IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


වැලිතල අතරේ

ගී විනිස - 88

 

 

 

 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් හා ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ සොබාදහමෙි සොඳුරු අසිරියෙන් පමණක් නොව නිරාමිස ප්‍රේමයේ භක්ති රසයෙන් ද රසික හද මුසපත් කරයි.

බුද්ධාලම්බන ප්‍රීතිය පරයමින් සොබාදහමේ සොඳුරු අසරිය කැන්දන මෙි මහඟු ගීමිණ අව්ච්ඡින්නව ගලා යන සුභාවිත ගීතාවලියේ අග්‍රඵලය යි.මෙි වූකලි රසික හද මනස ශාන්තරසයෙන් පුබුදු කළ රමණීය ගී නිමැවුමකි.මහ බෝ වන්නම ගීතයට වස්තු විෂය වන්නේ බුද්ධත්වයේ විමුක්ති සුවය යි.බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුන් වහන්සේ නේරංජන නදී තීරයෙහි උරුවෙලාහි අජපල නුගරුක මුල වැඩ විසු සමයේ සොබාදහමින් ලද වින්දනය පළ කරනු වස් මානවසිංහයෝ මෙි ගීතය රචනා කළෝය.

සුදුවැලි තලා සිපගෙන නේරංජන නදිය සෙමෙන් ගලා බසිද්දී බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බෝධි වෘක්ෂයට පිට දී සමාධි සුවයෙන් වැඩ විසුහ.මෙි ගීමිණ සවනත වැකෙද්දී අපට සිහියට නැගෙන්නේ බුද්ධත්වය ලැබූ ඒ ගෞතමයන්ගේ අසමසම රූපකාය නොවෙිද? මෙහිදී යටකී විමුක්ති සුව වින්දනය පරිකල්පනය කොට ඊට රසික සිත් බන්ධනය කිරීමට මානවසිංහයෝ සමත්වෙති.ඔවුහු කදිම බස්වහරක් ද ඊට යොදා ගනිති.මෙනයින් මහ බෝ වන්නම වනාහි ස්වාභාව ධර්මයේ චමත්කාරයට රමණීය චිත්තරූප ඇස අලවා ආගමික ගුණ සුවඳ තැවරූ නිරාමිස සතුට ජනනය කරන්නා වූ ගීමිණකි.

 

වැලිතල අතරේ හෙමිහිට බසිනා

නේරංජන නදියේ - ගයා හිස

වැඩ සිට බුදුවුණදා

තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ

සමාධී භාවනා

 

ඉන්දියාවේ ගංගා නම් ගඟේ අතුගංගාවක් වන නේරංජන නදීය ශුද්ධ වූ ගංගාවකැයි බැතිමත්හු විශ්වාස කරති.මෙි වූකලි සිදුහත් කුමරු බුද්ධත්වය පතා ගිය ගමනේ නොමැකෙන සංධිස්ථානයකි.නේරංජන නදියේ ජල සම්පත අතිනීලවර්ණ යැයි ද එහි මනස්කාන්ත සල්උයනක් පැවැති බව ද ත්‍රිපිටකයේ පවා සඳහන් වෙයි.මෙහිදී වැලිතලා සිපගෙන හෙමිහිට බසිනා නේරංජන නදිය අසබඩ බුදුන් වහන්සේ ගයා ශීර්ෂයට පිට දී සමාධි සුවයෙන් වැඩ විසූ බව රචකයා කියයි.මානවසිංහයන් මෙහිදී මවන පාරිසරික වැනුම අතිරමණීය නොවෙිද? බුදුන්ට නේරංජන නදියේ ගයාශීර්ෂයෙහි සිටින්නට ලැබීම කෙතරම් වාසනාවක්ද? බුදුන් වහන්සේට ලැබුණු බව කියන මෙකී අත්දැකීම විඳින්නට ලෝලයක් පුහුදුන් අපට ඇතිවීම අරුමයක් ද?

