IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රුක්අත්තන මල මුදුනේ

ගී විනිස - 90 කොටස

 

 

 


 

මහින්ද අල්ගමයන්ගේ ගේය පද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ ⁣සුන්දරත්වය පමණක් නොව දරුවන් අරබයා වන වාත්සල්‍ය ද මොනවට පැහැදිලි කරයි.

දාරක ප්‍රේමය හෙවත් වාත්සල්‍යය සෑම මවුපියකුට ම ඇත.මවුපියෝ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දිව රෑ ⁣නිදි නොලබා වෙහෙසෙති.එහෙත් ඇතැම්  දරුවෝ  කරදඬු උස්මහත් වෙනකොට මවුපියන්ට කොනහති.ගෙදරිනුත් පන්නති.මහලු මඩමකට ගාල් කරති.මෙසේ බලන කල දාරක ප්‍රේමයට අද වටිනාකමක්  නැත.වත්මන් සමාජයේ බොහෝ දරුවෝ හැදු වැදු මවුපියන්ට ගරු නොකරති.⁣එහෙත්  කුඩා කල සිටම සෑම දරුවකුට ම තම මවුපියන්ගේ අගය කියා දිය යුතු නොවෙිද?එහෙත්  එය කළ හැක්කේ ද මවුපියන්ට ම පමණි.පියකුට තම දරුවන්ට මවගේ වටිනාකම පහදා දිය හැකිය.එමෙන්ම  මවට ද පියා පිළිබඳ එසේ සිතීමට දරුවන් පෙලඹවිය හැකි නොවෙිද? 

මෙි ගීපාදවලින් උද්දීපනය කෙරෙන්නේ ද යටකී මවුපිය සෙනෙහස හා වටිනාකම  පිළිබඳ  රසපරිසරය ම නොවෙිද ?මෙි වූකලි පියකු,මවක හා පුතකු අතර බැඳි අධ්‍යාත්මික ප්‍රේමයකි.
ස්වාමියා උදෑසන  රැකියාවට ගොස් නැවත ගෙදර එනතුරු නොඉවසිල්ලෙන් මගබලා සිටින බිරියක තම කුඩා පුතුට පරිසරය හා ඒකාත්මික වෙමින් පියාගේ අගය නිර්ලෝභීව වටහා දෙන්නීය.මෙහිදී රචකයා උනුන් එකිනෙකා අතර ඇති ප්‍රේමය කාව්‍යෝතියට නගන්නේ සොඳුරු සිතුවමක් මෙනි.ගෙදර ගෘහමූලිකයා පියා ය.මවගේ සෙවණේ දරුවන්ට සෙනෙහස රැකවරණය තිබුණ ද පියා නැති තැන කුටුම්බය අරාජිකය.⁣සුතනඹුවන්ට බත සරිකර දෙන්නේ ද පියා ය.එබඳු පියකුගේ අගය මෙි මව තම පුතුට වටහා දෙන අයුරු බලන්න.

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ 

වසන්ත කාලයේ රුක්අත්තන ගහේ අතු රිකිලි පුරා මල් පිපී මුළු පරිසරය ම  වර්ණවත් වෙි.එවිට රාස්සිගේ අව්ව මැදින් බඹරු ඇවිත් එක පොදියට සුන්දර මල් වටා පැදකුණු කරති.මෙහිදී කථකාව තම සිඟිති පුතු මිදුලට කැටුව ඇවිත් රුක්අත්තන ගහේ වරුණ සමග  සැඳෑ අඳුර මැදින් පියා නිවෙසට එන බව පවසන්නීය.ඇය තම පුතුට පරිසරයේ සුන්දරත්වය වටහා දෙන අතරේ පියාගේ අගය ද වනන්නීය.අද මෙන් නොව එකල සමාජයේ තම කුටුම්බය වෙනුවෙන් ⁣දිවිහිමියෙන් වෙහෙසුණු සත්පුරුෂ පියවරු   සිටියහ.මවුවරු ද සිටියෝය.එහෙත් අද සමාජයේ උනුන්ගේ වටිනාකම් අහෝසි වී ගොසිනි.දූදරුවෝ සහ වැඩිහිටියෝ එකිනෙකාගෙන් වෙන්වී උනුන්ගේ ලෝකවල ජීවත්වෙති.දරුවන්ට සොබාදහමේ ඇති වටිනාකම වටහා දිය යුත්තේ කුඩාකල සිටම ය.එසේ නොවුණහොත් ඔවුහු සතාසිවුපාවුන්ට පවා කරුණා දයාව නොදක්වති.සොබාදහම මර්දනය කිරීමට,විනාශ කිරීමට පෙලඹෙති.දරුවන්ගේ ලෝකය සෞන්දර්යයෙන් ම පිරී පවතී.මෙනයින් සොබාදහමේ සෑම අංගයක් ම දරුවන්ට සුන්දරය.සුපිරි සුදුය.එබැවින් දරුවන් ඒ හා ඒකාත්මික කිරීමට ද පහසුය.මෙි මව උත්සාහ කරනුයේ එකී රස පරිසරයේ වටිනාකම තම දරුවාට  ඒත්තු ගැන්වීමට නොවෙිද?


