැන්වුණු පසු උපදින ප්‍රහර්ෂය කෙතරම් දැයි කිව නොහැකිය.එබඳු නිමෙිෂයකදී ඔවුහු ලොව සියල්ල සුබවාදී මනසින් දකිති.මෙහිදී දෙදෙනා කල්පනා කරන්නේ මිල මුදල් රන් රිදී මිණිමුතු  නොව තම ප්‍රේමයේ සුඛානන්දය ගැනයි.ආදරයෙන් වෙළී සිටිනා පෙම්වතුන් දෙදෙනාට ම හැඟෙන්නේ තමන් විශ්වයේ කූටය වෙත නැඟගත් බවකි.මෙනයින් බලන කල සිත ගිය තැන මාලිගාව කියන කතාව පෙම්වතුන්ට ම ගැළපෙන්නක් නොවෙිද? තතු කෙසේ  වූව ද ස්ත්‍රී පුරුෂයන් තුළ උපදින ලිංගික ප්‍රේමය පරමරමණීය යි; සඳ එළියට සේ පාරිශුද්ධ යි; සුරම්‍ය යි.



අදහස් (0)

හංසරාණී ආදරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 8 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15418 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 520 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site