 

හිම කඳුවැටියේ - සීතල හෙවණේ

චන්දන තුරු පීරා

හැපී එන - මල් මුවරද රසිනේ

සමඟ මුසු සීතල මද පවනේ

ගැටීලා පාවෙනා

 

හිමාල කන්ද,අනෝතප්තවිල සාහිත්‍ය පතපොත ඇසුරේ නිතර වහරන වදන්ය.එහෙත් මෙහිදී හිමකඳු වැටිය පිළිබඳ ගෙනෙන පාරිසරික වර්ණනය අතිශය චමත්කාරය.සඳුන් තුරු පීරා දසත හමන මඳපවන කෝමල බව ද මෙහි කියැවෙයි.සඳුන් තුරු යනු සීතල සදන සුගන්ධිත වෘක්ෂයකි.හිමකඳුවැටිය ද ස්වභාවයෙන් ම සීතලය. මෙකී සීතල සුගන්ධිත පරිසරය මල්මුවරද රසින් මුසුවීමෙන් අතිසුගන්ධිත නොවෙිද? ගීතයක් රමණීය වීමට නම් ඊට සැබෑ කවියකුගේ ගේය පද රචනාවක් පාදක විය යුතු බවට මෙි ගීමිණ ද නිදසුනකි.කිසියම් පුද්ගලයකුට තමා වෙසෙන පරිසරයේ බලපෑමෙන් ඇති වන බලවත් ශාන්ත හැඟීම් තීව්‍ර කර ධ්වනිත කිරීමට මෙි ගීතයේ රචකයා උත්සාහ කර ඇත.භක්ති රසය මුසුවූ ඒ හැඟීම් වින්දනය කරන්නා වූ අප හදවත් නිරාමිස ප්‍රේමයෙන් පෝෂණය නොවන්නේ ද?

 

සත්සර නගලා - ටික ටික සෙලවී

සිරිමා බෝ හිමිගේ මනෝහර

පලුපත් අතු රිකිලී

නටා ගිය - තාලෙහි රස දැනුණා

සරාගී ජීවනා

 

මෙහිදී ශ්‍රී මහාබෝධියෙහි දලුපත් අතු හා රිකිලි සෙමෙන් ලතාවකට සෙලවෙන හඬ

අපගේ කර්ණේද්‍රිය පීනනය කරන සත්සර නාදයක් වැන්න.මෙි වූකලි සරාගී ජීවිතයකට අත වැනීමක් නොවෙිද?මෙි දලුපත් තාලයට නටද්දී එබඳු නුරා හැඟුම් නූපදීද? එහෙත් මෙි පරිසරයේ දී බුදුහිමියෝ සමාධි සුව ලැබුවෝය.කෙලෙස්මල පාගා සිත දමනය කර ගත්තෝය.

 

සඟ මෙත් මෙහෙණී දකුණේ ශාඛා

සිරිලක ගෙන ආ දා සිටම තව

මහ මෙව්නා උයනේ

නටයි කොළ - වන්නම ලෙස මහ බෝ සූමීරී නාදෙනා

 

මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් රචකයා අප කැටුව යන්නේ අනුරපුර ජයසිරි මහබෝධිය වෙතටයි.සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමග සපැමිණි ජයසිරි මහබෝ අංකුරය මෙි ධරණී තලයේ රෝපණය කළ දා පටන් මහමෙව්නා උයනේ බෝපත් සුලලිත තා⁣ලෙන් නටන බව ද එදා නේරංජන නදී තීරයෙහි මෙන් ඒ සුමිහිරි අත්දැකීම විඳ ගත හැකි බව ද මෙයින් පැවසේ.මෙි ⁣කොළ ලෙළදෙන්නේ මහබෝ වන්නම ලෙසිනි.මෙනයින් නේරංජන නදියේ,හිමාල කන්දේ සොබා සිරිසර බිඳ විඳීමට ලොබලිය වඩනනෝ කවරහුද?ඔවුහු අමරදේවයන් ගයන මානවසිංහයන්ගේ මහ බෝ වන්නම ඉඳහිට හෝ අසන්නෝය.



අදහස් (0)

වැලිතල අතරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 502 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site