මුතු පිනි දැල් සැලෙන උදේ 
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා 
පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

මෙහිදී රචකයා ස්වභාවෝක්තිය පරිහරණය කොට ඇත ද එය අලංකාරෝක්තියකි.තම පියා උදෑසන ගෙදරින් පිටවන විට සවනට රහස් කියා පියමං කළ බව කීමෙන් එය මනා ලෙස නිරූපණය නොවෙිද? 
මෙි ගීතයේ රචක මහින්ද අල්ගමයෝ ප්‍රතිභාපූර්ණ කවියෙක් ද වෙති.එහෙයින් ඔවුහු ගීසපුව වර්ණවත් කිරීමට ව්‍යංග්‍යාර්ථ,උපමා රූපක පමණක් නොව රමණීය යෙදුම් ද භාවිතයට ගනිති.උදෑසන මුතුකැට මෙන් බිම වැටී තිබෙන පිනිබිඳු දිමුතු හිරු එළියට වියැකී යයි.එහෙත් පියා තම පුතුගේ සවනට පවසන්නේ කුමක් ද? ඔහු තුළ ඇති දාරක ප්‍රේමය යි.මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද?මෙහිදී මව තම පුතුට පවසන්නේ එසේ ආදරයෙන් නිවෙසින් පිටවී ගිය පියා නැවත ගෙදර එන්නේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙහෙස මහන්සි වී බවය.මෙි වූකලි කෙතරම් සෙනෙහෙබර,නැවුම්බර,උදාර සිතුවිල්ලක් ද? සෑම සැමියකු ගැනම මෙසේ සිතන බිරින්දෑවරු ලොව තවත් සිටිත් ද? එසේ සිටී නම් එබඳු නිවෙස් ගේහසිත ප්‍රේමයෙන් පිරී නොපවතී ද?

පතොක් වැටිය උඩින් ඇදී 
දිවයුරු මිය යන මොහොතේ
පුරාහඳක් සේ ඈතින් 
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

මෙි ගීතයේ කූටප්‍රාප්තිය අවසන් අන්තරා කොටස නොවෙිද? උදෑසන ම නිවෙසින් බැහැරව රැකියාවට ගිය පියා නැවත නිවෙසට එන්නේ පතොක් වැටිය උඩින් දිවයුරු මියයන මොහොතේ බව මව පවසන්නීය.මෙහිදී දිවයුරු යනු කිම? හිරු මඬලය.මෙය රමණීය කාව්‍යෝතියක් නොවෙිද?එපමණක් නොව දැන් එළැඹ ඇත්තේ සැඳෑ කාලය බව ඇඟවීමට ද රචකයා මෙි යෙදුම භාවිත කරයි.එහෙත් ඉර බැස ගිය ද ඔවුන්ගේ නිවෙසට අඳුර ගලා නොඑයි.පියා පුර්ණ චන්ද්‍රයා සේ බබළමින් ගෙට සේන්දු වෙයි.එවිට ඔවුන්ට සෙනෙහස,කරුණාව,දයාව පමණක් නොව රැකවරණ ද ලැබෙි.මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන මෙය නොවෙිද? පුරහඳ කිසිදු අඩුවක් නැතිව මුළු පරිසරය ම එකලු කරයි.එසේම  ස්වාමියා නිවෙසට පැමිණි විට ඇයගේ ද පාළුව,කාන්සිය,තනිකම ද මැකී යයි.ගේහසිත ප්‍රේමය විඳින්නෝ විවාහ ජීවිතයේ සුන්දරත්වය දකින්නෝය.ඔවුහු දරුවන්ට ද එහි ඇති වටිනාකම වටහා දෙති.මෙි ගීතයේ සංගීතයෙහි ද අපූර්වත්වයක් ඇත.ජන සංගීත නාද රටා ඔස්සේ කර්ණරසායන ස්වරාලංකාරයක් අපට ඇසේ.මෙසේ බලන කල මෙි ගීමිණ ශ්‍රවණය කරන රසිකයා තුළ ගේහසිත ප්‍රේමය පිළිබඳ ලොබලිය ම ලියලවයි.



අදහස් (0)

රුක්අත්තන මල මුදුනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 502 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site